Featured

ශ්‍රිලනිපයේ දියවීම අනිවාර්‍යයි-මෛත්‍රී බත්බැලයන් හදිසි සාකච්ඡාවක

තවදුරටත් මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් කටයුතු කරන අකාරය වෙනස් නොවුන හොත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දියවී යැම සක්‍රයාගේ පුතා වන වයිමා ආවත් නතර කල නොහැකි බව අද හදිසීයේම සිරිසේනගේ වලවුවට කැදවු සිරාගේ වන්දිබට්ටයන් දාහඅතේ පවසා තිබේ.

රටපුරාම රාජපක්ෂලා ප්‍රමුඛ එකාබද්ධ විපක්ෂය ගෙනයන සටන එන්න එන්නම් තීව්‍ර අතට හැරි ඇති බවත් ඒ අල්ල පනල්ලේ එක්සත් ජාතික පක්ෂය සිය ඡන්ද ගොඩ වැඩිකර ගැනිම සදහා කටයුතු කරමින් සිටින බවත් මෛත්‍රී මෙහිදි පෙන්වා දි තිබේ.යම් හෙයකින් පළාත් පාළන මැතිවරණයක් කැදවිමට සිදුවුවහොත් පළාත් පාලන ආයතන 330න් 150කට ආසන්න ගණනක් අත උඩින්ම මහින්ද පාර්ශවය දිනාගනු ඇති බවත් තවත් විශාල ප්‍රමාණයක තීරක බලයද ඔහුන් සතු කර ගන්නා බව මේ වනවිටත් රහස් ඔත්තු සේවාවන් කල සමික්ෂණ හරහා අනාවරණය වි ඇති බවද මෛත්‍රී සදහන් කල බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කුමණ අකාරයේ ක්‍රියාවලියක් හරහා මැතිවරණය දිගටම කල් දමා ගැනිමත් ඒ හරහා රාජපක්ෂලා මර්දනය කිරිමත් හැර අන් කිසිම ක්‍රියාවලියක් හරහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දියවි යැම නතර කිරිමට නොහැකි බව සියලුම මෛත්‍රී බත්බැලයන් එකමතිකව තිරණයකට පැමිණ තිබේ.

මිට අමතරව මෙම සාකච්ඡාවේදි FCID සම්බන්ධයෙන් සාකච්ඡාවට ගෙන ඇති අතර FCID හරහා සිද්ධ වන ඇතැම් සිද්ධින් පිළිබඳව තමන්ද සතුටු නොවන බවත් අවස්ථා ගණනාවක තමන් අසතුට ප්‍රකාශ කලද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමත් පෙර ජාතික ආණ්ඩුවට එක්ව සිටින අමාත්‍යවරුන්ගේ හෝ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත ‍පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසුරුවා හැරිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම හරහා පවසා ඇති බවද මෛත්‍රීපාල පෙන්වා දි තිබේ.

මෙහිදි කොකටත් පැනලා දෙන ජනතා ඡන්දයෙන් කූජීතව මෛත්‍රීගේ පිහිටෙන් ඇමති කබ්බෙකු වු අප්පච්චි මළෝ කණ්ඩායමේ නායකයා වු විජිත් විජිතමුනී පවසා ඇත්තේ….”FCID එක තියෙද්දිම ආණ්ඩුව කෙලවුනොත් මහින්ද ලොක්කාගෙන් අපි කාටවත් බේරිල්ලක් නෑ ” යනුවෙනි…

තමන්ට දැන් වෙහෙස බවත් පැරණි රෝගී තත්වයක් යලිත් වෙගයෙන් ඉස්මතු වෙමින් ඇති බවත් පවසමින් මෛත්‍රී සාකච්ඡාව අවසන් විමට පෙර නැගිට ගොස් ඇති අතර සතියක් ඇතුලත කලයුත්තේ කුමක්ද යන්න තමන්ට සාකච්ඡා කොට පවසන ලෙසද මෛත්‍රී පවසා තිබේ.

Top