LNN SPY

නාවින්න ආවේ ශ්‍රිලනීප භාණ්ඩාගාරය හොරා කාලා- අපේ ඡන්ද වලින් ගොඩ යන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමැති එස්.බී.නාවින්න එක්සත් ජාතික පක්ෂයට එක්ව මහ මැතිවරණයට තරග කරන්නේ සන්ධානයෙන් මහින්ද කුරුණෑගලට ඉල්ලන බව දැන් ගැනිමෙන් පසුව බවත් එජාප ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පිවිස යලිත් සන්ධාන රජය සමග එක්ව ඇමතිකම් ලබා ගැනිමට සුදානමක් පවතින බව තමන් දන්නා බව රනිල්ගේ කොලුගැටයෙකු වන අධ්‍යපණ අමාත්‍ය අකීල විරාජ් කාරියවසම් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට පවසා තිබේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරයේ මහා පරිමාණ මුල්‍ය වංචාවකට නාවින්න මන්ත්‍රිවරයා සම්බන්ධ බවත් එය ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ අතටම මාට්ටු වි ඇති බවද අකිල රනිල්ට කියා තිබේ.

මහින්ද රාජපක්ෂ කුරුණෑගලින් මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන්ට පවා පාර්ලිමේන්තුවට පිවිසිම  අපහසු වන බවද අකිල රනිල්ට පවසා තිබේ.

පසුගිය වයඹ පලාත් මැතිවරණයේදිද එස්.බි.නාවින්න මහතා තමන් වයඹ මහඇමති ධුරයට තරඟ කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින බව කල්තබා ඇඟවු අවස්ථාවේ ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිවකුට මන්ත්‍රී ධුරයෙන් ඉවත්වී පළාත් සභාවට තරග කිරීමට ඉඩක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සන්ධානය විසින් ලබා නොදෙන බවයි.

එම නිසා නාවින්න මහතා මහ ඇමැති වීමේ ආසාව අත් හැර ගත්තේය. එහෙත් එකී නීතිය සන්ධානය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී පැමිණි දයාසිරි සම්බන්ධව අනුගමනය කෙරුණේ නැත. නාවින්න මහතාගේ කළ කිරීමට හේතු වී ඇත්තේ මෙලෙස බොරු කියා තමන්ව නොමඟ යැවීම ගැනය.

 

Top