Featured

රවීගේ පාතාල නායක කුඩුලාල් ,ප්‍රින්ස්ගේ බෑනා මරයි

මහා බැංකු කොල්ලකරු රවී කරුණානායක සහ කුඩුලාල්ගේ පාතාල කණ්ඩායම සහ “ප්‍රින්ස්” පාතාල කණ්ඩායම අතර  කාලයක් තිස්සේ පවතින ගැටුමේ තවත් අදියරක් ලෙස  ඊයේ රාත්‍රී වැල්ලම්පිටියේ වෙඩි තබා ඝාතනය කල පිරිස අතර මෙරට නම හෙල්ලූ පාතාල කණ්ඩායමක නායකයකුවන ප්‍රින්ස් කොලම්ගේ බැනා වන සාලිත නිපුණද වන බව අනාවරණය වි තිබේ.

අතර  කලක් තිස්සේ කොලම්ගේ කණ්ඩායම මෙම ප්‍රදේශයේ බලය පතුර්වාගෙන සිටිය අතර පසුගිය රජයේ පාතාල මර්දනය නිසා රටින් පැන ගිය කුඩුලාල්  දැන් නැවතත්  පාතාල කණ්ඩායම් මෙහෙය විම භාරගෙන තිබේ.

අවුරුදු 05 කට ආසන්න කාලයක් ලන්ඩනයේ ජීවත් වූ ලාල් පීරිස් හෙවත් ‘කුඩු ලාල්’ මේ වනවිට රවීගේ රැකවරණය යටතේ නැවතත් ශ්‍රී ලංකාව පැමිණ ඇති අතර කලින් කොළඹ මහ නගර සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ලාල් පීරිස් මැරයා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එජාපයෙන් නාමයෝජනා නොලැබුණහොත් නැවතත් ‘ඉටිපන්දම’ ලකුණෙන් තරග කිරීමට බලාපොරොත්තු වන බවද අනාවරණය වි තිබේ.

පසුගිය මහා මැතිවරණ සමයේ  අප කල අනාවරණයන් කියවන්න –

මහා බැංකු කොල්ලකරු රවී කරුණානායක සහ කුඩුලාල්ගේ පාතාල  කණ්ඩායම සහ “ප්‍රින්ස්” පාතාල කණ්ඩායම අතර අද කොළඹ කොටහේන ප‍්‍රදේශයේ ඇතිවු ගිණිකෙළි සංදර්ශණය සම්බන්ධයෙන්  LNW  ඔත්තුකරුවන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ.

Exclusive:කොටහේන හොල්ලා රවී කරකවා අතහැරිය කුඩුලාල් හා “ප්‍රින්ස්” පාතාල ගැටුම

Top