Breaking
19 Apr 2025, Sat

ජාතික විධායක සභාව නමින් පෙනී සිටින සංවිධානයක් ගෝඨාභය රාජපක්‍ෂ සිරභාරයට ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. මෙය සිරභාරයට ගැනීමක් ද අත්අඩංගුවට ගැනීමක් ද යන්න පැහැදිලි නැත. ඒ කෙසේ වෙතත් ජාතික විධායක සභාවේ අදාළ තීරණය ඒකමතික යැයි වාර්තා වෙයි.

මේ තීරණය ගත් රැස්වීමට මාදුළුවාවේ සෝභිත හිමියන් සහභාගි වූ සේක් දැයි දැනගැනීමට ක්‍රමයක් නැත. උන්වහන්සේ පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණේ තමන්වහන්සේට ජාතික විධායක සභාවේ රැස්වීම් ගැන නොදන්වන බව ය. එසේ කියා උන්වහන්සේට ඒ වැදගත් සභාව ගන්නා තීරණවලින් නිදහස් වීමට නො හැකි ය. රැස්වීම්වලට සහභාගි වුවත් නැතත් උන්වහන්සේ ඒ වැදහත් සභාවෙහි සාමාජිකත්වය දරණ තාක් එහි තීරණවලට උන්වහන්සේ ද වගකිව යුතු ය. 

ඒ කෙසේ වෙතත් ජාතික විධායක සභාව පිහිටුවනු ලැබ ඇත්තේ කිනම් පනතක් යටතේ ද , කිනම් ඇමතිවරයකු විසින් ද, කැබිනට් මණ්ඩලය විසින් ද, පාර්ලිමේන්තුව විසින් ද, ගැසට් නිවේදනයකින් ද ආදී වශයෙන් කරුණු රාශියක් දැනගැනීමට අවශ්‍ය වෙයි. ගමක මරණාධාර සමිතියක් පිහිටුවීමේ දී ද අනුගමනය කළ යුතු ක්‍රියාදාමයක් වෙයි. එයට ව්‍යවස්ථාවක් වෙයි. එහි වැඩ කටයුතු කෙරෙන පිළිවෙළක් වෙයි. එයට අයත් බලතල වෙයි. එයට කළ හැකි වැඩ හා කළ නොහැකි වැඩ වෙයි.

ජාතික විධායක සභාවට ව්‍යවස්ථාවක් වේ ද? එහි කටයුතු කෙරෙන්නේ කෙසේ ද? ඒ සභාවට යම් නීත්‍යානුකූලභාවයක් වේ ද? ඒ නීත්‍යානුකූලභාවය ලැබෙන්නේ කෙසේ ද? ඒ සභාව ගන්නා තීරණ ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද? අප දන්නා තරමින් ජාතික විධායක සභාවට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට, සිරභාරයට ගැනීමට බලයක් නැත. බලයක් නැතිව තීරණ ගන්නේ කෙසේ ද? ගන්නා තීරණ ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද?

ජාතික විධායක සභාව අඩුම තරමෙන් කැබිනට් උපදේශක මණ්ඩලයක් ද? ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හෝ වෙනත් අයකු හෝ මේ පිලිබඳ පැහැදිලි පිළිතුරක් දිය යුතු ය. එසේ නොමැතිනම් ජාතික විධායක සභාව ජාතික විකට සභාව බවට පත්වීමේ අවදානමක් ඇත.

ඇතැම් විට ළමයි සෙල්ලම් පාර්ලිමේන්තු පිහිටුවති. එසේ සෙල්ලම් පාර්ලිමේන්තුවල කටයුතු කිරීමෙන් ළමයි විනෝද වෙති. ජාතික විධායක සභාවත් එවැනි සෙල්ලම් ආයතනයක් ද? කිසි දිනෙක බලයට පැමිණීමට නොහැකි කිහිප දෙනකුට ඉඳහිට රැස්වී තමන්ට නිල බලයක් නැති වුවත් තීරණ රැගෙන තේ කෝප්පයක් බී ගිලන්පස වළඳා සතුටු වීමට තැනක් ලබාදීම එතරම් වරදක් නො වේ. එහෙත් මේ විකට වටයට වියදම් වන්නේ එහි සාමාජිකයන්ගේ මුදල් විය නො හැකි ය. යහපාලනය අනුව මෙවැනි ආයතනයකට මහජන මුදල් වියදම් කිරීමට හැකි ද? සාධාරණ සමාජයක් ඇති කිරීමට මෙවැනි ආයතනයක් මහජන මුදලින් පිහිටුවිය හැකි දැයි සෝභිත හිමියන් අප වැනි හුදී ජනයාගේ පහන් සංව්ගය පිණිස වදාරන්නේ ද?

නලින් ද සිල්වා

2015 මාර්තු 13

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.