Anonymous Reporter

දේශපාලන ඝාතන සහ මිනීමරුවන් රකින පොලීසිය හා NGO ව්‍යාපාරයට ඇඩ්‍රස් නැතිවූ K7 මෙහෙයුම

‘K7’ 2005 – 2009 අතර ලියුම්කරු යටතේ ක්‍රියාත්මක වූ සෙවනැලි සංනද්ධ ඒකකයකි. කොටින්ට සෘජුව හෝ වක්‍රව උල්පන්දම් දෙන දකුනේ පුද්ගලයන් පිලිබදව කටයුතු කිරීම මීට භාරවිය. කුමාර් රූපසිංහ මෙහෙයවූ යුධ විරෝදී පෙරමුන අතුගා දැමීම K7 සාර්ථකව ඉ‍ටුකල එක් මෙහෙයුමකි. උපක්‍රමශීලීව කුමාර්ගේ ව්‍යාපාරය තුලටම රිංගා එය නැත්තටම නැති කිරීමට හැකි විය.

Funding Kumar’s existence and employing the underworld 

සංනද්ධ බුද්ධි අංශයේ ගෝඩ් ෆදර් 2009දී දේශපාලනයට පිවිසීම හේතුවෙන් ලියුම්කරු ඔහුගේ දේශපාලන ව්‍යපෘතියේ කොටස් කරුවෙක් විය. ලියුම්කරුwww.rawaya.net වෙබ් අඩවිය මෙහෙය වූ අතර එය මුලුමනින්ම ෆොන්සේකාගේ දේශපාලන ආගමනය වෙනුවෙන් සැකසූවකි. මහින්දගේ රජය යටතේ ක්‍රියාත්මකවූ වූ හැකරුන් ගේ ප්‍රහාරයකින් 2014 අග භාගයේදී වෙබ් අඩවිය මුලුමනින්ම අකර්මන්‍ය විය.

Patriots and Traitors 

වර්තමානයේ කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති මුත් රටයන අත පිලිබද ලියන ලියුම්කරුවෙකි.

k7NGO ව්‍යාපාරයට ඇඩ්‍රස් නැතැවූ K7 මෙහෙයුම

කුමාර් රූපසිංහගේ බුද්ධි තොරතුරු අංශයයේ ප්‍රධානියා ලෙසට රිංගා ගැනීම දුෂ්කර ව්‍යායාමයක ප්‍රතිඵලයක් විය. හමුදාවට සම්බන්ද සෙවනැලි සංනද්ධඒකකයකට නායකත්වය දෙන අතරම ලංකාවේ එන්.ජී.ඕ කිං සමග ඩීල් කිරීම සිදුවිය. කුමාර් රූපසිංහගේ පෙරමුණට සහයෝගය දුන් අය අතර මර්වින් සිල්වා,රාජිත ,වික්‍රමබාහු , රවිරාජ්, මනෝගනේෂන් , රායප්ප්පු ජෝෂප් වැනන්වුන් ප්‍රධාන විය. මොවුනේගේ සේවය වෙනුවෙන් කුමාර් විශාල ගෙවීමක් කලේය. මුදල්ලැබුනේ නෝර්වේ රජයෙනි. කුමාර්ට සතුරු පාර්ශවයේ බලකනු අතර අතර චම්පික සහ ෆොන්සේකා විය. කුමාර් රූපසිංහගේ ‍රැස්වීම් වලට ප්‍රහාර එල්ල කිරීමටවිවිධ චරිත භාවිතා කලේය. විහාර මහා දේවි උයනේ පැවැත්වූ ‍රැලියට ප්‍රහාර එල්ල කිරීමට භාවිතා කලේ ගලබොඩ අත්තේ ඥානසාරය. මහනුවර පැවති ‍රැලියට යුදහමුදාවේ බුද්ධි අංශය සහ චම්පිකගේ සිවිල් ක්‍රියාකාරීන් එක්ව ප්‍රහාර එල්ල කලේය. කෙසේ වුවද යුධ හමුදා බුද්ධි අංශයෙන් සහ හෙල උරුමයෙන් එල්ල වූප්‍රහාර කුමාර්ගේ ප්‍රතිරූපය තවත් ගොඩ නැගුවා මිස ගමන අදාල කිරීමට හේතු නොවිනි.

