Featured

චම්පික ගෙදර වැඩ කරන කොල්ලා යහපාලනයට ගහන්න යවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුල්කර ගනිමින් වත්මන් යහපාලනයෙන් ඉවත් විම සදහා දැන් සිටම කඳවුරු බැදිමට කටයුතු කරන ලෙස උසේ තරමට චම්පිකට මොළේ නැති ප්‍රගීත් ඝාතනයේ ප්‍රධාන සැකකරු,මහ නගර සභා හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික මහතා සිය ඇම්බැට්ටයන් රැලට අවවාද අනුශාසනා කර තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරනවා.ජාතික හෙළ උරුමයේ මාධ්‍යම කාරක සභාව මාස11කට පසුව පසුගියදා රැස්ව ඇති අතර එහිදි අමාත්‍යවරයා පෙන්වා දි ඇත්තේ මේ මොහොතේ ආණ්ඩුවට එරෙහිව ගමන් කිරිම තමන්ගේ අමාත්‍යධුරය නැතිවිමට පවා හේතු විය හැකි බවයි.

රටේ ඒකීයභාවයට හා බුද්ධාගමට හානියක් සිදු නොවන අකාරයේ නව ව්‍යවස්ථාවක් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එජාපය හෝ චන්ද්‍රිකාකුමාරතුංග විසින් මෙහෙයවන ශ්‍රී ලනීපයේ ඇතැම් පාර්ශවයන් විසින් ගෙන එමට දෙවරක් නොසිතනු ඇති බවත් එමනිසා එවන් අවස්ථාවක ආණ්ඩුවෙන් එලියට පැමිණිමට සුදානම් ශරිරයෙන් සිටිය යුතු බවද චම්පික පෙන්වා දි තිබේ.

පසුගියදා බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්‍ෂක, කාන්තා කටයුතු යන අමාත්‍යංශ මහ ඇමැතිවරයා යටතට පවරා ගනිමින් බස්නාහිර මහ ඇමැති ඉසුරු දේවප්‍රිය, ජාතික හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහගේ ඇමැති ධූරවලින් නෙරපා දැමිමත් හෙළ උරුමයේ දේශපාලන පත්විම් ලද රාජ්‍ය සේවකයන් 300කට අධික සංඛ්‍යාවක් කිසිදු දැනුම්දිමකින් තොරව සේවයෙන් නෙරපා දැමිමත් මහ නගර සභා හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ පඹයකු ලෙස පමණක් ඇමතිවරයාට කටයුතු කිරිමට සිදුවිමත් හේතුවෙන් හෙළ උරුමය යහපාලනය සමග දැඩි අර්බුදයක් නිර්මාණය කරගෙන තිබේ.

ඒ අනුව පාඨළි චම්පික රණවකගේ ගෙදර වැඩ කරන කොල්ලා වන නිශාන්ත ශ්‍රි වර්ණසිංහට ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවලට ගොස් පක්ෂයේ මතය ආණ්ඩුවට එකග නොවන අකාරයට ප්‍රකාශ නිකුත් කරන ලෙසට උපදේස් ද දි තිබේ.

කියවන්න –හෙළ උරුමයේ කණ අත ගා…නිශාන්තට පයින් ගහයි….  

Top