Featured

සිරිසේනගේ ගේම් වලට මට කර ගහන්න බෑ -රනිල්

මෛත්‍රීපාල සිරිසේන ගහන ගේම් වලට තමන් කර ගැසිමට සුදානම් නැති බවත් වහාම රටතුල ගැටලුකාරී තත්ත්වයක් ඇති කිරිමට උත්සහ කරමින් සිටින බලහත්කාරයෙන් අත්අඩංගුවට පත් බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ වහාම ඇපමත මුදා හැරිමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට උපදෙස් ලබාදි තිබේන බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව ඉතා ඉක්මනින්ම ගලගොඩඅත්තේ ඥානසාර නිදහස් කිරිමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කිරිමට රාජිත අද උදැසන සිටම කටයුතු කර ඇති අතර පසුව ජනාධිපතිවරයා රාජිතට බැනවැදි ඇති අතර අදාළ ගැටලුව සම්බන්ධයෙන් මැදිහත් නොවන් ලෙසට රාජිතට නියෝග කර තිබේ.පසුව අද උදැසන අත් අඩංගුවට පත්  ඥානසාර හිමියෝ ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොටි ඔත්තුකරු ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් නඩුව අද (25) අධිකරණයේ විභාග වෙමින් පවතිද්දී, විනිසුරුවරයා ඇතුලු නීතිඥවරුන්න්ට කෑ ගසමින් කලහකාරි ලෙස හැසුරුනු බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දසනායක මහතා විසින් නියෝග කර ඇති අතර ඥානසාර හිමිගේ ඒම හදිසි ප්‍රහාරයේ දේශපාලන හස්තය මේ වනවිට සම්පුර්ණයෙන් අප ඊයේ අනාවරණය කලා.

කියවන්න –මෛත්‍රී-ඥානසාර Deal එක මෙන්න

Top