Featured

“ඔව් අපි බයයි තමයී” පළාත් පාලන මැතිවරණය 2016 නෑ

පළාත් පාලන මැතිවරණය මේ වසරේදී නෝපැවැත්වීමට රනිල්-මෛත්‍රී ඇතුලු යහපාලනය තින්දුවක් ගෙන තිබේන බව අනාවරණය වි තිබේ.එකාබද්ධ විපක්ෂය සහ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන්වයෙන්  නව පක්ෂයක් බිහිවිම මෙම මැතිවරණය කල්දැමිමට හේතුව බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළා.

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කල අතර අධිකරණයට බලපැම් කිරිම හරහා එම නඩුවේ තින්දුව කල් දමමින් කාලය කා දැමිමට කටයුතු කිරිම රජයේ මුලික අරමුණ වි තිබේ.

යම් හෙයකින් පළාත් පාලන මැතිවරණය පැවත් වුවහොත් මහින්ද රාජපක්ෂ ඇතුලු රාජපක්ෂලාගේ නව දේශපාලන පක්ෂය කරලියට එනු ඇති බවත් එය මැතිවරණයේ තිරක බලය බවට පත්විම නතර කිරිමට කිසිවෙකුටත් නොහැකි වනු ඇති බවද රජයේ අදහස වි තිබේ.එමනිසා නීතිය භාවිතා කරමින් රාජපක්ෂලා මර්දණය කිරිමෙන් පසුව මැතිවරණය ගැන සිතිය යුතු බවයි ආණ්ඩුවේ මතය වි ඇත්තේ.

මේ අතර පළාත් පාලන මැතිවරණය මේ වසරේදී පැවැත්වීමට නොහැකි වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත. පසුගිය 3 වැනිදා පැවැති කැබිනට් රැස්වීම අවසන් වූ පසු එක්සත් ජාතික පක්‍ෂයේ අමාත්‍යවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම ගැන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළැඹීම නිසා පක්‍ෂයක් වශයෙන් ගන්නා පියවර කුමක්දැයි එ.ජා.ප. අමාත්‍යවරුන් එහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා තිබේ. ඊට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පවසා ඇති අතර ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ කිසිදු දෙයකට බිය නොවී සුපුරුදු පරිදි දේශපාලන කටයුතුවල නිරත වන ලෙසත් සංවර්ධන කටයුතු සඳහා අදාළ මූල්‍යමය ප්‍රතිපාදන සියලුම මන්ත්‍රිවරුන්ට නොඅඩුව ලබා දීමට තමන් ඉදිරි දින කිහිපය ඇතුළත කටයුතු කරන බවත්ය.

පසුව සාකච්ඡාව අවසානයේ මාධ්‍යවේදීයෙකු අගමැතිවරයාගෙන් විමසා ඇත්තේ මැතිවරණය කල් දැමිමට කටයුතු කරන්නේ  නව දේශපාලන පක්ෂය මෙම මැතිවරණයට තරග කිරිම නිසා නේද යනුවෙනි.එයට පිළිතුරු දෙමින් අගමැතිවරයා තරහින් පවසා ඇත්තේ  “ඔව් අපි බයයි තමයී” යනුවෙනී…..

Top