All

රාජිතගේ සැත්කම ඉදිරි පැය 24 තුල-රාජිත දෛවයට ඉඩ දෙයි

සිංගප්පුරුවේ මවුන්ට්‌ එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට සැත්කමක් කිරිමට අවශ්‍ය බවත් ඒ සදහා දින 90ක කාලයක් ලබාදි ඇති  බවත් අප පසුගියදා අනාවරණය කළා. නමුත් ඉදිරියේදි සිදුවන ග්‍රහ මාරුවිම් හරහා රාජිතට මාරාන්තික තත්ත්වයන් උදා විමට ඉඩ ඇති බවට ජ්‍යොතිෂවේදින් කරන ලද අනාවරණයන්ට අනුව වහාම එම සැත්කම ඉදිරි පැය 24 තුලදි සිදුකිරිමට සේනාරත්න පවුල තිරණය කර තිබේ.

ඒ අනුව අදාළ බයිපාස් සැත්කම කිරිමෙන් පසුව මාස දෙකක පමණ කාලයක් මහන්සින් නොවි සිටිමට වෛද්‍යවරුන් උපදෙස් ලබාදි ඇති බවත් සැත්කම අවසන් වනතෙක් එහි ප්‍රථිපල සම්බන්ධයෙන් අනාවැකි කිමට හැකියාවක් නොමැති බවයි සෞඛ්‍ය ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක අප විශේෂ වාර්තාකරුට පවසා ඇත්තේ.

Top