ඉවක් බවක් නැති ප්‍රහාර

යුද මාවත සහ සාම මාවත බෙදෙන හන්දියේ මහින්ද නැවතී සිටින විට චම්පික සහ ෆොන්සේකා යුධ මාවත ‍තෝරගෙන පලමුව ඉදිරියට ගිය බව සත්‍යකි. නමුත් ඔවුන් ප්‍රහාර එල්ල කලේ ඉවක් බවක් නොමැතිවය. ත්‍රිකුනාමලය ඩොක්යාර්ඩ් පාරේ සිසුන්ට එල්ල කල ප්‍රහාරය එවන්නකි. එල්.ටී.ටී.ඊ සංවිධානයට කිසිදු සම්බන්ධ කමක් නොමැති අංහිසක සිසුන් පස් දෙනෙකු ඝාතනය කර තිබුනි. මෙම ඝාතනයයේ සම්පූර්ණ වගකීම චම්පික සහ කොටකදෙනිය සතුය. සිසු ඝාතනය සිදු වන විට මහින්ද සිටියේ ඉන්දියාවේ නිල සංචාරයක නිරතවය. ඝාතන සිදුවීම මහින්දගේ කනට ගැසුවා හා සමාන විය. ඉන්දියාවේ සිට පැමිනි වහාම කොටකදෙනිය සතු වූ ආරක්ෂක අංශයේ උපදේශක තනතුර අහෝසි කලේය. කුමාර්ලාගේ විහාරමහා දේවී උයනේ පැවති ‍රැස්වීමට පහර දීමට පැමිනියේ ගල බොඩ අත්තේ ඥානසාර ඇතුලු චීවරධාරීන් පිරිසකි. වග විභාගයකින් තොරව ඔවුන් එල්ල කල ප්‍රහාරය නිසා හානිවූයේ බුද්ධ චීවරය සහ රටේ කීර්ති නමය. අද ඒ ගොන්කම් වල ණය ගෙවිමට සිදුව ඇත

ෆොන්සේකාට කෝකටත් තෛලය වූ කාල තුවක්කුව

ප්‍රංශ විප්ලවයේ දී රජතුමාට එරෙහිව පාරට බසින ජනතාව මැඩීම බයිනෙත්තුවෙන් නම් මාස 3 ක් කල යුතුව තිබුනි. නමුත් කාලතුවක්ක්කුව ‍රැගෙන ඉදිරියට ආ නැපෝලියන් මාස 3ක් කල යුතු වූ සිවිල් යුද්ධය දවස් තුනෙන් අහවර කලේය. යුද්ධයේ ප්‍රතිවිපාක නීරස වුවද ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීමට නැපෝලියන්ට හැකි විය. පසුව ලෙයින් සහ යකඩින් ගොඩ නැගූ ප්‍රතිරූපය භාවිතා කොට නැපෝලියන් ප්‍රංශයේ බලය ඇල්ලුවේය. අවසානයේ සිරකරුවෙක් ලෙස අවසන් හුස්ම හෙලීය. ෆොන්සේකාගේ හැසිරීමද මීට බොහෝ දුරට සමානය. යුද්ධයේදී ෆොන්සේකගේ පලමු තේරීම් වූයේ කාල තුවක්කුවය. පාබල හමුදා ඇඩ්වාන්ස් කිරීමට පෙර දිගට හරහට කාල තුවක්කු ප්‍රහාර එල්ල කලේය. යුධ හමුදාවේ මෙවන් ඔලමොට්ටල කාල තුවක්කු ප්‍රහාරයකින් වාහරෙයි ප්‍රදේශයේ තාවකලික රෝහලක ‍ 29 දෙනෙකුඝාතනය විය. කුඩා ලමුන් 8ක් ගැබිනි මව්වරු දෙදෙනෙකු ඒ අතර විය. මීට විරෝදය පෑමට දෙමල ජාතික සංධානය කොලඹ එ.ජා කාර්යාලය ඉදිරිපිට ‍රැස්විය. එහිප්‍රධාන ක්‍රියාකාරිකයා වූයේ රවිරාජ්ය. එ.ජා කාර්යාලය ඉදිරි පිට විරෝධයෙන් වඩාත් අපහසුතාවට පත් වූයේ ෆොන්සේකාය. රවිරාජ් පසුපස හමුදා බුද්ධි අංශවලලුහු බැදීම එතැනින් ආරම්භ විය.

