Anonymous Reporter

සිංහ-ලේ තක්කඩියන්ගෙන් බේරාගමු…

දඟ ගෙයි දඬුවම් සියුමැළි වැඩිනම් අලුගෝසුවනේ එල්ලාපන්, අලුගෝසුවනේ එල්ලාපන්…

අසූව දශකය රටම අමු සොහොනක් කළ අඳුරු යුගයක් විය. රනිල්ගේ මාමණ්ඩිය වූ ජේ ආර් ජයවර්ධන 5/6 බලයක් ලබා ගනිමින් බලයට පත් වූයේ අද යහපාලනයක් බිහි කරන බව කියමින් රනිල් බලයට පැමිනි ලෙසින්ම ධර්මිශ්ඨ සමාජයක් බිහි කරන බවට ජනතාවට පොරොන්දු වෙමිනි.

ධර්මිශ්ඨ සමාජය කෙසේ වෙතත් විවෘත ආර්ථිකය හරහා රටේ නිශ්පාදන ආර්ථිකය කඩා බිඳ දැමීමට ඔහු පියවර ගත්තේය. වසර දහස් ගනනක් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් හික්මුනු සමාජය බටහිරට විවෘත කිරීමත් සමගම දුරාචාර රැල්ලකින් රටම වෙළී ගියේය. පාතාල කල්ලි රට පුරා ව්‍යාප්ත විය. කුඩු මුදලාලිලා බිහි විය. රටපුරා තැබෑරුම් විවෘත විය. ධර්මිශ්ට සමාජය කෙසේ වෙතත් උතුරේ ප්‍රභාකරන්ගේ ත්‍රස්ත කල්ලිය හිස එසවූයේ රනිල්ගේ මාමණ්ඩියගේ ඒ අවිචාරවත් පාලන සමයේදීය. එදවස නියපොත්තෙන් කැඩීමට තිබූ ඒ ත්‍රස්තවාදය කිරි පොවා ඇති දැඩි කර වසර 30ක් පුරා මිනිසුන් මරණ මහා ශාපයක් බවට පත් කලේ ඒ ජේආර් ගේ ආණ්ඩුව විසිනි. ජාත්‍යන්තර සබඳතා අතින් අංක එක ලෙස පාරම්බෑ ඔවුන් කෙතරම් දුර්වල පාලකයන් වීද යන්න හොඳින්ම තහවුරු වන්නේ ඉන්දියාව අපව ආක්‍රමණය කර කොටින්ට ගුවනින් පහසුකම් සැපයීමට ඉදිරිපත් වීමෙනි.

අද රනිල්, මෛත්‍රීපාල දෙදෙනා ඇමරිකාව, එංගලන්තය කියන කියන පදයට නටන්නාක් මෙන්ම එදවස ඉන්දියාවේ බලහත්කාරයට හිස නැමූ ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා පළාත් සභා පනත සම්මත කරන්නේ අධිකරනයේ නිර්දේශවලටද පිටුපාමිනි. අධිකරනයට අනුව ජනමත විචාරණයකින් සම්මත කළ යුතු වූ පළාත් සභා පනත ඒකාධිපති ස්වරූපයෙන් තම හිතුමතේට සම්මත කර ගැනීමට එදවස ඔවුහු ක්‍රියා කළහ. එහි ප්‍රතිඵලයල් ලෙස ඇතිවූ ජනතා නැගිටීම් මර්ධනය කළේ 100 කට අධික තරුණයන් මහ මග ඝාතනය කරමිනි. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට මෙරටට පැමිනි ඉන්දියානු අගමැති රජීවු ගාන්ධිට සැබෑම “සිංහ ලේ” ඇති හමුදා සෙබලෙකුගේ ප්‍රහාරයකට ලක් වීමටද සිදු විය. නමුත් බලහත්කාරයෙන් ජනතා විරෝධය යටපත් කර එම ගිවිසුම් අත්සන් කෙරිණි. එහි ප්‍රතිඵලය ලෙසට අද දවසේත් සම්බන්ධන්ලා, විග්නේශ්වරන්ලා, හකීම්ලා වෙන වෙනම රටවල්, මුස්ලිම් කලාප ඉල්ලන තැන දක්වා ඔඩු දිවූ කාලකන්ණි පළාත් සභා ක්‍රමයක් රටට උරුම විය.

