Featured

පිපුනු මල් තලා පොඩි කල හැකි නමුදු වසන්තය පැමිනිම නැවතිය නොහැක

පෙරදිග සුලග යටපත් කරමින් බටහිර සුලග හමා ගියේ නොසිතු මොහොතකය. කඩතුරාවක මායාවෙන් ජනයා උන්මාද විය, මං මුලා විය . ලක් පොලව එලිය කරමින් උදාවූ වසන්තයට නොව දුර අහසේ පෑයූ දේදුනකට ඇතමෙක් පෙම් බැන්දහ. මායාවෙන් නිලංකාර වූ දෑස් සිහියට එලඹෙන විට සියල්ල සිදුවී හමාරය. සර්වජන ඡන්ද බලයේ අවිචාරවත් චලනයක විපාක පෙරලා පැමිනියේය. සැබැවින්ම පරාජය වූයේ පුරවැසියන්ය. පස්චාත්තාපයෙන් ඇතමෙකුගේ හෘදසාක්ෂිය ඉකිගසා වැලපුනේය. අදුරට සාපකරනවා වෙනුවට අදින් වසරකට පෙර අප පහනක් දැල්වූයෙමු.

‘‘යහපාලන ආණ්ඩු ව්‍යාපෘතිය ’’ පටන් ගත්තේ මැදපෙරදිගිනි. එය ක්‍රියාත්මක වූයේ ඇමෙරිකාව ප්‍රමුඛ බරහිර කදවුරේ පූර්ණ අනුග්‍රහයෙනි. ඊනියා ‘‘යහපාලන ආණ්ඩු  ව්‍යාපෘතිය’’ යනු ආකර්ශනීය දවටන වල බහා ගෙන ආ සයිනයිඩ් කැවූ සීනි බෝලය.දුෂණය පිටුදැකීම, නීතියේ පාලනය, විනිවිදභාවය, ප්රජාතනත්රවාදය, තිරසාර සංවර්ධයන වැනි දේදුනු පාට ලේබල් ගසා එය මාකටිං කලේය. රැවටිල්ලේ තරම තේරුම් යන විට ප්රමාද වැඩිය. ලිබියාව, ඉරාකය, සිරියාව අද ඊනියා යහපාලනයෙන් ඵල බරව ඇත. ඊනියා යහපාලනයේ බොල් බීජ ලක්බිමේ වපුරා වසරක් ගතව ඇත.

සංවර්ධනය වූ කලී දිගු කාලීන, මැදි කාලීන සහ කෙටි කාලීන ව්යාපෘතිය. වරායක් තැනූ සැනින් නැව් වලින් පිරී ගිය රටක් මිහිපිට නොමැත. ගුවන්තොටක් තැනූ සැනින් යානා වලින් පිරුනු රටක් මිහිපිට නොමැත. අංග සම්පූර්ණ මිනිසුන් මිහිපිට නොමැත. අංග සම්පූර්ණ පාලන තන්ත්ර මිහිපිට නොමැත. මිනිමරු කොටි ත්‍රස්තවාදය අතුගා දැමුවේ අප දෑස් ඉදිරිපිටය . ඉනින් මතු ලක්බිම යලි එක්සේසත් කලේ වසර 700 කට පසුය. චීන සහයෝගයෙන් රටේ ආර්ථිකය පනගසා නැගිට්ටේය. ඒ ස්වර්ණමය පරිඡේදයට සක්ෂිකරුවන් අප වෙමු. තුන්කල් නුවනින් බලා දෑහිතකාමි මිනිසුන් අභිෂේක කිරීම පුරවැසියන්ගේ වගකීමය.

පාලකයන්ට ගොට්ට ඇල්ලීම ජීවනෝපායකි. පත්වූ නව රජයට හේත්තු වී ලද හැකි වරප්‍රරසාද ඉවත ලා , අප උඩු ගං බලා තරණය කලෙමු. සිංහ කොඩියේ සිංහයා රැගෙන පෙරට ආවෙමු. යුක්ති යුක්ත දේශපාලන ඉලක්ක සමග නැගී සිටින අප කුමන්ත්රන මගින් යටපත් කල නොහැක. තීරනාත්කම හෝරාවේ පහරදෙන සිංහලේ දුරදිග විහිදුම් බලකාය සුද්දන්ගේ සැටලයිට් වලට ඉලක්ක කළ නොහැක. පරයන් ඉදිරියේ දනින් වැටෙන රාජ්‍යක නිවටුන් ලෙස නොව සිංහලේ ධජය එසවීමට අප සමග එක්වීමට කාලය පැමින ඇත.

අප සමග වසරක් රැදී සිට දෑ හිතකාමි ඔබ සැමට ප්රණාමය පුදකර සිටිමු. ඒ බැදීම තව තවත් ශක්තිමත් කලයුතුව ඇත. එක්වන්න අප සමග, බෙදා ගන්න ඔබේ අදහස් , ලියන්න අපට.

lankanewsweb.today@gmail.com
Keerthi954@gmail.com

Top