වැරදුනු කුරුමාණම

කලුතර පැවැත්වූ යුධවිරෝධී ‍‍රැස්වීමේ ප්‍රධාන සංවිධායකයා වූයේ රාජිතය. කලුතර ‍රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුනේ එලිමහන් වේදිකාවක් තුලය. නමුත් එදින පැවැති වැසිබර තත්වය නිසා ‍රැස්වීම පැවැත්වූයේ කලුතර නගර ශාලාව තුලය. ‍රැස්වීම ආරම්භ වීමට ප්‍රථම රජිතගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් ගේ සොදිසි කිරීමකට ලියුම්කරුද හසු විය. සෝදිසි කිරීමේදී බෑගය තුල වූ බට් ටයිප් ටී 56 අවියක් හා ජීව පතරොම් හමු වීම නිසා වැඩි දුර ප්‍රශ්න කිරීමට කලුතර දකුන පොලීසියට ‍රැගෙන යන ලදී. මෙම සිද්ධිය සම්බන්දව කුමාර් රූපසිංහ, රාජිතගේ ආරක්ෂකයන් සහ කලුතර දකුන පොලිසිය සාක්ෂිකරුවන්ය. කලුතර ‍රැස්වීම රවිරාජ්ගේ දෛවෝපගත අවසන් ‍රැස්වීම ලෙස සටහන් වීමට තිබූ නමුත් වර්ෂාව නිසා නූලෙන් වැලකිනි. කලුතර සිදුවීම නිසා ලියුම්කරුගේ සැගවුනු මුහුන අනාවරනය විය. වහාම ක්‍රියාත්මක වන පරිදි සහජීවන පදනම හා ලියුම්කරු අතර වූ සේවා ගිවිසුම අවසන් කලේය. නමුත් ඒ වන විට කුමාර් රූපසිංහගේ ඊමේල් පාස් වර්ඩ් එකේ සිට රහස්‍ය තොරතුරු බොහොමයක් සොරා ගෙන තිබුනි.

රවිරාජ්ට මරු කැදවූ පොල් තර්කය.

මරා දැමීමට පෙර වූ උදෑසන දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට රවිරාජ් සහභාගි විය. එම වැඩසටහන තුලදී ෆොන්සේකාගේ ප්‍රතිපත්ති තර්කිකවඅභියෝගයට ලක් කලේය. දෙමලාගේ වත්තේ දෙමලා සි‍ටුවූ පොල් ගහේ ගෙඩි අහුලාගෙන විත් යුධ හමුදා වෙලදසල් වල තබා ගෙඩියක් රු 400 බැගින් එහිඅයිතිකරුවන්ටම අලෙවි කරන අයුරු හෙලි කලේය. ෆොන්සේකාගේ බිස්නස් එක අසාධාරන බව පැවසීය. උතුරට වූ සියලු ගොඩබිම් සැපයුම් මාර්ග වසා දැමීමෙන්උතුරේ ජනයා හෙම්බත්ව ඇති බව පැවසීය. දෙමලා විදින දුක තේරුම් ගැනීමට නම් සතියක් හම්බන්තොටට වූ සියලු ගොඩබිම් මාර්ග වසා ප්‍රතිවිපාක අත්දකිනලෙස ඔහු ෆොන්සේකාට අභියෝග කලේය. රූපවාහිනී වැඩසටහනා විකාශනය වී පැය කිහිපයකින් රවිරාජ් ඝාතනය විය. ඔහු ඝාතනය වූයේ යුධ හමුදා මිලිටරි පොලිස් මූලස්ථානයට යාබද මාතා පාරේය.

