Breaking
25 Feb 2025, Tue

එජාපයේ කාගෙත් සුරතලී චන්ද්‍රානිගෙන් රෝසීට කැපිල්ලක්

අමෙරිකාවේ, නිව්යෝර්ක් නුවර මාර්තු 13 සිට 24 දක්වා පැවැත්වෙන කාන්තා වැඩමුළුවකට සහභාගිවිම සදහා පසුගියදා රෝසී සේනානායකට ලැබුනු අරාධනාවක් රනිල් පිළේ කාගෙත් සුන්දරී ලෙස හදුන්වන කාන්තා කටයුතු ඇමති චන්ද්‍රානි බණ්ඩාරගේ විසින් වහාම නතර කිරිමට කටයුතු කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිළ නියෝජනය කල පුද්ගලයන් සහ කණ්ඩායම් වලට එලවා එලවා පහරදිමේ තවත් එක් පියවරක් ලෙස මෙම් ගමන නතර කිරිම පෙන්වාදිය හැකි බවයි එම් කණ්ඩායමේ ප්‍රභලයෙකු සදහන් කළේ.

මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ හෙංචයියන් පාර්ලිමේන්තුවට ගෙන එමට කොළඹ මනාප වෙනස් කර ඇති බවට ජනතා මනාපයෙන් හෝ ජාතික ලැයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමි වූ හිටපු අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය පසුගිය මහා මැතිවරණයෙන් පසුව චොදනා කර සිටියා.

හදිසියේ අභාවප්‍රාප්ත වූ එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ පාර්ලිමේන්තු අසුන රෝසි සේනානායකට ලැබිමට සියලුම සුදුසුකම් සපුරා තිබියදි අනාථවි සිටි සුනඛයෙකු වන සරත් ෆොන්සේකා කුණු ගොඩක ඇති මස් කට්ටක් හොරා ගන්නා සේ රෝසී ස්ථානය හොරා ගත් අතර එයට රනිල් පිළේ ප්‍රභලයන්ගේ නොමද සහයද හිමිවුනා.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එ.ජා. පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාදීම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණයක් නොව කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් බව හිටපු නියෝජ්‍ය ඇමැතිනී රෝසි සේනානායක මහත්මිය අනාවරණය කර තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.