Featured

හමුදාව බිල්ලට දෙන යහපාලනයෙන් තවත් අපරාධ චොදනාවක්

1983 වර්ෂයේදී ශ්‍රි ලංකා යුධ හමුදාව වැලිකඩ බන්ධනාගාරයේදී දෙමළ රැඳවියන් 53 දෙනෙකු ඝාතනය කර එම සිරුරු බොරැල්ල සුසාන භූමියේ විශාල වලවල් 03ක් හාරා,එහි වලදැමූ බව කියමින් යුධ හමුදාවට එරෙහිව තවත් යුධ අපරාධ චොදනාවක් එල්ල කිරිමට බෙදුම්වාදි යහපාලන NGO කාක්කන් නඩය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

දෙමළ රැඳවියන් 53 දෙනෙකුගේ මළසිරුරු ශ්‍රී ලංකා හමුදාව විසින් බොරැල්ල සුසාන භූමියේ විශාල වලවල් 03ක් හාරා, දෙවතාවකදී එහි වලදැමූ බව එවකට එම කනත්තේ මුරකරුවෙකු ලෙස කටයුතු කල අනීෂ් තුවාන් නැමැත්තා අනාවරණය කර තිබේ.

ඝාතනයට ලක්වූවන් අතර සන්නද්ධ සටන්කාමීන් වූ කුට්ටිමනි, තංගතුරෙයි සහ ජෙගන් යන අයද සිටින ලදි. ඔවුන්ට 1983 පෙබරවාරී මස අධිකරණය විසින් මරණ දඬුවම නියමකර තිබුණ බවද අනාවරණය කර තිබේ.

“1983 වර්ෂයේ ජූලි මස අවසන් සතියේ එක් දිනක රාත්‍රියේදී ශ්‍රී ලංකා හමුදා කණ්ඩායමක්, එකවරම කනත්තට ඇතුළු වී ස්ථාන 02 ක් තෝරාගෙන එම ස්ථාන දෙකේ බැකෝ යන්ත්‍රයක් මගින් අඩි 10ක් පළල අඩි 10ක් දිග, අඩි 10ක් ගැඹුරු වලවල් 02 ක් කපන ලදි. ඉන් අනතුරුව හමුදා ට්‍රක්රථයක් එම ස්ථානයට පැමිණෙන ලදි. එම ට්‍රක්රථයට නැග බැලූ අවස්ථාවේදී එහි පිරිමි පුද්ගලයින් 35 දෙනෙකුගේ මළ සිරුරු මම දැක්ක. ඉන් අනතුරුව එම මළ සිරුරු වලදමන ලදි. එම මළ සිරුරු කුට්ටිමනි ඇතුළු දෙමළ රැඳවියන්ගේ මළ සිරුරු වන්නට ඇතැයි විශ්වාස කල හැකිය. එම ස්ථානය මේ වනවිට දේවිබාලිකා විද්‍යාල‍ය ආසන්නයේ වාහන නැවතුම්පලක් ලෙස භාවිතා කරයි.”

Top