රටේ අවාසනාවට බෙදුම්වාදීන්ගේ වාසනාවට පත්වු විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ප්‍රමුඛ ද්‍රවිධ ජාතික සංධානයට කොටි ත්‍රස්තවාදීන්ගේ ඊළාම් රාජ්‍යයේ රූකඩයන් වෙමින් ඊළාමය පිහිටුවිමට කටයුතු කරන අකාරය අවස්ථා ගණනාවකදි අප අනාවරණය කළා.Exclusive:රාජපක්ෂලා ඊළාම් යුද්ධය අවසන් කරනවා….ඉතුරුටික ඉන්දියාවට සහ TNA එකට බාරයි -ප්‍රභාකරන් අන්තිමට ලියු ලිපිය යනුවෙන් අප පසුගියදා කල අනාවරණයේදිද සම්බන්ධන්ලාට කොටි නායකයා ටියුෂන් දෙමින් බෙදුම්වාදීන් සමග එක්ව ඊළාමය දිනා ගන්නා අකාරය පිළිබඳව කුමන්ත්‍රණකාරී ක්‍රියාවලිය අනාවරණය කළා.
මේ අතර 2009 වසරේ යුද්ධය අවසන් වනතුරුම සම්බන්ධලා සමග සමිප සබදතා පවත්වමින් නැගෙනහිර පළාතේ විශේෂයෙන්ම මුස්ලිම් වරුන්ට පහරදිම සහ ඊළාම් මතයට ගරු නොකරන කණ්ඩායම් මර්දණය කිරිමට ඔහුන් පැහැර ගැනිමට මෙන්ම ඝාතනය කිරිමටද කටයුතු කර ඇත්තේ කොටි සංවිධානයේ Brigadier Sornam නැමැත්තා බව අනාවරණය වි තිබේ.
Sornam නැමැත්තා අවසන් සටනේදි හමුදාව අතින් මැරුම් කා ඇති අතර ඔහු සමග TNA සංවිධානය පවත්වා ඇති සමිප සබඳතාවන් පිළිබඳව ඡායාරූප කිහිපයක් අපහට ලැබි තිබේ.Sornam නැමැත්තා සම්බන්ධන්ලා සමග එක්ව ද්‍රවිධ ජාතික සන්ධානයේ දේශපාලන ක්‍රියාවලියේ යෙදි ඇති අතර අවස්ථා ගණනාවකදි එවකට විපක්ෂයේ දෙමළ නායකයන්ට අමතරව දකුණේ සිංහල දේශපාලකයන්ද් සමග සබඳතාවයන් පවත්වා ඇති බව මේ වනවිට අනාවරණය වි තිබේ.