Featured

Exclusive:සදලුතලේ සිට ජනතාවට සරම ඉස්සූ ,අසූචි තැම්බකින් පතන රෝස පුසුඹ නොහොත් සිරිසේනගේ පැටිකිරිය

ගහලයාගේ උපත සහ පොඩි මිනිසුන්ගේ ඉරණම

ලක් වාසීන්ට නාමික නිදහසක් පවරා දෙමින් 1948 දී යටත් විජිත පාලනය අවසන් විය. සුද්දන් ලංකාවෙන් බැහැර වූයේ නිදහස අර්ථවත් කොට නොව ඔවුන්ගේ කාබන් කොපි බදු වූ ගැත්තන් පිරිසකට පාලනය බාර දෙමිනි. ඒ අනුව ඉංග්‍රීසි ඌරුවට හැඩ ගැසුනු හැන්දෙන් ගෑරුප්පුවෙන් කොටා බාන පංතියකට දේශපාලන සහ ආර්ථික බලය හිමි විය. පරයන්ගෙ ක්‍රමයට අනුගත වූ මොවුන් බැස යන කුල ක්‍රමයට යලි පන දුන්නේය. වරප්‍රසාද ලත් මෙකී පංතිය සහ ගෙන්දගම් පොලොවේ පොඩි මිනිහාගෙන් දුරස් විය. මෙවන් පසුබිමක් තුල රෙද්ද්යි බැනියමයි ඇදි බන්ඩාරනායක පොදු ජනයා අතරට පැමිනියේය. 1951 සැප් 2 දා පොඩි මිනිසුන් ඒකරාශී කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහි‍ටුවීය. සැප් 3 මුලු සියනෑ කෝරලයම කැවුම් කිරිබත් පිසෙන රබන් නදින් ගිගුම් දුන් එකම මංගල්‍යක් විය. ජාතියේ අවාසනාවට එදිනම ඒ සියනෑ පුරයේම පොදු ජන අපේක්ෂාව කන පිට හරවන ගහලයාගේ උපත සිදුවිය.

රජරට සංක්‍රමනය

1939 සිට 1945 දක්වා පැවැති දෙවන ලෝක යුධ සමයේ ලංකාව පාලනය කලේ බ්‍රිතාන්‍යයන්ය. එකල්හි මිත්‍ර හමුදාවේ අග්නිදිග ආසියාවේ යුද ආඥා මූලස්ථානයපිහි‍ටුවූයේ ලංකාවේය. යුද්ධය තිවුර වත්ම සුද්දන්ගේ මිලිටරියට විවිධ වූ සේවා සැපයීමේ අවස්ථාව ස්වදේශිකයන්ටද උදා විය. ගම්පහ ඔරුතොට විසූ ඇල්බට් සිරිසේනද බැට්මන් කෙනෙකු ( නිලධාරී නිවස්නයේ ආවතේවකරුවෙක් ) ලෙස හමුදාවට එක් විය. යුද්ධයේ අවසානයත් සමග මිලිටරියට අනුයුක්ත කල ස්වදේශිකයන් ඉවත් කිරීම සිදුවිය. ඒ අනුව ඇල්බට සිරිසේනටද ‍රැකියාව අහිමි විය. ඉන් අනතුරුව එදිනෙදා වැඩක් පොලක් කිරීමෙන් ජිවිතය ගැටගසා ගන්නා මොහු ගම්පහ යාගොඩ විසූ නන්දාවතී නම් තරුනියක් හා විවාහ විය. ගම්පහ යාගොඩදී එලිය දකින පලමු දරුවාට නම් තබන්නේ මෛත්‍රිපාල ලෙසය. 50දශකයේ ඩී එස් සේනානායක විසින් ආරම්භ කරන ලද ගොවි ජනපද ව්‍යාපාරය සිරිසේන පවුලට ගෙන ආවේ මහත් අස්වැසිල්ලකි. අක්කර 5 ක ගොඩ මඩ ඉඩම් ලද ඔවුන් පවුල් පිටින් පොලොන්නරුවට සංක්‍රමනය විය.

