LNN SPY

ආණ්ඩු කුක්කන්ගේ මහින්ද විරෝධි සටනට පළත් මන්ත්‍රින්ගෙන් කණේ පහරක්!

මහින්ද රාජපක්‍ෂව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අගමැති අපේක්‍ෂකයා කර හෝ වෙනත් බලවේගයක අපේක්‍ෂකයා කර දේශපාලනයට නැවත ගෙන ඒමේ මෙහෙයුමේ ප්‍රබලව නිරතව සිටින කණ්‌ඩායම් අතර ලංකාවේ පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ඇත්තේ ප්‍රමුඛස්‌ථානයකි. 

මහ ඇමැතිවරු කිහිපදෙනකු ද එතැන සිටීම වත්මන් ආණ්‌ඩුවට මෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබලයන්ට ලොකු හිසරදයක්‌ විය. මේ නිසා ශ්‍රීලනිපයේ ඉහළ නිලධාරීන් ආණ්‌ඩු පක්‍ෂයේත් සහාය ඇතිව මේ මෙහෙයුම වළකන්නට ලොකු ප්‍රතිවිප්ලවයක්‌ කළා යෑයි කිවහොත් නිවැරැදිය.

ශ්‍රීලනිපයේ මහලේකම්, ජාතික සංවිධායක හා වත්මන් විපක්‍ෂ නායක යන තිදෙනාම මේ ප්‍රතිවිප්ලවයේ ලොකු කොටස්‌කරුවන් වෙති. ඊට ශ්‍රීලනිපයේ ප්‍රකාශක ඩිලාන් පෙරේරාගෙන් ලද සහය ද සුළුපටු නොවීය.

මේ අතරතුර මහින්දව පතන කණ්‌ඩායම වෙන වෙනම සිය සටන් පෙරමුණු සංවිධානය කරමින් සිටියහ. බස්‌නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග වටා එක්‌රොක්‌ වූ බස්‌නාහිර පළාත් සභාව සිටියේ මෙම සටනේ ඉදිරියෙනි. එහෙත් ප්‍රසන්න රණතුංග පසුගිය සතියම සිටියේ ඔස්‌ටේ්‍රලියාවේය. නියමුවා නැති වාහනයට නැග වාහනය තමන් කැමති පාරකට හරවා ගන්නට හැකිදැයි උරගා බලන්නට ශ්‍රීලනිප නායකයෝ උත්සාහ කළේ මේ අතරතුරය.

ඒ සඳහා ක්‍රමයක්‌ ද සකස්‌ කළ ශ්‍රීලනිප නායකයෝ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන්ට කතාබහ කරන්නට අවස්‌ථාවක්‌ යොදාගත්තේය. ඒ අනුව සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් බස්‌නාහිර ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු එකතු කරන්නට සූදානම් කෙරිණි.

මේ තත්ත්වය තුළ පළාත් සභා මන්ත්‍රීවරු ද වෙනම සැලසුමකට පැමිණ සිටියහ. ඔවුන්ගේ සැලසුම වූයේ පළාත් සභා රැස්‌වූයේ පළාත් සභා මන්ත්‍රීවරු රැස්‌ව කතා කරමින් සිටින විටදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂව නැවත ගෙන ඒමට යෝජනාවක්‌ කර එය වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනීමය.

කෙසේ වෙතත් බදාදා වන විට මේ ආරංචිය ශ්‍රීලනිප නායකත්වයට වාර්තා විය. සුසිල් එය වළකන්නට කළ එකම පිළියම වූයේ එම හදිසි පළාත් සභා මන්ත්‍රී රැස්‌වීම කල් දැමූ බව නිවේදනය කිරීමය.


බුලිත ප්‍රදීප් කුමාර 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top