Featured

‘සත්හඬ’ පුවත්පත් කපෝති – දුමින්ද කර අරී

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පැරෂුට් මහා ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක සහ රටේ මුල්‍ය සමාගම් කොල්ලක් කෑමේ ප්‍රසිද්ධියට පත්ව සිටින කූප්‍රකට හොරෙකු වන දුමින්දගේ කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති රාජ්‍ය ආයතනයක සභාපති ධුරය දරණ සිඩ්නි ගජනායක විසින් පවත්වාගෙන ගිය ඉරිදා ‘සත්හඬ’ පුවත්පත නතර කර දැමිමට කටයුතු කරමින් සිටින බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදෙන අප විශේෂ වාර්තාකරු අනාවරණය කරසිටි.

ඒ අනුව දෙසැම්බර් අවසානයේ සිට මේ දක්වා පුවත් පතේ කතෘවරුන්ට,සෙවකයන්ට පඩි ගෙවිමට සහ පුවත් පත මුද්‍රණ වියදම් සහ ප්‍රචාරක කටයුතු සදහා යන වියදම් සියල්ල්ම දුමින්ද දිසානායක විසින් කපාහැර ඇති අතර පසුගිය කළාප මුද්‍රණය කිරිම වෙනුවෙන් මුද්‍රණ වියදම්ද තවම පියවා නැති අතර පසුගිය කළාප කිහිපයම සදහා ප්‍රචාරක කටයුතු නතර වී ඇත්තේද මුදල් කපා දැමිම නිසා බවද වාර්තාවේ.

පසුගිය මහ මැතිවරණ සමයේදී ව්‍යාපාරික රවී විජේරත්න මහතා හා මංගලගේ ගොලයා වන රුවන් ප්‍රදිනන්දිස් විසින් එක්සත් ජාතික පක්ෂයට පක්ෂව ආරම්භ කල ‘සත්හඬ’ පුවත්පත මැතිවරණයෙන් පසුව මුදලින් උදව් නොකරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රවී විජේරත්න මහතාට දැනුම් දුන් අතර පසුව රුවන් දුමින්ද දිසානායකට පුවත්පත් විකුණා දැමු අතර එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිළ පුවත් පත කිරිමටද කටයුතු කරමින් සිටියා.

මේ අතර ‘සත්හඬ’ පුවත්පත නතර කර දැමිමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සිඩ්නි ගජනායක මහතාගේන් අප විශේෂ වාර්තාකරු විමසිමට උත්සහ කලද එම උත්සහයන් සියල්ල අසාර්ථක වි ඇති අතර ‘සත්හඬ’ පුවත්පත පවත්වාගෙන යමින් එහි ප්‍රධානියා ලෙස කටයුතු කරමින් රුවන් ප්‍රදිනන්දිස් තවත් පුවත් පත් කිහිපයක් ආරම්භ කිරිමට කටයුතු කිරිම ‘සත්හඬ’ පුවත්පත නතර කර දැමිමට ආසන්නම හේතුව වි ඇති බවද අනාවරණය වි තිබේ.

Top