එම දුශ්ට දුර්දාන්ත සමයේ ඇතිවූ විවෘත ආර්ථිකය අදත් රටට බරකි. විවෘත සංස්කෘතිය අදත් රටට බරකි. එකල ඇතිවූ යුද්ධය වසර 30ක් පුරා මහා මිනිස් සංහාරයක් සිදුකර යන්තම් නිමාවට පත් විය. ඉන්දියාවේ බලහත්කාරය මත පැටවූ පළාත් සභා තවමත් අපව පීඩාවට පත් කරයි. මේ අසාධාරණයට, ඇමරිකාවට යටත් වී අපේ ආර්ථිකය පාවා දීමට, ඉන්දියාවට යටත් වී රට කොටින්ට පාවා දීමට එරෙහිව පෙරට ආ තාරුණ්‍යයේ සටන් පාඨය මෙම ගී පදයයි. මේ ඇස් ඉදිරිපිට සිදුවන අසාධාරනයට එරෙහිව, රනිල්ගේ මාමණ්ඩියට එරෙහිව පාරට බැස්ස තරුණයන් ඉදිරියට ආවේ හිරේ දාල මදිනම් එල්ලපල්ලා කියමිනි.

ඔවුන් කියූ ලෙසම ජේආර්ලා, රනිල්ලා එම තරුණයන් හිරේ දමා නතර වුනේ නැත. බටලන්ද වැනි වධකාගාරවල දස වද දී 60000ක් තරුණ ජීවිත අමු අමුවේ ඝාතනය කිරීමට ඒ දාහත් අවුරුදු එජාප අඳුරු යුගය තුළ ඔවුහු ක්‍රියාත්මක වූහ.

මම මේ ඉතිහාසය කෙටියෙන් මතක් කළේ වසර දහස් ගණනක ප්‍රවුඪ ඉතිහාසයකින් ඔපවත් වූ මේ සිංහල දේශයේ උරුමය වෙනුවෙන් කුමන හෝ ජාතික හැඟීමකින් ඔද වැඩුනු තරුනයන්ගේ කකියන සිංහ ලේ අසාධාරණය දුටු තැන ක්‍රියාත්මක වන ආකාරයත් මේ පාලකයන් එයට ප්‍රතිචාර දක්වන ආකාරයත් තේරුම් ගැනීමටය.

1915 දී සිංහල මුස්ලිම් කෝලාහලය ඇතිවිය.ඓතිහාසික වල්ලහගොඩ දේවාලයේ පෙරහැරට මුස්ලිම් පිරිසක් විරෝධය දැක්වීම හේතුවෙන් එම ගැටුම ඇති විය. එම අවස්ථාවේදී ලංකාවේ ආණ්ඩුකාරයා ලෙස ක්‍රියා කළ රොබට් චාම්ස් ප්‍රතිචාර දැක්වූයේ මුස්ලිමුන්ගේ පැත්ත ගෙන හතර අතේ හමුවන සිංහලයන් ඝාතනය කිරීමෙනි. ඒ ආන්ඩුකාරයා මෙන්ම රනිල්ගේ මාමණ්ඩිය විසින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර, පළාත් සභා පිහිටුවා, රට කොටින්ට පාවාදීමට එරෙහිව පාරට බට සිංහලයන්ට ප්‍රතිචාර දැක්වූයේද ඝාතනය කිරීමෙනි. 60000ක් සිංහල කොල්ලන් එලෙසින් ඝාතනය විය. පසුගිය කාලයේදී ප්‍රභාකරන්ද සිංහල කොල්ලන් 27000ක් ඝාතනය කළේය. එලෙසින් ලක්ෂයකට ආසන්න සිංහල තරුණයන් පිරිසක් ඝාතනය කළ පසු මේ පාලකයන් දැන් සිතමින් සිටින්නේ මේ රටේ කොන්දක් ඇති සිංහලයන් ඉවරයි කියාදැයි සැක සහිතය. පසුගිය මාස කිහිපය තුළ ඔවුන් ක්‍රියා කරන්නේ එපරිදිය. පහතින් දැක්වෙන්නේ එවන් ක්‍රියා කිහිපයකි.