ලසන්ත සහ වික්ටර් අයිවන්

රවිරාජ් ඝාතනය වූ පුවත මා පලමුව දැන්වූයේ ලසන්ත වික්‍රමතුංග වෙතය. නමුත් ඝාතනය පිලිබද කම්පනයක් හෝ තිගැස්මක් ඔහු තුල නොවින. ඒ වෙනුවට ඔහු කලේ ඝාතනය පිලිබද හාරා විමසීමය. ඉන් අනතුරුව ලියුම්කරු රිං කලේ 0777394959 අංකය වෙතය. රවිරාජ්ගේ ඝාතන පුවත ඇසූ විගස වික්ටර් අයිවන් තිගැස්සීමකට ලක් විය. නමුත් එය සැගවීමට ඔහු උත්සාහ කලේය. යා යුතු මාවත පිලිබද නියම ඉව වික්ටර් අයිවන් සතු විය. කවුරු කෙසේ කීවද රවිරාජ් ඉතා ගුන යහපත් මිනිසෙකු විය. ඔහුට අත්වීමට යන ඉරණම පිලිබදව සංවේගයක් ලියුම්කරු තුල ද විය. ගොඩනැගෙන වාතාවරණය පිලිබදව අනතුරු අගවා සිටියද ඔහුගේ ගමන් මග වෙනස් නොවිනි. එල්.ටී.ටී.ඊ යට එරෙහිව දියත්කල මිලිටරි ව්‍යාපෘතිය පිලිබදව වික්ටර් අයිවන් ගේ පැහැදීමක් විය. යුධ ක්‍රියාන්විතය එකහෙලාම ඔහු අනුමත කලේය. එපමනක් නොව නිසි වග විභාගයකින් යුතුව පෑන හැසිරවීය. නමුත් ලසන්තගේ හැසිරීම ඊට හාත්පසින් වෙනස් විය.

පක්ෂග්‍රාහි ඉරුදින

ලසන්තගේ ඉරුදින පත්තරය එල්.ටි.ටී.ඊ යේ ප්‍රකාශනයක් දෝ යයි සිතෙන තරමට පක්ෂග්‍රාහි විය. යුද්ධය ආරම්භ වනවාත් සමගම එල්.ටී.ටී.ඊ යුධ ශක්තිය අතිශොක්තියෙන් වාර්ථා කලේය. වරෙක ඉරුදින පත්‍රයෙන් භාගයක් වෙන් කර තිබුනේ එල්.ටී.ටී.ඊ සතු අවි ආයුධ වල ඡායා රූප පල කිරීම සදහාය. රජයේ හමුදාවන්ගේ චිත්ත ධෛර්යට ඉන් එල්ල වන බලපෑම පිලිබද අබමල් රේනුවක හැගීමක් ඔහු තුල නොවිනි. පරාජය වූ රනිල් ඉක්මනින් බලයේ පිහි‍ටුවීමත්, රනිල්ගේ රජයේ ඇමතියෙකු වීමත් ලසන්තගේ එකම සිහිනය විය. ඒ වෙනුවෙන් ඕනෑම අලුගුත්තේරු වැඩක් දීමට ඔහුගේ පෑන සැදී පැහැදී සිටියේය. ලසන්ත ජීවත්ව සිටියදී අතිශය දේවේශ සහගත ලිපි දෙකක් ලියුම් කරුට එරෙහිව ඵල කලේය.ඉන් එකක් කුමාර් රූපසිංහගේ සහ ජීවන පදනමෙන් ලබා ගත් තොරතුරු මත ඵල කර තිබුනි.අනෙක් ලිපියෙන් කියා තිබුනේ වික්ටර් අයිවන්, ලියුම්කරු සහ කුමාර් රූපසිංහ එක්ව චෞර ‍රැජින පොත ප්‍රකාශයට පත් කල බවය. ලසන්තගේ නික්ම යාම ” ඉල්ලං කෑමකි ”. ලසන්ත ගියේ යා යුතු තැනටය.

