Featured

TNA පාර්ලිමේන්තු කණ්ඩායම දෙකඩ වේ- විපක්ෂනායක කම අර්බුදයක

ද්‍රවිධ ජාතික සන්ධානය දෙකඩ විමත් සමග පාර්ලිමේන්තුවේ ද්‍රවිධ ජාතික සන්ධානයද කණ්ඩායම් දෙකක් ලෙස කටයුතු කිරිමට සුදානම් බව වාර්තා වේ. ඉන්දියානු කරණය වි තිබේන ද්‍රවිධ ජාතික සන්ධානය වෙනුවට යුරෝපය සමග එක්ව ඉදිරියටම ගොස් ඉක්මනින්ම ස්වාධින ඊළමක් වෙනුවෙන් ගමන් කිරිම සදහා සාම්ප්‍රදායික ද්‍රවිධ ජාතික සන්ධානයට අභියෝග කිරිම සදහා ‘දෙමළ ජනතා සංසදය’ යන නමින් දෙමළ ජාතික සන්ධානයට විකල්ප කණ්ඩායමක් පිහිටුවීම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් කටයුතු කිරිමත් සමග මේ තත්ත්වය උදාවි තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුව නිවාඩු කාලය අවසන් වි ජනවාරි 8 වැනිදා යලි ආරම්භ විමත් සමග මෙම පිල් බෙදිම සිදුවන අතර ඒම බෙදිම අනුව ද්‍රවිධ ජාතික සන්ධානයට මේ වනවිට හිමිව තිබේන පාර්ලිමේන්තුවේවිපක්ෂ නායක ධුරයද අහිමි විමේ අවදානමක් තිබේන බවද මේ වන විට උදාවි තිබේන බව උතුරේ අප විශේෂ දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

Top