1) සාමාන්‍ය වැසියන් ඉලක්කගත කරගනිමින් මහා පරිමාන බෝම්බ පිපිරවීම් වලට සම්බන්ධ දරුණු ගනයේ කොටි ත්‍රස්තවාදීන් දෙමළ ජාතික සංධානයේ ඉල්ලීමට නිදහස් කෙරිණි. ඒ අතර කොළඹ සියලුම ත්‍රස්ත ප්‍රහාර සැළසුම් කළ ප්‍රභාකරන් සහ පොට්ටු අම්මාන් සමඟ ඍජුවම සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදීන්ද සිටිති.

2) තවමත් රට දෙකඩ කොට වෙනම රටක් බිහි කිරීමට උත්සාහ කරන ත්‍රස්ත සංවිධාන 8කට මෙතෙක් කල් පණවා තිබූ තහනම ඉවත් කෙරිණි.

3) රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ රනවිරුවන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට ගනිමින් සිටී. හමුදා සෙබළුන් මහ පාරේ වැඩ කරනු දැකීමට අකමැති ජනතාවගේ ඡන්දයෙන් පත්වූ පාලකයන් දැන් කොටින් නිදහස් කරමින් හමුදා සෙබළුන් හිරේ දමමින් සිටී.

4) බුදු දහම පාසල් විශය මාලාවෙන් ඉවත් කර සර්වාගමික විශයක් අළුතෙන් හඳුන්වා දීමට රජය දැන් කටයුතු කරමින් සිටී.

5) හමුදා සෙබළුන් සමූල ඝාතන සිදුකළ බව පිළිගනිමින් යුධ අපරාද පිළිබඳව විභාග කර හමුදාවට දඬුවම් කිරීමට සුද්දන්ගේ උසාවි පිහිටුවීමට ක්‍රියා කරමින් සිටී.

6) ජනමතයට පිටුපාමින් ජේආර් ජයවර්ධන පළාත් සභා පිහිටුවා ඊලමට පාර කැපූ ලෙසින්ම අළුත් ව්‍යවස්ථාවක් හරහා රට ස්ථිර වශයෙන්ම දෙකඩ කොට උතුර කොටින්ට ලියා දීමට, නව ව්‍යවස්ථාවක් සැකසීමට ක්‍රියා කරමින් සිටී. විග්නේශ්වරන්ගේ පළාත් සභාවට ඊලම ප්‍රකාශ කිරීමට නොහැකිවන ලෙස යන්තමින් වැට බැඳ තිබෙන්නේ විධායක ජනාධිපතිකම හරහාය. නව ව්‍යවස්ථාව හරහා එයත් අහෝසි කිරීමට මොවුහු ක්‍රියා කරමින් සිටිති.

7) මේවාට එරෙහිව හඬ නගන සිංහලයන් මර්ධනය කිරීමට ජාතිවාදය වැලැක්වීමේ පනත නමින් අළුත් නීති ගෙන ඒමට උත්සාහ කරමින් සිටී.

මෙළෙසින් මේ පාලකයන් නැවතත් ඉස්මතු කරන්නේ 2009න් පසු අප අවසන් කර දැමූ ප්‍රශ්නයයි. 27000ක් ජීවිත පරිත්‍යාග කර මේ දෙරණ “සිංහ” ලෙයින් නහවා දිනාගත් නිදහස, සාමය, සමගිය, රටේ එක්සේසත් භාවය නැවතත් ඇමරිකාවට, එංගලන්තයට, ඉන්දියාවට අවශ්‍ය ආකාරයට කොටින්ට පාවා දීමට මොවුහු එළිපිටම ක්‍රියා කරමින් සිටිති.

මෙළෙසින් ගියහොත් ”මේ සිංහල අපගෙ රටයි” ගීතය ගැයීමත් හිරේ යාමට හේතුවක් විය හැකිය. සිදුවන අසාධාරණයට එරෙහිව “සිංහ ලේ” කුපිත වීම සාධාරණය. ඔබලා විසින්ම 60000ක් ද ඔබලාගේ හිත මිතුරු ප්‍රභාකරන් විසින් 27000 ක්ද මරා දැමුවත් තවමත් “සිංහ ලේ” අවසන් වී නැත. ඒවා අවශ්‍ය විටෙකදී ක්‍රියාත්මක වීමට අපගේ හදවත් හි කැකෑරෙමින් පවතී.