iss-leadKumar plays politics with NGO funds 

තරු පංතියේ බල අරගලය

හමුදාපති පු‍ටුවට පත්වීමේ ක්‍රියාදාමය එක් අතකින් සූදුවකි අනෙක් පසින් බෙලි කපනා දං ගෙඩියකි. හමුදාවේ එක් එක් නිලයන්හි උපරිම වශයෙන් ‍රැදී සිටිය හැකි කාලය පිලිබද සීමා දක්වා ඇත. තරු නිලයන්හි ‍රැදී සිටිය හැකි උපරිම කාලය අවු 4 – 6 අතර වෙයි. එහෙයින් නියමිත කාලසීමාව ඉක්ම යාමට පෙර එක්කෝ ඊලග නිළයට උසස් විය යුතුය නැතිනම් ගෙදර යා යුතුය. මෙකී බල අරගලය නිසා හමුදාවේ චීෆ් ඔෆ් ඩිෆෙන්ස් ස්ටාෆ් ( හමුදාවේ දෙවැනියා) සහ හමුදාපති අතර සම්බන්ධය යනු උඩින් හිනා වී යටින් බෙල්ල කපන ගේමකි. මෙය යුධ හමුදාවට පමනක් නොව නාවික , ගුවන් සහ පොලීසියටද පොදු වූවකි. ඌරන් කැකුන තලන විට හබන් කුකුලන්ට මගුල් කීවා සේ හමුදාවේ ඉහල පු‍ටු වල සීතල යුද්ධය ඉක්බාල් අතාස් නම් ජඩ මාධ්‍ය වේදියා සිය ආදායම් මාර්ගය බවට පත් කර ගත්තේය.

පුවත්පත් කලාව ගනිකා සේවයේ යෙදවූ ඉක්බාල් අතාස්

ධුර කාලය අවසානයේ හමුදාපති කෙසේ හෝ බලන්නේ ගොට්ට අල්ලා සේවා දිගුවක් ලබා ගැනීමටය, එවිට දෙවෙනියාට ගෙදර යාම නියතය. දෙවෙනියාටගොඩයාමේ එකම විකල්පය නම් හමුදාපති පන්නා දැමීමය. මෙම තත්වය ඉක්බාල් අතාස්ට හොම්බ දැමීමට දොර‍ටු විවෘත කලේය. ඉක්බාල් අතාස් සහයෝගයදෙන්නේ හමුදාපතිටද නැතිනම් දෙවෙනියාටද යන්න තීරනය වන්නේ ඔහුගේ බඩ කට පුරවන ප්‍රමාණය මතය. හමුදාපතිට සේවා දිගුවක් ඩැහැ ගැනීමේ මෙහෙයුමතුල දෙවෙනියා කුරුවල් කිරීමට අවශ්‍ය තොරතුරු ලීක් කිරීම සිදුවෙයි. ක්‍රියාත්මක වන්නේ හමුදාපති ගෙදර යැවීමේ මෙහෙයුම නම් සංවේදී තොරතුරු පිටකරනුයේ දෙවෙනියා විසිනි. ඒ අනුව ජාතික ආරක්ෂාවට සහ හමුදාවේ ආත්ම ගෞරවයට අබ සරණය. මෙය වැටයි නියරයි ගොයම කන විපත්තියකි. නමුත් බොර දියේ මාලුබාන ඉක්බාල් අතාස් නම් හම්බයාට හොද කල දවසකි.2005 වසර තෙක් හමුදාපති තේරීමේ නිල නොලත් තීරක බලයක් ඉක්බාල් අතාස් සතු විය.