සලාක බෙදීමෙන් ගොඩ ගිය ඇල්බට් සිරිසේන

ගම්පහින් මාරුවන සිරිසේනලා සිය ස්ථිර වාසස්ථානය සකසන්නේ පොලොන්නරුවේ ලක්ෂ උයනේය.එහිදී තවත් දරුවන් 10 දෙනෙකු බිහි කරන ඇල්බට් සිරිසේනට දොලොස් දෙනෙකුගෙන් වූ පවුලක් නඩත්තු කිරීමේ භාරධූර අභියෝගය හිමි විය. සංක්‍රමනිකයන්ට රජයේ වියදමින් ආහාර, අත්‍යවශ්‍ය භාන්ඩ සහ බෙහෙත් ද්‍රව්‍ය සලාක ක්‍රමයට නොමිලේ ලබා දිම සිදුවිය. සලාකය ජානපදිකයන් අතර බෙදාහැරීමේ කර්තව්‍ය සිරිසේන යුවල බාර ගන්නේ එක පයින්මය.සලාක බෙදාහැරීමට සම්ම්බන්ධ වීම නිසා හරහා දිසාපති ඇතුලු රජයේ නිලධාරීන් සිරිසේන පවුල හා සමීප විය. එසේම ජානපදිකයන් අතර සිරිසේනලාට යම් පිලි ගැනීමක් ඇති විය. අනෙක් පසින් හීනියට යටි මඩි ගැසීමේ අවස්ථාවද හිමි විය. සලාක බෙදීමෙන් ගොඩ යන ඇල්බට් සිරිසේන ගම් මුලාදෑනී පට්ටමක් බා ගැනීමටද සමත් විය. නන්දාවතී නවතිනුයේ ලක්ෂ උයන ප්‍රාථමික අංශයේ ගුරු පත්වීමක් ලැබීමෙනි.

පන්ති 5ට ගිය සිරිසේන

පවුලේ වැඩිමලා වූ මෛත්‍රීපාල අකුරු කිරීමට මුලින්ම යන්නේ ලක්ෂ උයන කනිෂ්ඨ පාසැලටය. අධ්‍යාපන සා.පෙල විභාගයට පෙනීසිටින්නේ තෝපා වැව මහාවිද්‍යාල යෙනි. නමුත් අකුරු ඉලක්කම් වලට වඩා ප්‍රිය කලේ දේශපාලන වේදිකාවේ කරක් ගැසීමටය. මේ කාල වකවානුවේ ලුලුම්බා සරසවියෙන් නෙරපා දැමූවිජේවීර ශන්මුගදාසන්ගේ චීන කොමියුනිස්ට් පිල හා සම්බන්ද වී තිබුනි. චීන සගරා කියවීමෙන් රතු විප්ලවයකට ප්‍රිය වූ මෛත්‍රීපාලද මුලින්ම සම්භන්ද වූයේ ඉහත දේශපාලන කන්ඩායම සමගය. අතේ පත්තු වූ කුමන්ත්‍රනයක් නිසා 1966 දී චීන පිලේ සාමාජිකත්වය විජේවීරට අහිමි විය. අනතුරුව කුප්‍රකට පන්ති 5 අරඹමින් ජ.වි.පෙ බිහි විය. ඒ අඩි පාරේ ගිය ගිය මෛත්‍රීපාලද පන්ති 5 ට සහභාගි වෙමින් රතු විප්ලවයට ගොනු විය. මෛත්‍රීපාල පන්ති 5 ට සහභාගි වන විට ඔහුඋසස්පෙල හදාරන සිසුවෙක් විය.විජේවීර බිහිකල 71 අසාර්ථක කැ‍රැල්ල අතර තුර සටන්කාමීන් පොලොන්නරුව පොලීසියට පහර දුන්හ. ජවිපෙ ක්‍රියාකාරීන් සොයා ආරක්ෂක අංශ පිස්සු බල්ලන් සේ ලුහු බැන්දේය.

