Featured

මම තටු කඩන්න දක්ෂයෙක් …මමයි මහා ලේකම්

ටක්කෙටම තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් වරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කරනු ඇති බව ජනතා ඡන්දයෙන් කූජිතවි මෛත්‍රීගේ පිහිටෙන් වලං සොදා ඇමතිවරයෙකු වු එස්.බී. දිසානායක අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.

හිටපු ජනාධිපතිවරයාට වැටෙන්න පහරදුන් තමන්ට විශ්වා වර්ණපාල මහතාගේ හදිසි අභාවයෙන් පුරප්පාඩු වී ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තනතුර ලබා ගැනීම සඳහා ඔනෑවටත් වඩා සුදුසුමක් තිබෙන බවත්….’ඔහෝම කෑ ගැහුවට මෛත්‍රීට තමන් නැතුව් කිසිවක් කරගත නොහැකි බවද ‘ දිසානායක මහතා අප වාර්තාකරුට පවසා තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තනතුර සදහා මේ වනවිට ශ්‍රීලනිපයේ ප්‍රබලයින් අතර තරගයක් නිර්මාණය වී ඇති අතර සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා යන අයද දිසානායකට අමතරව මෙම තනතුර සදහා සටනක් නිර්මාණය කර තිබේ.

සන්ධාන මහලේකම්වරයා ලෙස ඩිලාන් පෙරේරා පත්කිරිමට ජනාධිපතිවරයාගේ සුදානමක් පවතින බවට තමන්ට වාර්තා වි ඇති බව අප වාර්තාකරු දිසානායක මහතාට පවසා ඇති අතර එහිදි එස්.බී. දිසානායක පවසා ඇත්තේ,…..

“තමන් චන්ද්‍රිකාගේ තටු කැඩු ලෙසටම මහින්දගේද තටු කැඩිමට දක්ෂයෙකු බව කවුරු නැතත් සිරිසේන දන්නා බවත්….ඩිලාන්ට එහෙම ගේම් ගහන්න බැරි බවත්ය…”

Top