හමුදාව සහ දේශපාලනඥයන් බ්ලැක් මේල් කල කෛරාටිකයා

ඉක්බාල් අතාස් පලමු කප්පම ගන්නේ ප්‍රේමදාස රජයෙනි, ඒ අක්කර 25 ක තේ වත්තකි. අනතුරුව පැමිනෙන විජේතුංග පාලන කාලයෙදී හමුදාපති සිසිල් වෛද්‍යරත්න බ්ලැක් මේල් කිරීමට ගොස් එය කෙලවර වූයේ ගුටි කෙලියකිනි. ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහ පැන්නීමට මාන බැලූ AVM ඇන්සලම් පීරිස් සංවේදී තොරතුරු ලික් කලේ මේ කාලයෙදීමය. අතාස් ගේ කටට පි‍තෝලයක් ඔබා මරණ තර්ජනය කලේ යයි වාර්තා වූයේ ඉන් අනතුරුවය. ඒ සමගම බලයට පැමිනි චන්ද්‍රිකා සහ මංගල මෙම සිද්ධියට නැති වටිනාකමක් දුන්නේය. තම රජය මාධ්‍ය නිදහස රකිනවා යයි ලෝකයට පෙන්වීමට අංහිසක නිලධාරීන් දෙදෙනෙක් හිරේ යැව්වේය. වසර ගනනාවක් ගතවී අභියාචනායකින් මොවුන් නිදහස ලබන විට චූදිතයන්ගෙන් එක් නිලධාරියෙක් වූ පියාසර ලුතිනන් රුක්මන් හේරත් ජීවතුන් අතර නොවීය. නමුත් ඉක්බාල් අතාස්, චන්ද්‍රිකා රජයෙන් බංගලාවක් සහ අක්කර 30 ඉඩමක් ලබා ගැනීමට සමත් විය. එපමනක් නොව බොරු මරණ තර්ජන මවා පා පැය 24 පුරා හමුදා ආරක්ෂාව සහ STF බොඩි ගාර්ඩ්ලා ලබා ගැනීමට තරම් ඉක්බාල් අතාස් කෛරාටිකයෙකු විය.

බිද වැ‍ටුනු සොවියට් රටවල අවි වෙලදපොල

ගුවන් හමුදාවේ ප්‍රහාරක ශක්තිය මුලුමනින්ම පාහේ ‍රැදුනේ MI24, MI16 සහ මිග් ප්‍රාහාරක යානා මතය. ඒවා නිෂ්පාදනය කලේ පැරනි සෝවියට සමූහාන්ඩුව විසිනි. සොවියට් දේශය බිද වැටීම සමග රජ්‍යයන් වෙන් වූයේ පැරණි අවි ගබඩාද සමගිනි. යුක්‍රේනය වැනි සමහරක් රටවල් සෝවියට් අවි ආයුධ වලින් පිරී තිබුනි. ඒ අනුව මෙම රටවල ප්‍රධාන ආදායම් මාර්ගයක්ද වූයේ ආයුධ විකිනීමය. නමුත් අවි ආයුධ සදහා බිහිවූ වෙලද පොල අවිධිමත් විය. අවි ගනුදෙනු සිදු වූයේ අතර මැදියන් හරහාය. පැරණි සෝවියට් රටවලින් ආයුධ මිලට ගන්නා ඕනෑම රටකට මෙම තත්වය පොදු විය. මොවුන් සමග විනිවිදභාවයකින් ගනුදෙනු කලහැකි යාන්ත්‍රනයක් නොවිනි. තවද යුධ සමයේ පකිස්ථානය හැර වෙනත් කිසිදු රටක් රාජතන්ත්‍රික මට්ටමින් ශ්‍රි ලංකාවට අවි ආයුද ලබා දීමට එකග වූයේ නැත. නමුත් යුද්ධ කිරීමට අවි ආයුධකොහෙන් හෝ ගත යුතු විය.ඉක්බාල් අතාස් මේ සරල සත්‍ය හොදින් දැන සිටියේය. එහෙයින් ලිවීමට අවශය කරුනු ඕනෑ තරම් ඉක්බාල් අතාස් සතු විය. තමාටලැබුනු කොන්ත්‍රාත්තුව අනුව කථාවක් ගෙතීම ඉක්බාල් අතාස්ට දුෂ්කර නොවීය. චන්ද්‍රිකාගේ සිට මහින්දගේ කාලය දක්වා එවන් කතාවලින් පත්තර පි‍ටුපිරෙව්වේය.

