All

ඩීල් කුමාර විජේදාසට ගැහුවේ ලක්ෂ 25කට!

ඩීල් කුමාර හෙවත් අනුර කුමාර යනු ලාංකිය දේශපාලන භුමියේ අංක එකේ ඩීල් කරුවෙකු බව ලංකා නිවුස් වෙබ් ටුඩේ නිරන්තරයෙන් අවධාරණය කර සිටියා.පසුගිය කාලසිමාව තුලදි රාජපක්ෂ රජයට හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මඩ ගැසිම වෙනුවෙන් අරලිය ගහ මන්දිරයෙන් ඩීල් කුමාරට ලැබුනේ කාමර පමණක් නොවන බව දැන් පැහැදිලිය.

ජවිපෙ නායක අනුර දිසානායක මහතා අධිකරණ ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඉලක්ක කරමින් කිසිදු සහ සම්බන්ධයක් නොමැතිව ඔහුට එරෙහිව ද්වේෂ සහගත අවලාද නැගීම පසුපස මුදල් ගණුදෙනුවක් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

අනුර දිසානායක මහතා පසුගිය 2010 මැතිවරණයට ඉදිරිපත් වෙද්දී ඔහුට මුදල් නැතැයි කී විට ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් රුපියල් ලක්ෂ 25 ක් ලබා දී ඇත. මෙවර ඉදිරි මැතිවරණයටද දිසානායක මහතා මුදල් නැතැයි කියා ආචාර්ය විජේදාස මහතාගෙන් මුදල් ටිකක් ඉල්ලා ඇතත් විජේදාස මහතා මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත. ඇමැතිවරයෙක් වීමට පෙර මුදල් දිය හැකි නම් ඇමැතිවරයෙක් වීමෙන් පසු මුදල් දිය නොහැක්කේ මන්දැයි යන කෝපය මත අනුර දිසානායක මහතා විසින් ඔහුගේ ඇමැති ධූරයට පහර දීමට පෙළැඹී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. 

අනුර දිසානායක මහතා කිලී මහාරාජාගෙන් සහ ටිරාන් අලස් ගෙන් ද මුදල් ලබා ගන්නා බව ප්‍රසිද්ධ රහසක් බවත් ඔහු කෙදිනකවත් කිලී මහාරාජා හෝ ටිරාන් අලස් විවේචනය කර නැතැයිද ජවිපෙ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

අනුර දිසානායක මහතා අවලාද නගා තිබුනේ අධිකරණ භාරයේ තිබූ ඇවන්ට් ගාඩ් අයිතිකරුගේ ගමන් බලපත්‍රය මුදා හරින ලද්දේ ඇමැති විජේදාස බලපෑම් කර නිසා බවයි. ඊට පිළිතුරු දෙමින් ආචාර්ය විජේදාස ඇමැතිවරයා පවසා සිටියේ ඊට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් මහේස්ත්‍රාත්වරුන්ට කතා කර නඩු තීන්දු දෙන හැටි ගැන කියා දීමට තමන්ට නොහැකි බවයි. ඇවන්ට් ගාඩ් අයිතිකරුට ගමන් බලපත්‍රය මුදා හැර ඇත්තේ ඩොලර් මිලියන 300 ක් රටට ලැබෙන ගිවිසුමකට අත්සන් කිරීම සඳහා විදෙස් ගතවීමට කරන ලද සාක්ෂි සහිත ඉල්ලීමක් සලකා බැලූ අධිකරණය විසින් බව කී ආචාර්ය විජේදාස මහතා අනුර දිසනායක මහතාගේ චෝදනාව අධිකරණයට කරන ලද අපහාසයක් බවත් පවසා තිබිණ. ඉන්පසුවද අනුර දිසානායක මහතා පෙර කී චෝදනාවම කළ අතර විජේදාස රාජපක්ෂ මහතා ඒ පිලිබඳ රූපවාහිනී නාලිකාවක ප්‍රසිද්ධ විවාදයකට පැමිණ ඔප්පු කරන ලෙස අනුර දිසානායක මහතාට අභියෝග කර ඇතත් ඒ මහතා තවමත් එය බාරගෙන නැත. 

උපුටා ගැන්ම – ලංකා ඊ නිවුස් –

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top