80 දශකයේ රාජ්‍ය අසාධාරනයට එරෙහිව කැරළි ගැසූ සියල්ලෝ ජේවීපී කාරයන් නොවෙති. එම විරෝධයට පක්ශයක් පාටක් නොතිබිනි. එදවස එම තරුනයන් අත් දුටු අසාධාරණයට එරෙහිව කඳවුරු බැඳීමට ජනතා විමුක්ති පෙරමුණ කඳවුරු බිමක් පමනක් විය. නමුත් අද ඒ ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ ලඟ දනින් වැටෙන සුවච කීකරු සේවකයෙකු පමනි. කාලයකට ඉහතදී මහා සිංහලයන් ලෙසින් පෙනී සිටි පාටලී චම්පික රණවක, අතුරලියේ රතන හිමි ආදීන්ද අද නැලවෙන්නේ රනිල් වික්‍රමසිංහගේම ඔඩොක්කුවේය. එදවස පාටලී චම්පික ඇමතිවරයා කෑ ගැසුවේ විල්පත්තුවේ මුස්ලිමුන් පදිංචි කිරීම වැරදි බවටත් පුත්තලමෙන් පවා මුස්ලිමුන් ඉවත් කර සිංහලයන්ට සාධාරනය ඉටු කළ යුතු බවටත් ය. නමුත් ජනවාරි 8න් පසුව ඔහු පැවසූවේ බෙල්ලන්විල මිනිසුන් පදිංචි වී ඇත්තේ අභය භූමියකනම්, හම්බන්තොට නගරය ඇත්තේ අභය භූමියකනම්, අම්පාර නගරය ඇත්තේ අභය භූමියකනම් විල්පත්තුවේ මුස්ලිමුන් පදිංචි වුනාට මොකද කියාය. ඔවුන් විසින්ම ඊයෙ පෙරේදා සිට නැවත වරක් විල්පත්තුව මාකට් කර අවංක “සිංහ ලේ” තම බල තන්හාව වෙනුවෙන් භාවිතා කිරීමට යත්න දරමින් සිටින බව පෙනේ. ඔවුන් කැපූ වලේ විල්පත්තුව පමනක් නොව මුළු ජාතියම එරී ඇත. මේ දේශපාලකයන් පාට වෙනස් කර, පක්ෂ වෙනස් කර එංගලන්ත ඒජන්තවරුන් ලඟ දන නැමූ පමනින් සැබෑ “සිංහ ලේ” ඇති තරුණයන් යටපත් කළ නොහැකිය.

රට, ජාතිය මෙවන් විපතකට ඇද දැමුවේ ඔවුන් විසිනි. රෑ වැටුනු වළේ දවල් වැටෙන්නට උගත් බුද්ධිමත් ජනතාව සූදානම් නැත. පාටලීලා, අනුර කුමාරලා විසින් දරදිය හැද කප්පරක් සිහින මාළිගා ජනතාව ඉදිරිපිට මවා බිහි කළ රනිල්-මෛත්‍රී රජයෙන් තමන්ට සිදුවන කෙනෙහිළිකම් වලට එරෙහිව අවංක විරෝධයක් පෑමේ අරමුනින් “සිංහ ලේ” වෙත ආකර්ශනය වන සැබෑම දේශප්‍රේමී හදවත් කිනම් මොහොතක හෝ කොල්ල කෑමට මොවුන් පෙළඹිය හැකිය. තම පැවැත්ම වෙනුවෙන්, බල තණ්හාව වෙනුවෙන් රට ජාතිය ඇපයට තැබීම, තරුන ජීවිත බිල්ලට දීම ඔවුන්ට එතරම් අසීරු කරුණක් නොවේ. මේ බටහිර ගැති, බෙදුම්වාදයට පාර කපන ආණ්ඩුවට එරෙහිව නැගෙන විරෝධය ඔවුන්ට පෙර මෙන් ගසා කෑමට, සිංහල ජාතිය වල පල්ලට ගෙන යාමට කිසි සේත් ඉඩ නොතැබිය යුතුය. ජාතියේ සැබෑ හතුරන්ද, සැබෑ මිතුරන්ද, මිතුරු වෙසින් එන හතුරන්ද හඳුනා ගනිමු.

“සිංහ ලේ” අදාල කොයි කාටත් කන හරහා ඇස් ඇරෙන්නට දෙන පණිවිඩයක් බවට පත් කරගමු.

විමුක්ති වනිගසේකර
[සංවාදයට විවෘත්තයි..]

Top