99 න් බේරුනු ජඩ මාධකරුවා

2002 රනිල් අගමැති වූ විට රනිල්ගේ රජයට එරෙහිව චන්ද්‍රිකා භාවිතා කල ප්‍රභල අවියක් වූයේ ඉක්බාල් අතාස්ගේ පෑනය. උතුරේ දේශපාලන සහ යුධ සිතියම චන්ද්‍රිකාට වාසි වන ලෙස නිර්වචනය කලේය. චන්ද්‍රිකාට උපන්ගෙයිම සතුරු වූ කුමාර් රූපසිංහ ඇතුලු NGO නඩයට එරෙහිව ඉක්බාල් අතාස් උසි ගැන්වීය. සාම ක්‍රියාවලිය උඩු යටිකුරු කලේය . රනිල්ගේ රජය වසර දෙකකින් බිද වැටිනි. අනතුරුව බලයට පැමිනියේ මහින්දය. මහින්දගේ කාලයේ වූ හමුදාපතින්ට එරෙහිවද පෑන හැසිරවූයේය. ඒ ඔවුන් තමන්ට නතු කර ගැනීමේ ඇමක් ලෙසය. අතාස්ගේ මුල්ම ඉලක්කය වූයේ ෆොන්සේකාට හමුදාපති ධූරය අහිමි කොට ගෙදර යැවීමය. ෆොන්සේකාගේ IDD බිල් අදිමින් මඩ ව්‍යාපාරය පටන් ගත්තේය. ඉන් අන්තුරුව මිග් ගනුදෙනු පිලිබදව ද්වේශ සහගත මඩ ගැසීම පටන් ගත්තේය. ඒ සමගම ඔහුට සපයා තිබූ හමුදා ආරක්ෂාව ඉවත් කෙරීය. හිටි අඩියේ ආරක්ෂක භටයන් ඉවත් කිරීම අතාස්ට දරාගත නොහැකි අපහාසයක් විය. ඔහු සිය දුක පැවසීමට ගියේ ඇමෙරිකානු තානාපති ලගටය. තානාපති හමුවෙන් පසු අතාස් ඇමෙරිකාවට නිහඩ ඔත්තුකාරයෙක් විය.

Athas column translator threatened 

රටක නොසිටිය යුතු ජඩ මාධ්‍ය කරුවන්

ඉක්බාල් අතාස් හමුවීමට ලියුම්කරු ගියේ මෙවන් පසු බිමක් තුලය.අන්‍යතාව ප්‍රකාශ ප්‍රකාශ කිරීමෙන් අන්තුරුව විජය පුවත්පත් කාර්යාලයට ඇතුල් වු අතර, අතාස්ගේ සහායකයෙකු ප්‍රකාශකලේ ඔහු කාර්යාලය තුල නොමැති බවය . ඒ අනුව අතාස් ඉංග්‍රිසියෙන් ලියන බහුභූත සිංහලට හරවන WG ගුනරත්නගේ හමුවීම සිදුවිය. අතාස්ගේ අතේ රෝල් ”ආරක්ෂක වාර්තාව ” වහාම නැවැත්විය යුතු බවද , එසේ නොවුවහොත් ඔහුද රවිරාජ් ගිය පැත්තටටම යවන බව කියා සිටියයේය. ඊනියා ආරක්ෂක තත්ව වාර්තාව ලිවීම ඔහු විසින් අත්හැර දැමුවද අක්බාල් අතාස්ලා රටක නොසිටිය යුතු ජඩ මාධ්‍ය කරුවන්ය. ඉහත කී සිදුවීම සම්බන්ද කැමරා සටහන් විජය පුවත් පත් ආයතනය සතුය. විජය පුවත්පත් කාර්යාලයේ සේවකයන් සක්ෂිකරුවන්ය. ඉක්බාල් අතාස්ට ලබා දුන් පනිවිඩය පිලබදව වැඩියෙන්ම කලබල වූයේ කොළඹ තානාපති සහ ඇමෙරිකානු රජ්‍ය දෙපාර්තමේන්තුවය. ඔවුන් එකපිට එක නිවේදන නිකුත් කලේය. අතාස්ලාගේ ලසන්තලාගේ සිතියම අනුව යුද්ධ කලේ නම් ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතරය.

