Featured

නාවික හමුදාවේ සුබසාධනය මෛත්‍රී බැණා ගිලගනී

මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ බැණා පොඩ්ඩ වන ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරී තිලින සුරන්ජිත් නාවික හමුදාවේ සුබසාධන අංශය හරහා සිදුකරමින් යන මුල්‍ය වංචාවක් මේ වනවිට අනාවරණය වි තිබේ. නාවික හමුදාවේ නිළධාරීන්ට සුබසාධන අංශය මගින් ගෙවීම් ක්‍රමයට ලබා දෙන විදුලි උපකරණ සහ අනිකුත් භාණ්ඩ පිළිගත් සමාගම් මගින් නොගෙන තිළිණගේ බලය පාවිච්චි කරමින් E.R නාලක නමැත්තා හරහා තනි පුද්ගලයෙකු ලෙස අදාල භාණ්ඩ සැපයිමට කටයුතු කරමින් සිටි.

නාවික නිළධාරීන්ට 2015 වසරේ අග භාගයේ ගෙවීමේ ක්‍රමයට සුභ සාධක සංගමයේ අනුග්‍රහයෙන් ලංකාවේ ප්‍රධාන සමාගම් මගින් භාණ්ඩ ලබා දෙන ලද අතර මේ වසරේද එම ක්‍රමයටම භාණ්ඩ අලෙවි කිරීම කර ඇති අතර මේ ක්‍රමයේදී ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ අවශ්‍ය සමාගම් විසින් මිලදී ගැනිමේ හැකියාව තිබේ.

නමුත් සැම්සුම් සමාගමේ සේවය කරනවා යැයි කියා E.R නාලක නමැත්තා ජනාධිපති M.O.U අංශයේ සාජන් කෙනෙකු හෝ වෙනත් නිළධාරියෙකු මගින් ජනාධිපතිවරයාගේ බෑණා වන තිළිණ සුරන්ජිත් මහතාගේ උපකාරය ලබා ගෙන සියළුම පිළිගත් සමාගම් අයින් කර තනි පුද්ගලයෙකු වශයෙන් මෙම ව්‍යාපාරය කිරීමට සැලසුම් කර ඇත.

E.R නාලක නමැත්තා මේ සදහා විශාල මුදලක් මෙම කොන්ත්‍රාත්තුව ලබා දීම සදහා ගෙවන අතර ඒ හා සමාන අල්ලස් මුදලක් තිලින සුරන්ජිත්ටද ලබාදෙන අතර ඊට අමතරව තිලිනගේ බත් බැලයන් ලෙස කටයුතු කරන කිහිප දෙනෙකුටද අල්ලස් මුදල් ලබාදෙන බවද අනාවරණය වි තිබේ.

Top