Breaking
25 Feb 2025, Tue

ඊළාම් හදන්න පොට්‌ටුඅම්මාන් ඉන්දියාවේ සිට වැඩ

යහපාලන බෙදුම්වාදීන්ගේ ඉන්දිය ගණුදෙනුවේ තවත් පියවරක් මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.ඒ දෙමළ බෙදුම්වාදී සටනේ ප්‍රභාකරන්ගේ න්‍යාචාර්‍යවරයා ලෙසට කටයුතු කරමින් සිට පොට්‌ටු අම්මාන් ඉන්දිය රජයේ සහය මත  තමිල්නාඩුවේ සැගවි සිටිමින් සිය බෙදුම්වාදී මෙහෙයුම දියත් කරන බව තහවුරු වි තිබේ.කොටි බුද්ධි ප්‍රධානියා වූ ශිව ශංකර් පොට්‌ටුඅම්මාන් “කුරුටි” යන නමින් සිය බිරිය හා දරුවා සමඟ සිටින බව අනාවරණය වි ඇති අතර

වන්නි මෙහෙයුමේදී පොට්‌ටු අම්මාන් නන්දිකඩාල්හිදී මියගිය බවට ප්‍රචාරය වුවත් ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට ආරක්‍ෂක හමුදාවට හැකියාවක් නොලැබුනු අතර පොට්‌ටුඅම්මාන් මියගිය බවට තහවුරු වන සාක්‍ෂියක්‌ ඉන්දීය බලධාරීන්ට යොමු කිරීමටද පසුගිය රජයට හැකියාවක් ලැබුනේ නෑ.

යුද මෙහෙයුමේදී සියලු එල්.ටී.ටී.ඊ. නායකයින්ගේ මළ සිරුරු පැහැදිලිව හඳුනාගත හැකි මට්‌ටමේ ඡායාරූප නිකුත් විය. නමුත් එම ඡායාරූප ගොන්නේ පොට්‌ටුඅම්මාන්ගේ රුව දක්‌නට ලැබුණේ නැත. ඒ ඉඩ ප්‍රස්‌ථාව මගින් පොට්‌ටුඅම්මාන් තවමත් ජීවතුන් අතරය යන මතය පිළිබඳව ආරක්ෂක අංශ පවා අවධානයෙන් සිටියා.නමුත් ඉන්දිය රජයේ මැදිහත් විම මත අම්මාන් මෙතෙක් කාලයක් රැක ගැනිමට හැකියාව ලැබි තිබේ.

පොට්‌ටුඅම්මාන්ගේ උප්පැන්න සහතිකයේ තිබෙන නම ෂන්මුගලිංගම් ශිවශන්කර් වන අතර 1981 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඔහු එකතු වන්නේ සුසෙයි සමගය.

යුද්ධයෙන් ලද පරාජයෙන් පසු එල්.ටී.ටී.ඊ. ඩයස්‌පෝරාව හා දෙමළ වර්ගවාදීන් එම පරාජය වසා ගැනීමටත් යළි නැගී සිටීමටත් කරළියට ගෙන එමින් තිබෙන්නේ මානව හිමිකම්ය. තම පරාජය වසා ගැනීමට හා යළි නැගී සිටීමට මානව හිමිකම්වලට අමතරව මෙම පිරිස උපයෝගී කරගන්නා චරිතයකි, පොට්‌ටුඅම්මාන්. ශ්‍රී ලංකා හමුදාව කේ.පී. මැලේසියාවේ සිට කුදලාගෙන ඒමට පෙර ඔවුන්ගේ සම්පත වූයේ ඔහුය. ප්‍රභාකරන් නැතත්, අරගලය ඉදිරියට ගෙන යැමට කේ.පී. ප්‍රමාණවත් යන තැන සිට මෙම පිරිස සැනසුම් සුසුම් හෙළුහ. කේ. පී. ශ්‍රී ලංකා හමුදා භාරයට පත්ව සිටීමත් සමග එතැන හිමි වූයේ පොට්‌ටුඅම්මාන්ටය.

අවස්ථා ගණනාවකදි අම්මාන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශ පරික්ෂණ කරමින් ඔහු සොයා ගැනිමට කටයුතු කලද ඉන්දියාව සහ රෝ සංවිධානය එක්ක ශ්‍රී ලංකාවේ පක්කලි බෙදුම්වාදීන් සමග එක්ව එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් හමුදා අත්අඩංගුවේ සිටින බවට අසත්‍ය පුවත් පලකරමින් අවධානය වෙනතකට යොමු කිරිමට කටයුතු කර තිබුනා.

 

 

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.