Bureau of Democracy, Human Rights, and Labor 

චෙම්මිනි සමුහ මිනීවල පිරවූයේ කවුද

හමුදා සාමාජිකයන් පිරිසක් විසින් ක්‍රිශාන්ති කුමාරස්වාමි සිසුවිය දුෂණය කොට ඝාතනය කලේ 1996 වර්ෂයේ චන්ද්‍රිකාගේ කාලයේදීය. ඝාතනයේ ප්‍රධාන විත්තිකරුවකු වූ සෝමරත්න රාජපක්ෂට මරණ දඩුවම නියම විය. විවෘත අධිකරනයේ මරණ දඩුවම ප්‍රකාශ කරන විට විශේෂිත සිදුවිමක් වාර්ථා විය. එනම් චූදිත සෝමරත්න චෙම්මිනි නම් සමූහ මිනීවල පිලිබද රහස් තොරතුරු හෙලි කිරීමය. චෙම්මිනි මිනීවල පිරවූයේ ෆොන්සේකා යාපනය ආඥාපති වූ කාලයේදීය. නිමලරාජන් නම් යාපනයේ මාධ්‍යවේදියා චෙම්මිනි මිනීවල පිලිබදව තොරතුරු ජත්‍යන්තරයට හෙලි කර සිටියේය. එපමනක් නොව යාපනයේ සිදුවෙනඅතුරුදන්වීම්, ඝාතනයන්, අත්අඩංගුවට ගැනීම් පිලිබදව හඩක් නැගීය. එහෙයින් හමුදා අතුරු සංනද්ධ කන්ඩායමක් අතින් නිමල්රාජන් ඝාතනය විය. නිමල්රාජන් ඝාතනයේ ප්‍රධාන විත්තිකරු වූ සෙබස්තියන් පිල්ලේ කොළඹ ‍රැගෙන ආවේ හමුදාවේ මෙහෙය වීමෙනි. අනතුරුව ඔහු විදේශ ගත විය. එදා මෙදා තුර වසර 15ක් ගත වුවද නිමල්රාජන් ඝාතනය හෝ චෙම්මිනි මිනීවල පිලිබද වරදකරුවෙකු අල්ලා නොමැත. රවිරාජ් , ලසන්ත , එක්නැලිගොඩ ඝාතන සම්බන්ධවද තත්වය එසේමය.

Army Commander calls journalists traitors 

මිනීමරුවන් රකින CID ය

එක්නැලිගොඩ අතුරුදහන්වූවා යයි එතෙක් වාදනය වූ තැටිය වෙනුවට, ගිරිතලේ කදවුරේ රදවා තැබූ එක්නැලිගොඩ මරාදැමූ බව ප්‍රථම වරට හෙලි කලේ මෙම වෙබ් අඩවිය විසිනි.චම්පිකගේ අස්වාභාවික ලිංගික ජීවිතය පිලිබද එක්නැලිගොඩ පල කල ලිපිය ඝාතනයට ආසන්න හේතුව වූ බව වැඩි දුරටත් හෙලි කර සිටියේය. තම කේන්ද්‍රය අනුව යමින් රජ වීමට සිහින මවන චම්පිකට, එක්නැලිගොඩ ලියු ලිපිය මරු පහරක් විය. චම්පිකට හිතවත් හමුදා නිලධාරියකු බලල් අතක් ලෙස යොදවා එක්නැලිගොඩ ඝාතනය සිදුවිය. එදා හෙලිකල තතු අද වනවිට සාත්‍ය බව ඔප්පු වී ඇත. පරීක්ෂන පිලිබදව දෛනික ත්ත්ව වාර්ථා අධයනය කිරීමට තරම් ෆොන්සේකා සහ චම්පික කලබල වී ඇත. නමුත් කිසිවෙකු බියවිය යුතු නැත. CID සිටින්නේ මිනීමරුවන් ‍රැකීමටය. බන්ඩාරනායක ඝාතනයේ සිට අද දක්වාම ඔවුන් කැපවූයේ ඒ වෙනුවෙනි. ඝාතන නියෝගය දුන් බල සම්පන්න දේශපාලන ශරීරය ආරක්ෂිතය, උන්ඩය ක්‍රියාත්මක කල හස්ථය අනාරක්ෂිතය

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

Top