Breaking
25 Feb 2025, Tue

භික්ෂුන් අල්ලන්න කලින් මගෙන් අහන්න

තමන්ගේ නිර්දේශ නොමැතිව මින් ඉදිරියට භික්ෂුන් වහන්සේලා අත් අඩංගුවට ගැනිම සිදු නොකරන ලෙස පොලිස්පතිවරයාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කල බව ජනාධිපති කාර්යාලය අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු ඇති කළැයි පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ උඩුවේ ධම්මාලෝක හිමියන් අත් අඩංගුවට ගැනිමත් සමග ඇතිවු සමාජ කැලබිම සම්බන්ධයෙන් අවධානය යොමුකල ජනාධිපතිවරයා මෙම නියෝගය යොමුකර තිබේ.අත් අඩංගුවට ගත් උඩුවේ ධම්මාලෝක හිමියන්ට වහාම ඇප දෙන ලෙසට ජනාධිපතිවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්ට දැනුම්දුන් බවද මේ අනවිට අනාවරණය වි තිබේ.

උඩුවේ ධම්මාලෝක හිමියන් අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුම

මහින්ද අමරවීර සන්ධාන මහලේකම් ලෙස පත්වුන දිනට පසුදිනම අමරවීර නිවසින් පිටවුනේ උදෑසනම වර්ථමාන අතිගරු උතුමාණන්ගේ නිවස බලා යෑමටය.

අමරේ නිවසට යනවිට අතිගරු උතුමාණන් ස්නානය කරමින් සිටි බැවින් ඔහුගේ ආරක්ෂක නිලධාරීන්ට පණිවුඩය තැබූ අමරේ පැය එකහමාරක කාලයක් උතුමාණන් බලාපොරොත්තුවෙන් නිවසේ සිටි අතර ඉන් පසු උතුමාණන් සමග උදෑසන ආහාරය ගැනීමට එක්විය. මෙහිදී අමරේ පවසා ඇත්තේ මහින්ද වෙනුවෙන් මහා සංඝරත්නය සම්බන්ධීකරනය කලේ ධම්මාලෝක හිමියන් බැවින් අද දවසේ උන්වහන්සේව කෙසේ හෝ අත් අඩංගුවට ගතයුතු බවයි.

ඒ අනුව එම ස්ථානයට නාන තටාක පිරිසිදු කරන හා වැසිකිලි වලවල් හාරන කොට්ඨාශයේ ප්‍රධානියා කැදවූ අතිගරු උතුමාණන් අද දිනයේ ධම්මාලෝක හිමි අත් අඩංගුවට ගන්නයි උපදෙස්දී ඇත.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.