Anonymous Reporter

දඩයම එපා කී රනිල්ගේ කොලු දඩයම

දේශපාලන විද්‍යාවේ එන මූලිකම සිද්ධාන්තයක් වන්නේ බල බෙදීමයි. බලය සම්පූර්ණයෙන්ම එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට ඒකරාශී වීම තුළින් ජනතාවට එල්ල විය හැකි තර්ජන මැඩලීම බල බෙදීමේ අරමුනයි. පාලකයන් බලයට පත් කරන්නේ ජනතාවය. ඒ අනුව ඔවුන් භාවිතා කරන බලයේ අයිතිය ජනතාව සතුය. ජනතාවගෙන් ලද වරම අනුව රාජ්‍ය පාලනය කිරීමට පාලකයන් බැදී සිටියි. ඔවුන් වගවීමේ යාන්ත්‍රනයකට බැද තැබිය හැක්කේ බලතල බෙදීම තුල පමනි. පාලකයන් පත්කිරීම හා ඔවුන් වගවීමේ යාන්ත්‍රනයට බැදතැබීම ජනතාව සතු සුජාත අයිතිය කි. නොඑසේනම් ජනතා පරාමාධිපත්‍යයි.

පාලකයන් පත්කිරීම හා වගවීමේ යාන්ත්‍රනයට බැදතැබීම නොහොත් ජනතාපරාමාධිපත්‍ය අර්ථවත් වන්නේ බලය බෙදා පාලනය කිරීම තුල පමනි.මෙසේ බෙදා වෙන වෙනම පාලනය කල යුතු බලය කොටස් 4 කි. මෙකී බල කනු හතරේම පරම අයිතිය ජනතාව සතුය.

1. ව්‍යවස්ථාදායකය – රට පාලනය කිරීමට ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය කිරීම.
2. විධායකය – පිලියෙලකල ප්‍රතිපත්ති හා නීති ක්‍රියාවෙහි යෙදවීම
3. අධිකරනය- රටේ නීති සහ ප්‍රතිපත්ති අනුව පාලනය සිදුවන්නේද යන්න නිර්නය සහ අධික්ෂනය කිරීම.
4. ජනමාධ්‍ය – නීති සකසන , ක්‍රියාවෙහි යොදවන සහ අධීක්ෂණය කරන ආයතන වල හැසිරීම නියමාකාරයෙන් මහජනයාට වාර්තා කිරීම.

මෙකී බලකනු ක්‍රියාත්මක විය යුත්තේ එකිනෙකට ස්වාධීනවය. ඒ වගේම එකක් පයයා අනෙක නොයා යුතුය. එක් බලයක් යොදවා අනෙක යටපත් නොකල යුතුය. එක් ආයතනයක් අනෙක් ආයතනය සමග ඩීල් නොදැමිය යුතුය. එසේම එක් ආයතනයක් විසින් අනෙක් ආයතනයට තර්ජනය කිරීම හෝ යටපත් කිරීම නොකල යුතුය . එක් ආයතනයක් අනෙක් ආයතනයේ කටයුතු වලට මැදිහත් නොවිය යුතුය. ජනමාධ්‍ය විසින් ඇත්ත ඇති සැටියෙන් වාර්ථා කලයුතු විනා කිසිවෙකුගේ බත් පැකැට්‍ටුවට කඩේ යාම නොකල යුතුය. එක් ආයතනයක් තවත් ආයතනයක් ඩීල් කිරීම හෝ යටපත් කිරීම යනු ජනතාවගේ පරම අයිතිය සමග කරන කැත සෙල්ලමකි.

ඊයේ පාර්ලීමේන්තුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ ජනමාධ්‍ය පිලිබද විශේෂ කථාවක් කලේය. එය ජනමාධ්‍ය වෙත එල්ලකල තද බල දෝෂාරෝපනයකි. රනිල්ගේ හැසිරීම තුල දිස්වූයේ ව්‍යවස්ථාදායකය විසින් ජනමාධ්‍ය යටපත් කිරීමට දැරූ උත්සාහයකි. පාර්ලීමෙන්තුවේ වරප්‍රසාද වලට මුවාවී ජනමාධයට අයුතු බලපෑම් කිරීමට රනිල්ට අයිතියක් නැත. රනිල් විසින් ඇගිල්ල දිගුකරන ජනමධ්‍ය සහ පුද්ගලයන් කිසිවෙකු සමග ඩීල් කරන්නේ නම් තම දුක් ගැනවිල්ල ‍රැගෙන යා යුත්තේ යුක්තිය පසිදලන ආයතනයක් වෙතය. උගත් රනිල් වික්‍රමසිංහට නීතියේ ප්‍රතිපාදන පිලිබදව අමුතුවෙන් කිවයුතු නැත. මාධ්‍යට එල්ල කරන චෝදනාව එක් කථාවකි. රනිල්ගේ හැසිරීම පි‍ටුපස ඇති ඉගි බිගිය තවත් කථාවකි.

මද කිපෙන කාලයට අලි කුලප්පු වීම ස්වාභාවිකය. ‍රැලේ යන කාලයට බල්ලන් උඩු බිරීම සාමාන්‍ය සිදුවීමකි. සත්වයන් මෙසේ කුලප්පු වන්නේ, අසාමාන්‍ය ශබ්ද නගන්නේ, ඉදි බිගි පාන්නේ කාමයේ හැසිරීමට සහකරුවෙකු කැදවීමටය. රනිල්ගේ කථාවෙන් පෙනීගියේ චතුරගේ පත්තර කියවන වැඩසටහන ඔහු නරඹන බවය. චතුරගේ කියවීම ප්‍රිය නොවිනි නම් වෙන අයෙකුගේ පත්තර කියවීමක් බැලිය හැකිව තිබුනි. චතුරට වඩා ජාතිවාදය අවුස්සන මාධ්‍ය කරුවන් ඕනෑ තරම් ඇත. රනිල්ගේ කතාව ඉගි බිගියකි. දඹුලුත් වැදගෙන තලගොයි මසුත් රස බැලීමකි. දකුනට අත දමා වමට හැරවීමකි. කෙටියෙන් කියතොත් සිදුවූයේ, බත් පැකැට්‍ටුවට කඩේ යන මාධ්‍ය සංස්කෘතියට බැන අඩ ගසන අතර හිත ගත් කොලු ගැටයාට සිග්නල් එකක් දීමය. කොලු රනිල්ගේ දේශපාලනය තුල මෙවන් ඉගිබිගි හරහා නිදි යහනට කැදවූ ගැටවුන්ගේ කථා වස්තු ඕනෑ තරම් ඇත.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

Top