Breaking
25 Feb 2025, Tue

රටම අදුරේ-ජාම බේරාගන්න සභාපති දොට්ට,ටොමියා ලෝවෙත් නෑ

යහපාලන වට්ටි අම්මා හෙවත් චන්ද්‍රිකා කුමාරතුංගගේ යුගයෙන් පසුව මුලු රටම අරාජික කරමින් පැය 10කට ආසන්න කාලයක් මුලු රටේම විදුලිය බිඳවැටීමත් ඊට සමගාම්ව ජල සැපයුම් නතර විමත් හේතුවෙන් යහපාලනයි සම්බන්ධයෙන් රටේ ජනතාව තුල තිබු අන්තිම විස්වාසයද බිදවැටිමට ලක්ව තිබේ.ශ්‍රී ලංකාවෙ වෙලාවෙන් දවල් 2.30ට පමණ විදුලිය විසන්ධිවිම සිදුව ඇති අතර පසුව සවස නැවත් විදුලිය ලැබි ඇති අතර නැවතත් විනාධි 30කින් පමණ විදුලිය විසන්ධි වු බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ අතර සවස 3.15 පමණ මෛත්‍රීපාල සිරිසේන අස්ගිරි මහ විහාර පාර්ශවයේ මහා නායක අපවත් වි වදාළ ගලගම ධම්මසිද්දී ශ්‍රි ධම්මානන්ද අත්ථදස්සි මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයට සහභාගි වෙමින් සිටි අතර විදුලිය විසන්ධි විමත් සමග රටපුරාම ඇතිවු නොසන්සුන්තාවය පිළිබඳව එස්.බි දිසානායක අමාත්‍යවරයා මෛත්‍රීට පවසා තිබේ.ඒ සමගම විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය දුරකතනයි හරහා සම්බන්ධ කරමින්  ප්‍රශ්ණ කර ඇති අතර පසුව දෙදෙනා අතර කතාබහ බහින්බස් විමක් දක්වා දුරදිග ගොස් ඇති අතර  එහි ප්‍රතිපලයක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර සේනක විජයපාල මහතාට වහාම ඉල්ලා අස්වෙන ලෙසට ඇමතිවරයා නියෝග කර තිබේ.

විජයපාල මහතා 1991 දී මොරටුව විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු විජයපාල මහතා ලක්දනවි ඩීසල් බලාගාරයේ ව්‍යාපෘති ඉංජිනේරුවරයා වූ ඔහු මොරටු සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ද විය. 2011 ලංකා විදුලි බල මණ්ඩලයේ උප සභාපති වූ විජයපාල මහතා ශ්‍රී ලංකාවේ විදුලි ඉංජිනේරු කර්මාන්තයේ 20 වසරක පළපුරුද්දක් ලබා සිටියෙකි.ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේත් අන්තර්ජාතික වෘත්තීය ඉංජිනේරු ආයතනයේත් සාමාජිකයකු වන ඔහු ශ්‍රී ලංකාවේත් එතෙරත් උපදේශක සේවාවන්හි යෙදී තිබිම්ද කැපි පෙනෙන ලක්ෂණයකි.

මේ අතර ටොමියා ලෙස විරුදාවලිය ලත් විදුලි නියේජ්‍ය ඇමති අජිත් පෙරේරා අද විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් ඊට හේතුව අද දහවල් සිටම ටොමියා හිල්ටන් හොටලයේ කාමරයක දුරකතන පවා විසන්ධිකර දමා සිටින නිසා බවද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් බලාපොරොත්තු වන්න 

 

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.