මහා පාවාදීම සහ සිරගතවීම

මෛත්‍රීපාලගේ පියා දිසාපතිගේ සහ පොලීසියේ සුවච ගෝලයෙක් විය. තම පුත්‍රයා බේරා ගැනීමට ඔහු කූට උපායක් යෙදීය. පුත්‍රයා හරහා ජවිපෙ සාමාජික ලැයිස්තුව අතට ගත් පියා එය දිසාපති සහ පොලීසිය වෙත ලබා දුන්නේය. සිරිසේනගේ ලැයිස්තුවේ වූ ජවිපෙ සාමාජිකයන් බොහොමයක් හමුදාව අතින් මරණයට පත් විය. ඒ අතරතුර පුත්‍රයා නිවසින් පිටමං කොට සැගවීය. පාසැලේ විදුහල්පති මෛත්‍රීපාලගේ පැටිකිරිය සහසුද්ද්යෙන්ම දැන සිටියේය.සගයන් පාවා දුන් අලුගුත්තේරු ක්‍රියාව කන වැ‍ටුනු විදුහල්පති මෛත්‍රීපාලගේ ජවිපෙ ජාතකය පොලීසියට තහවුරු කලේය. ඒ අනුව මෛත්‍රීපාල අත් අඩගුවට පත්විය. අත් අඩංගුවට ගත් මෛත්‍රීපාල රදවා තැබූයේ මඩකලපුව බන්ධනාගාරය තුලය. සගයන් පාවාදීමේ නහීන ක්‍රියාව නිසා මඩකලපුව බන්ධනාගාරය තුලදී කිහිපවරක් අසූචි වලින් නහවා තිබුනි, ගුටි බැට දී තිබුනි. මෛත්‍රීපලා උසස්පෙල විභාගයට වාඩි වූයේ හිර ගෙදර සිට මාංචු පිටිනි. නමුත් හිර ගෙදර සිටිනා පුරාවට රජ්‍යනිලධාරීන්ගේ අනුග්‍රහය නො අඩුව ලැබුනි. ඔහු හිරෙන් නිදහස් වූයේ නිදහස් වුණේ 72 ජූලි දහවැනිදා.ය.

වැදූ පියාට ද්‍රෝහී වීම

හිරෙන් නිදහස් වූ මෛත්‍රීපාලගේ තියරිය වූයේ ලිදට වැ‍ටුනු කල ලිං කටෙන්ම ගොඩ යාමය. ජවිපෙ දේශපාලනය අතහැරි මෛත්‍රීපාල පොලොන්න්රුවේ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවූ ලීලාරත්න විජේසිංහ සොයා ගොස් ‍රැකියාවක් ඉල්ලා පින්සෙන්ඩු විය. ලීලාරත්නගේ නීදහස් පක්ෂ කාර්යාලයෙ තම පුත්‍රයා ආවතේව කරන බව සිරිසේන පියාට සැලවූ විට ඔහු කෝප විය. පුත්‍රයාට ඔහු පහර දුන්නේ කොසු මෙටෙනි. ඩීඑස් ගේ ගොවිජනපද ව්‍යාපාරය සිය පවුල ගොඩ ගිය බව හැගීම් බරවූ සිරිසේන පියා සිහිපත් කලේය. ගුන මකුවකු නොවන ලෙස ඔහු පුත්‍රයාට අවවාද කලේය. ඇල්බට් සිරිසේන එ.ජා.ප කොතරම් ලැදි වුයේදයත් තම එක් දරුවෙකුට නම් තැබුවේ ඩ්ඩ්ලි ලෙසය. ඒ ඩඩ්ලි සේනා නායක කෙරේ සහ එජාප වෙත වූ ඔහුගේ බැදීම නිසාය. කෙසේ වුවද පොලොන්න්රුවේ නිදහස් පක්ෂ මන්ත්‍රී වූලීලාරත්නට ගොට්ට ඇල්ලූ මෛත්‍රීපාලට පළුගස්දමන සමුපකාර සමිතියේ සැපයුම් නිලධාරියෙකු ලෙස ‍රැකියාව ලැබුනි. . ඒ 1973 වර්ශයේදීය.

දුස්සීල රජ්‍ය සේවය

පළුගස්දමන සමුපකාරයේ ‍රැකියාව කරනා අතර තුර දේශපාලනය සහ අතුරු ‍රැකියා කිහිපයකම සිරිසේන නියලුනේය .ප්‍රදේශයේ කළුවර ගස් කපා කුරුනෑගල ප්‍රදේශයේ ලී මඩුවටට පැටෙව්වෙය. දැව ප්‍රවාහනය කලේ සමුපකාර ලොරි මගිනි. එහෙයින් කුරුනෑගල වූ ලී මෝලට සිරිසේන නිතර නිතර ආව ගියේය.මෝලෙන් ඉවත්කරන ලී පතුරුකුස්සියේ දර ලෙසට ගෙනයාමට ගැමියන් නිතර පැමිනියේය. දිනක් මෛත්‍රීපාල මඩුවේ සිටින විට කෙසග සිරුරකින් වූ යුවතියක් ලී පතුරු දර සොයා පැමිනියාය. මෙකී යුවතියට මෛත්‍රීපාලගේ හිත ගියේය. හේ ජයන්ති පුෂ්පකුමාරිය. මෛත්‍රීපාල 1976 දී ග්‍රාම නිලධාරී පදවියටපත් විය. රජ්‍ය සේවයේ යෙදෙන අතරතුර මෛත්‍රීපාල ක්‍රියාකාරී දේශපාලනයේ නියලුනේය. දේශපාලනයෙන් සමිපූර්නයෙන්ම වියුක්ත විය යුතු සිය තනතුර නිර්ලජ්ජිතව දේශපාලනයේ යෙදෙව්වේය.රාජ්‍ය සේවයේ යෙදෙන අතර තුර නිදහස් පක්ෂයේ නිලතල දැරුවා මදිවාට 1978 වර්ශයේදී කියුබාවේ තරුණසම්මේලනයකට සහභාගී වීමට ගියේය. ඒ හේතුවෙන් ‍ මෛත්‍රිපාලට රැකියාව අහිමි විය.

