Featured

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් “දෙමළ ඊළාම් ප්‍රාන්ත රජය”ඉල්ලයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාවගේ ගැටළු විසඳන අන්දමින් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන ෆෙඩරල් පාලන ක්‍රමයක් පදනම් කරගත් විසඳුමක් දැකිය යුතු බවත් ඒ ආකාරයෙන් සකස් කරන උතුරු නැ‍ගෙනහිර ඒකාබද්ධ ප්‍රදේශයට ‘දෙමළ ඊළාම් ප්‍රාන්ත රජය’ යන නම තැබිය යුතුය” යනුවෙන් කිළිනොච්චියේදී බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදී කල්ලියේ කණ්ඩායමක් තින්දුවක් ගෙන තිබේ.

ඒ අනුව යහපාලනය කෑ මොර දෙමින් නිරන්තරයෙන් ජප කරන මන්ත්‍රය වි ඇති ඒකීය ශ්‍රී ලංකාවක් තුල උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ ෆෙඩරල් පාලන ක්‍රමය පදනම්කරගත් විසඳුමක් දැකිය යුතු බවත්, ඒ ආකාරයෙන් ඒකාබද්ධ කරන උතුරු නැගෙනහිර ප්‍රදේශයට ‘දෙමළ ඊළාම් ප්‍රාන්ත රජය’ යන නම තැබිය යුතු බවත් ප්‍රකාශ කර තිබේ.

ඒ අතර, මහජනතාව පහත ඉල්ලීම්ද ඉදිරිපත් කර ඇත.

I.    දෙමළ ඊළාම් ප්‍රාන්ත රජයට ඉඩම් සහ පොලීස් බලතල ලබාදිය යුතුය.

II.    රාජ්‍ය පාරිපාලන භාෂා ලෙස සිංහල සහ දෙමළ යන භාෂා දෙක නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කල යුතුය.

III.    කාන්තාවන් සඳහා දේශපාලන අවස්ථා වෙන් කළ යුතුය.

IV.    විවිධ ජාතික ජන වර්ග ජිවත්වන ශ්‍රී ලංකාව තුල සියළු ජනතාවට අයිතිවාසිකම්, යහපත සහ ආගම ආරක්‍ෂා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කළ යුතුය.

V.    වතුකරයේ ජනතාව සහ මුස්ලිම් ජනතාවට සමානතාවයකින් ජීවත්වීමට හැකි අ‍න්දමින් වැඩපිළිවෙලක් සකස් කළ යුතුය.

VI.    ෆෙඩරල් පාලන ක්‍රමය, මතභේදකාරී තත්වයක් ඇති නොකරණ එකක් බවත්, ඉන්දියාවේ ඇති අන්දමේ ප්‍රාන්ත රජයන් වැනි ක්‍රමයක් සකස් විය යුතුය

මෙහිදී අදහස් දැක්වු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන කොමිසමේ නියෝජිතයෙකු වන සී.තවරාජා, ජනතාව බියකින් තොරව අදහස් ඉදිරිපත් කළ යුතු බවත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කළ යුතු කරුණු පමණක් අදහස් ලෙස ඉදිරිපත් කළ යුතු බවත්, මේ ආකාරයෙන් ඉදිරිපත් කරන අදහස් වාර්තාවක් ලෙස සකස් කර, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන කොමිසම වෙත ලබාදෙන බවත් ප්‍රකාශ කර ඇත.

Top