Featured

Blue Mountain ණය මිලියන් 8500 පනී – ආණ්ඩුවට බනිමින් හොරු රට පනී

ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties මුල්‍ය වංචා පිළිබඳව දිගින් දිගටම අප විසින් කරල ලද අනාවරණයන් තහවුරු කරමින් මේ වන විට Blue Mountain ණය සිමාවා බිලියන 8.5 (මිලියන් 8500ක් )ඉක්මවා ඇති බව වාර්තා වේ.පසුගියදා බ්ලු මවුන්ටන් සමුහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ විනීෂ් අතුකෝරාල සමග හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හමුවිමට ගොස් ඇති අතර රටම ඇන්ඳවූ අකාරයට වෛද්‍ය හිරාන් කබ්රාල් ද අන්දවන්නට උත්සහ ගෙන ඇති අතර අවසානයේ නිකම්ම පිචං වි යන්නට ගොස් තිබේ.

තමන්ගේ Blue Mountain Properties සමාගම සතුව මහා විශාල ධනයක් ඇති බව පෙන්විමට විවිධ ලිපි ලේඛන පෙන්වමින් තම සමාගමට ණය ලබා ගැනිම සදහා අවශ්‍ය උපකාරය ලබාදෙන ලෙසට ඉල්ලිමක් කර තිබේ.පසුව සාකච්ඡාව අතර තුර අජිත් නිවාඩ් කබ්රාල් පවසා ඇත්තේ “this also like Ceylinco” යනුවෙනි…..පසුව වැඩේ බකල්වන බව දැනගත් හිරාන් පවතින ආණ්ඩුවට අම්බානකට වැරදි කියමින් අවලාද කියා ඇති අතර නමුත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා එයද ගණන් නොගෙනම ඔහුන්ව හරවා යවා තිබේ.

මිලියන් 8500ක් අධික ණය බරින් කරකියාගත නොහැකිව සිටින Blue Mountain Properties කොළඹ නගරය ආශ්‍රීත apartments ඉදිකරන වට පෙන්වමින් ජනතාවගෙන් සල්ලි ගරාගත්තද අදාළ apartments ඉදිකිරිමට නියමිතව තිබු ඉඩම් සියල්ලම වෙනත් සමගමකට විකුණා දැමිමට එම ඉඩම් හිමිකරුවන් තින්දුවක්ද ගෙන තිබේන බව Blue Mountain සමාගමේ සේවකයෙකු තහවුරු කර සිටියා.

ඒ අනුව බ්ලු මවුන්ටන් සමුහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි පුවත් පත්,වෙබ්, රූපවාහිනී දැන්වීම් හරහා අමු කෙප්ප ප්‍රචාරය කරමින් ජනතාව ගොනාට අන්දවා මාධ්‍ය ආයතන කිහිපයකටද පොලු තබා පසුගිය මාස කිහිපය තුල එකතු කරගත් මුදල් සමග රටින් පැනයාමේ සුදානමක් පවතින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.මේ වනවිටත් සභාපතිවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ තිදෙනෙකු හොර රහසේම රටින් පැන යැමට සුදානමින් සිටින බවත් ආයතනයේ පහල පෙලේ වගකිම් දැරු නිළධාරීන් පිරිසක් ආයතනය කල රහසිගත හොර ව්‍යාපාරික කටයුතු වල වගකිම් පැටවිමේ උත්සහයක්ද පවතින බව වාර්තා වේ.

Blue Mountain හොරු ගැන කල සියලුම අනාවරණයන් කියවන්න – 

graphics-click-here-483014

Blue Mountain Properties

 

Top