Featured

“පොරක් වෙන්න රාජපක්ෂලාට ගහලා වරෙන්”- දුමින්ද ගැන රාජිතගෙන් පැමිණිල්ලක්

දුමින්ද දිසානායක සිය පුවත් පත් භාවිතා කරමින් තමන්ස් සම්බන්ධයෙන් ජනතාව හමුවේ වැරදි චිත්‍රයක් මැවිමට කටයුතු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න සහ පාඨළී චම්පික රණවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැමිණිල්ලක් කර තිබේ.ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් තනතුර දරමින් “සත්හඩ” පුවත්පත හරහා රාජපක්ෂලාට සහය දක්වන ඇවන්ගාඩ් සභාපති ගෙන්වා තමන් සහ පාඨ්ළී සම්බන්ධයෙන් කල කප්පම් අනාවරණය හරහා දුමින්ද උත්සහ කරමින් සිටිනුයේ එජාප හරහා මැතිවරණයට ඉදිරිපත්ව ආපු අපිට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පැමිණිමට ඇති ඉඩ නැති කිරිමට බවද රාජිත මෛත්‍රීපාල සිරිසේනට පවසා තිබේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බුදලයක් කර ගැනිම සදහා අමාත්‍ය දුමින්ද දිසානායක කූට උපක්‍රම භාවිතා කරමින් සිටින බවත්,මෛත්‍රීපාල සිරිසේන ගොනාට අන්දවමින් දුමින්දලා කරන වැඩවලින් අවසානයේ සිදුවන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයම විනාශව් ඉම මිස වෙන් කිසිවක් නොවන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසා තිබේ.

මේ අතර රාජපක්ෂලාට එලවා එලවා පහරදිම අනාගත ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු විමට හේතුවක් වනු ඇති බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දුමින්ද දිසානායක මෛත්‍රීගේ බත් බැලයන්ට පවසා තිබේ.පසුගියදා මෛත්‍රීගේ බත් බැලයන් හමුවු අවස්ථාවක දුමින්ද පවසා ඇත්තේ “ජනාධිපතිතුමා කිව්වා දිගටම රාජපක්ෂලාට ගහන අය බලලා පක්ෂය ඇතුලේ ඉහල පෙලේ තනතුරු දෙන්න කියලා….”

ඊටම සමගාමිව ශ්‍රීලනිපයේ මීළඟ නායකයා සම්බන්ධයෙන් පච පුවතක් ශ්‍රිලනීප බත් බැලයන්ගේ පත්තර සහ වෙබ් අඩවි වල පලකිරිමටද කටයුතු කර ඇති අතර ඒ හරහා එකිනෙකා අතර තරගයක් ඇති කිරිමටද මෛත්‍රීපාල සිරිසේන මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

රාජපක්ෂලා අල්ලන මෙහෙයුම  

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට විවිධ පැමිණිලි ඉදිරිපත් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගෙන ඔවුන් ලවා ගෝඨාභය රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ මහත්වරුන්ට එරෙහි ප්‍රකාශ සිදු කිරීමට බලපෑම් කිරීමේ සැලසුම් සහගත උත්සාහයක් දියත් වෙමින් පවතින පසුගියදා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අනාවරණය කළා.

ඒ අරමුණ ඇතිව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 23 දෙනකු පසුපස මේ දිනවල ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හඹා යමින් සිටින බවට තොරතුරු ලැබි ඇතැයි ද රණතුංග මහතා ප්‍රකාශ කළේය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙන්ම සුසිල් ප්‍රේමජයන්ත හා අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරුන්ට එරෙහිව ද විවිධ චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කරමින් සිටින බවට තොරතුරු හෙළිවෙමින් පවතින බව ද සඳහන් කරන රණතුංග මහතා මේ සියලු උත්සාහයන්ගේ අරමුණ නොයෙක් ගනුදෙනුවලට රාජපක්ෂ පවු‍ලේ සාමාජිකයන් සම්බන්ධ බවට ප්‍රකාශ නිකුත් කරවාගෙන ඔවුන්ව නීතියේ රැහැනට කොටුකර ගැනීම බව ද තවදුරටත් පැවසීය.

ඒ අතරම විවිධ මූල්‍ය අපරාධ චෝදනා නගමින් අත්අඩංගුවට ගන්නා නිලධාරීන් ලවා අදාළ මූල්‍ය ගනුදෙනුවලට ගෝඨාභය හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධ බවට ප්‍රකාශ නිකුත් කරවා ගැනීම අසාර්ථක වුවහොත් අදාළ චෝදනා සම්බන්ධයෙන් එම නිලධාරීන් බන්ධනාගාරගත කිරීමට මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කරන බව ද රණතුංග මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ අතරේ ඇතැම් ව්‍යාපාරිකයන්ට අයත් සුපිරි නිවාස හා ඇතැම් ව්‍යාපාර රාජපක්ෂවරුන්ගේ බවට සඳහන් කරන ලෙස බලපෑම් එල්ල වෙමින් පවතින බවත් එසේ ප්‍රකාශ නොකළොත් අදාළ ව්‍යාපාරිකයන්ට විවිධ චෝදනා නගමින් ඔවුන් නීතිය හමුවට ගෙන ඒමේ උත්සාහයක් ද දියත්ව ඇතැයි ද ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Top