‍කන්ඩ දුන් අත සපා කෑම

රැකියාව අහිමිවීමෙන් පසුව පූර්න කාලීනව දේශපාලනයට යොමු වූ මෛත්‍රීපාලගේ තියරිය වූයේ හොදින් හෝ නරකින් ගොඩයාමය. එවකට මින්නේරියපාර්ලිමේන්තු මන්ත්‍රී රත්නදේශප්‍රිය සේනානායක (ධර්මසිරි සේනානායකගේ වැඩිමල් සොහොයුරා ) හා ගොනූවූ මෛත්‍රීපාල අලුත් කල්ලියක් සැදුවේය. මැතිනියට කේලාම් කියා 1965 වසරේ සිට 77 දක්වා පොලොන්නරුවේ පාර්ලීමේන්තු මන්ත්‍රීවූ ලීලාරත්නගේ අසන සංවිධායක ධූරය අහිමි කලේය. ඔහු අන්කවරෙකු නොව මෛත්‍රීපාලට දේශපාලන මලපොතේ ‘අ’ කියා දුන් ගුරුවරයාය. හිරෙන් නිදහස් වූ පසු ‍රැකියාවක් සොයා දුන්නේද ඔහුය. අනතුරුව ශූක්ෂමලෙස රත්න දේශප්‍රියගේ උදව්වෙන් නිදහස් පක්‍ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් තනතුර ලබාතේය . නමුත් මින්නේරිය අතුරු මැතිවරණයේදී රත්නදේශප්‍රියට එහිව කුමන්ත්‍රනය කල මෛත්‍රීපාල ඔහුගේ කකුලෙන් ඇද පරාජය කලේය. තමාට කන්ඩ දුන් සියලු අත් සපාකෑ සිරිසේන 1981 වන විට පොලොන්නරුව්වේ ප්‍රධාන සංවිධායක ධූරය දක්වා පැමිනියේය

පොලොන්නරුවේ බිහිකල මා‍ෆියාව

දී නිදහස් පකෂයේ තරුණ සංවිධානයේ උපසභාපති බවට පත්වූයේය. සිරිසේන ජාතික තලයට ‍රැගෙන ආවේ අනුර බන්ඩාරනායකය. නමුත් අනුරට උපන් ගෙයිමද්‍රෝහී වූයේය. සිරිසේන 1989 ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට තේරී පත්විය. 1994 දී දෙවන වරට තේරී පත් වීමෙන් පසුව වාර්මාර්ග ඇමති ධූරයට පත් විය .බලයට පත්වූ පසු තමන්ට ඡන්දය දුන් ජනතාවට අමතක කල සිරිසේන ව්‍යාපාරිකයන් සමග ඩීල් දැමුවේය. සහෝදරයන් හා එක්ව බිස්නස් මා‍ෆියාවක් පොලොන්නරුවේ ගොඩනැගීය.. නම් ගිය හොරුන් සමග එක්ව ජාවාරමට බැස්සේය. සිරිමාවෝ විසින් පොලොන්නරුවේ ඉදිකල ආසියාවේ විශාලතම වී ගබඩාවගලවා යකඩ වලට වික්කේය. ගොවීන්ට කොකා පෙන්වූ සිරිසේනලා සහල් මා‍ෆියාව බිහිකලේය . තව සහෝදරයෙක් ගස් කැපුවේය, එකෙක් වැලි රජ්ජුරුවෝවිය. ගල් කොරි මා‍ෆියාව තවකෙක් අත විය. ජී.බී කලුගල්ල සංචාරක ඇමතිව සිටියදී ගොඩ නැගූ අරලිය හෝටල්ය කොල්ලකා තම නමට ලියා ගත්තේය.සිරිසේනලා පොලොන්න්රුවේ රජ වුවද නියගයෙන් ගං වතුරින් නිරන්තර පීඩා විදින ජනයාට පාන් කෑල්ලක් හෝ දීමට තරම් වත් කාරුනික නොවීය.

