Breaking
25 Feb 2025, Tue

හයිඩ් පිටියේ වේදිකාවේදි මහින්ද මෛත්‍රීගේ බත් බැලයන්ගෙන් ඇමතුම්-ශ්‍රිලනිප ටොමියා කූජිත වේ

යහපාලනය නැමති බෙදුම්වාදී මජර ආණ්ඩුවේ ගමනක අවසානය තහවුරු කරමින් කොළඹ හයිඩ් පිටියේ දැවැන්ත රැලියට මහින්ද රාජපක්ෂ මහතා සහභාගි විමත් සමගම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීගේ බත් බැලයන් බවට පත්ව එජාප ආණ්ඩුවේ වලං හොදන ඇමතිවරුන් 4 දෙනෙකු සහ නී.ඇමතිවරුන් 4 දෙනෙකු සිය සුභපැතුම් එක් කරමින් දුරකතන පණිවිඩ ලබාදි තිබේ. එම ඇමතිවරුන් කවුරුන්ද යන්න හෙලි නොකර සිටිමට අප කටයුතු කරනුයේ නුදුරු දිනකදි ඇතිවන තීරණාත්මක අවස්ථාවකදි ඔහුන්ගේ සහයද ලබාගැනීමටය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඉල්ලා අස්‌වී කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු. ඕනෑම කෙනෙකුට ඒකාබද්ධ විපක්‍ෂයේ රැලියට යා හැකි වුවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සිටිමින් කිසිම මන්ත්‍රීවරයෙකුට එම රැලියට සහභාගිවීමට අවසරයක්‌ නැතැයි කියමින් උඩුබිරු ශ්‍රිලනිපයේ ටොමියාට අද කොන්දක් සහිත ශ්‍රිලනිපයේ සැබෑ ජනතා පුත්‍රයන් කනේ පහරක් ගැසුවේ දැන් කරන්න පුලුවන් දේ කරලා පෙන්නපන් කියාය.

පහුගිය ටික දිනේම ටොමියා සහ මෛත්‍රීගේ බත්බැලයන් තැන තැන රැස්විම් තබමින් විවිධ ප්‍රකාශ නිකුත් කරමින් හයිඩ් පිටියේ රැලිය නතර කිරිමට උත්සහ කල ටොමියා ඇතුලු බත් බැලයන් අවසානයේ නැට්ට පස්සේ ගහගත්තේ මහින්ද වෙනුවෙන් ගැලු මහා ජන ගංගාවේ තරම සහ මෛත්‍රීගේ ඉදුල් කැවද ඔනෑම වෙලාවක මහින්ද වෙනුවෙන් හිටගන්න පිරිසක් සිටින නිසාමය.

මේ අතර ඊයේ රාත්‍රීයේම ශ්‍රී ලනිපයේ බත් බැලයන් කිහිප දෙනෙකු සහ ටොමියාගේ න්‍යායාචාරවරුන් ලෙස පෙනි සිටින පිරිසක් සමග ටොමියා නිරන්තර බඩු ගහන්නට යන් කොළඹ ජයික් හිල්ටන් හොටලයට සෙට් වි ඇති අතර එහිදි ටොමියා පවසා ඇත්තේ “මහින්ද ගියා මදිවට චමල් මහත්තයාත් ගියා නේ….” “ජනාධිපතිතුමා මාර අවුලක ඉන්නේ….” යනුවෙනි….මේ අකාරයටම මහින්ද රජපක්ෂ යම් හෙයකින් ඔහුගේ නායකත්වයෙන් නව පක්ෂයක් ගොඩ නැගුවහොත් එය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පමණක් නොව යහපලන අණ්ඩුවේද අවසානය වන බවද ටොමියා පවසා තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා නව පක්ෂයක් තැනීමට තම සහෝදරයන් හා ඔවුන්ගේ හිතවතුන් ගන්නා උත්සාහයට තමා සම්පූර්ණයෙන්ම විරුද්ධ බව හිටපු කථානායක හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂ මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පවසා ඇති ව පවසමින් රාජපක්sහ් පවුලේ සමගිය කැඩිමට කූප්‍රකට වෙබ් පාහරයන් ගත් උත්සහයන් ඊයේ අවතක්සේරුවට ලක්විමත් සමග ශ්‍රිලනීප බත් එලයන් අන්දුන් කුන්දුන් වි සිටි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.