Breaking
25 Feb 2025, Tue

දංකොටුව ඝාතනයට තවත් වාහන 2ක් ඇවිත්-“නේවි කපිල” ඝාතනය වුනාද?

යහපාලන ඝාතන භූමියේ දරුණුතම ඝාතනය සනිටුහන් කරමින් දංකොටුව, බුත්ගම්පොළ, ඉරබඩගම අතුරු මාර්ගයේ පාළු මාර්ගයකදී පුද්ගලයන් පස්‌දෙනකු අභිරහස්‌ අන්දමින් ඝාතනය කර ඔවුන්ගේ සිරුරු වෑන් රථයක දමා පුළුස්‌සා දැමිමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ වෙනතක යොමුකිරිම සදහා අදාළ වෑන් රථය ලීසිං සමාගම විසින් භාරදී තිබුණේ පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කපිල සෙනරත් බණ්‌ඩාර නොහොත් “නේවි කපිල” නමැති අයකුට බැවින් ඔහු පසුපස පොලිස් පරික්ෂණ යොමු කිරිමට සැබෑ ඝාතකයන් කටයුතු කලද සත්‍ය වශයෙන්ම “නේවි කපිල” නැමත්තා මෙම රථයේ ගමන් කර නැති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

“නේවි කපිල” හරහා අදාළ වැන් රථය ගෙන්වා ගැනිමට පුද්ගලයෙකු කටයුතු කර ඇති අතර “නේවි කපිල” සම්බන්ධයෙන් ඔහුගේ මැර කණ්ඩායමේ සගයෙකුගෙන් කල විමසිමකදි ඔහු තවදුරටත් ජිවතුන් අතර සිටින බවට පැහැදිලිවන දැන ගැනිමට හැකියාව ලැබී තිබේ.

දංකොටුව ප්‍රදේශයේ විනාශ වූ වෑන් රථය පැදවූ බව කියන කපිල නැමැත්තා අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් බවත් ඔහු සිය දියණිය සහ තරුණියන් කිහිප දෙනෙකු දුෂණය කිරීමට සම්බන්ධ බව කියමින් ඝාතනය සම්බන්ධයෙන් සාධාරණීකරණය කිරිමට මේ වනවිටත් යහපාලන මාධ්‍ය ගොබිලන් කටයුතු කරමින් සිටින අතර නිරික්ෂනාත්මකව අදාළ නරුම ඝාතනය දෙස බැලිමට ඔහුන් ක්‍රියා නොකිරිම රටේම අභාගය බවද මේහිදි සදහන් කල යුතුය.

දංකොටුව ඉරබඩගම අතුරු මාර්ගයේ දී ගිනිගත් වාහනය පැදවූ බව කියන කපිල නැමැත්තා ඊයේ(10) රාත්‍රී 11.00 ට පමණ තම දියණියට දුරකථනයෙන් කථා කර ඇති බවත් මිතුරන් කිහිප දෙනෙකු සමග ගමනක් යන බව ඔහු පවසා ඇතැයි කපිලගේ බිරිඳ පොලීසිය හමුවේ සඳහන් කර ඇති බවයි.අපරාධ රැසකට සම්බන්ධ,දියණීය දුෂණය කල නරුමයෙකු එවන් දුරකතන ඇමතුමක් ගත්තේ නම් ඒ අනිවාර්යයෙන් තමන්ගේ මෙහෙයුම වෙනතකට යොමු කිරිමට බව අමුතුවෙන් කිවයුතු නැත.

අප ආරක්ෂක තොරතුරු වාර්තාකරුගේ ආනාවරණය …

“මේ වැන් රථය ගිනිබත් කිරිමත් ඝාතනයට ලක්වු 5 දෙනා අතර “නේවි කපිල” නැමත්තා නොමැති බව ඉතාම විස්වාසයයෙන් යුතුව සදහන් කරන්න පුලුවන්…ඒ වගේම අදාල ඝාතනය සිදුව ඇත්තේ අලුයම 2.30-3.00 අතර වන අතර ඝාතනය සිදුවු වාහනයට අමතරව තවත් වාහන 2ක් පැමිණ ඇති අතර ඉන් එක් වාහනයක් අතුරු පාර හරහා නවතා ඇති අතර අනිත් වාහන දෙක අතුරු පාර දිගේ ඉදිරියට ගමන් කර ඇති බව මේඑ වනවිටත් සාක්ෂි සහිතව අනාවරණය කර ගන්න අපිට පුලුවන් උනා. ”

මේ අතර අදාළ වෑන් රථය ගිනිගෙන ඇති ස්ථානයේ ඡායාරූප සමගින් ෆේස්බුක් වෙත පණිවිඩයක් මුදාහැර ඇති එම ප්‍රදේශයේ තරුණයෙක් සඳහන් කර ඇත්තේ ‘Murder in our village 2nd time same place’ ලෙසයි.

“නේවි කපිල” හරහා අදාළ වැන් රථය ගෙන්වා ගත් පුද්ගලයා කවුද? තවත් තොරතුරු බලාපොරොත්තු වන්න

FB_DANK

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.