සදලුතලේ සිට ජනතාවට සරම ඉස්සූ සිරිසේන

සිරිමාවෝ විසින් පොලොන්නරුවේ ඉදිකල වී ගබඩාව යකඩ විකුනූ පව ගෙවීමට සිදුවූයේ ගොවි ජනතාවටය. වී මිලට ගැනීමේ ඒකාධිකාරිය සිරිසේනලා සතු වූ කල්හි ගොවියාට වැලේ වැල් තැති විය. සිරිසේනලාගේ මෝල් වී මිලට ගත්තේ කුනු කොල්ලයටය. වී විකුනා ලෑබෙන මුදල ජීවත් වීමට තියා ණය ගෙවීමටවත් ප්‍රමාණවත් නොවීය. යන එන මං නැතිවූ ගොවියන් පවුල් පිටින් වස පානය කලෝය. ඇතමෙක් අස්වැන්නටද ගිනිතබා සිය දිවි හානි ගත්තෝය. දිවයිනේ මධ්‍යසාර වැඩියෙන්ම භාවිතා කරන දිස්ත්‍රික්කය බවට පොලොන්නරුව පත් විය. දුම්වැටි දෙවෙනියට වැඩියෙන්ම අලෙවි වන දිස්ත්‍රික්කය පොලොන්නරුවය .වකුගඩු රෝගයෙන් වැඩියෙන්ම පීඩා විදින දිස්ත්‍රික්කය පොලොන්නරුවය. දශක දෙකකට ආසන්න කාලයක් වාරිමාර්ග, කෘෂිකර්ම, මහවැලි, ගොවිජන සේවාහා සෞඛ්‍ය ඇමැති ධුර දැරූ සිරිසේන පොලොන්නරුවේ ජනයා කබලින් ලිපට ඇද දැමුවා මිස කල කිසිදු සේවයක් නොමැත.

නිදහල් පක්ෂයේ හිස කදින් වෙන් කල ගහලයා

රටේ බලවත්ම දේශපාලන පක්ෂයක මහ ලේකම් තනතුර දක්වා සිරිසේන ‍රැගෙන ආවේ අන් කිසිවෙකු නොව නිදහස් පාක්ෂික පොඩි මිනිසුන්ය. ගමෙ ගොඩේ පොඩි මිනිසෙකු එවන් තනතුරකට පිලිගන්නා මහා දෙශපාලන පක්ෂය දිවි හිමියෙන් ‍රැක ගත යුතුව තිබුනි.. ගමේ ගොඩේ එකා එවන් තත්වයකට ඔසවා තැබූනිදහස් පාක්ෂිකයන්ගේ සුභ සිහින හෙලි කල යුතුව තිබුනි.නමුත් පාක්ෂිකයට හා පක්ෂයට සරම උස්සා පෙන්වූ සිරිසේන නිදහස් පක්ෂය පාවාදුන්නේය.. නියතවූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජය බන්දේසියක තබා එජාපයට පාවා දුන්නේය. එක්සත් ජාතික පක්ෂය බලයට ‍රැගෙන ඒමට කොට්ටයයට යට තියා කුමන්ත්‍රනකලේය. ද්‍රෝහී ඉන්දියානු රෝ ඔත්තු සේවය සමග ගනුදෙනු කලේය.බටහිර තානාපති කාර්යාල වල බත් බැලයයෙකු බවට පත්විය. මේ සියලු පාවාදීම කලේ අන්කිසිවකට නොව සිරිසේනට රජ වීමටය. ප්ලේන්ටියක හෝ වියදම් නොකල සිරිසේන ද්‍රෝහීන්ගේ ඩොලර් මතින් ජනපති පු‍ටුවට සම්ප්‍රාප්ත විය. රබන් සුරල් මැද සියනෑපුර ජනතාව නිදහස් පක්ෂයේ උපත සමරන මොහොතේ සියනෑපුරයෙන්ම බිහිවූ ගහලයා නිදහස් පක්ෂයේ හිස කදින් වෙන් කලේය. තිස් වසරක යුද්ධය නිමා කරමින් තුන් සිංහලය එක්සේසත් කල මහා පුරුෂයා පාවා දුන්නේය.
විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

Top