Breaking
25 Feb 2025, Tue

ශ්‍රීලනිපය පාවාදුන් අමනයන්ට ජනතාවගෙන් හූ….වැස්සක්,චන්ද්‍රකා සාරිය උස්සන් දුවයි

පාවාදෙන්නෝ පන්දම් කාරයෝ අපට එපා……

>රෙජිනෝල්ඞ්කුරේ, සරත් අමුනුගම සහ රුවන් රණතුංගවට දිවුලපිටියේදි හූ……. කියා එලවති.

>විරෝධය ආරංචි වී චන්ද්‍රකා ආපසු යයි. ගම්පහ රැස්වීමේදිත් චන්ද්‍රකාට හූ වැස්සක්

>මෛත‍්‍රීගේ නම කියන විටත් හූ කියති.

දිවුලපිටිය බලගල්ල චන්දන ජයගොඩි මහතාගේ නිවසේදී ඊයේ (19) පැවති දිවුලපිටිය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ බල මණ්ඩල රැස්වීමේදි යහ පාලන ඇමතිවරුන් වන රෙජිනෝල්ඞ් කුඩරේ සරත් අමුණුගම සහ හිටපු මන්ත‍්‍රී රුවන් රණතුංගට ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ හූ කියමින් දැඩි විරෝධය ඵල කළහ. පාක්‍ෂිකයන්ගේ හූ හඩ මැද රැස්වීම අතමග නතර කිරීමට එහි සංවිධාකයන්ට සිදුවිය.

මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුනේ. හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා කුමාරතුංග මහත්මියගේ ප‍්‍රධානත්වයෙනි. ඇයගේ ආරක්‍ෂක නිළධාරීන් රැස්වීමට කලින් පැමිණ සිටියද ඇතිවූ නොසන්සුන් තත්වය හමුවේ කුමාරතුංග මහත්මිය රැස්වීමට නොපැමිණ ආපසු හැරී ගියාය.

වර්තමාන දේශපාලන තත්වය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා රැස්වීම කැදවා තිබුනේ. දිවුලපිටිය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායක චන්දන ජයකොඩි මහතා විසිනි. මුලින්ම රැස්වීම ඇමතුවේ දකුණු පළාත් සභාවේ කෘෂි කර්ම ඇමති යූ. ජී. ඞී. ආරියතිලක මහතායි ඔහු මෛත‍්‍රීපාලන සිරිසේන මහතාගේ නම සඳහන් කරන විට රැස්ව සිටි පාක්‍ෂිකයන් හූ කීම ආරම්භ කලහ. මහින්ද මහත්තයාගැන මිසක් වෙන කිසිම කෙනෙක් ගැන කථා කරන්න එපා යැයි කියමින් පාක්‍ෂිකයන් ඔහුගේ කථාවට දිගින් දිගටම විරෝධය පළ කරන්නට වීම නිසා ආරියතිලක මහතාට කථාව අතර මග නතර කරන්නට සිදුවිය. කථාව අතරතුරදි රෙජිනෝල්ඞ් කුරේ සහා රුවන් රණතුංග යන මහත්වරු රැස්වීමට පැමිනියහ. පාක්‍ෂිකයන් ඔවුන් පිලිගත්තේ හූ කියමිනි. පන්දම් කාරයෝ අපට එපා, පාවාදෙන්නෝ අපට එපා. යැයි කියමින් පාක්‍ෂිකයෝ දිගින් දිගටම ඔවුන්ට විරෝධය පල කළහ. රුවන් රණතුංග මහතාගේ නම කියවෙන වාරයක් පාසා පාක්‍ෂිකයන් ප‍්‍රසන්න රණතුංග මහතාට ජය වේවා කියමින් කෑ ගැසුවේය.

රෙජිනෝල්ඞ්කුරේ මහතා කථා කරන්නට නැගී සිටි අවස්ථාවේ සිට ඔහුට දැඩි විරෝධය පල විය. ඒ අතර තුර ඇමති සරත් අමුණුගම මහතා රැස්වීමට පැමිණියේය. ඔහුටද හූ කියමින් පාක්‍ෂිකයන් දැඩි ලෙස විරෝධය පල කළහ. පාක්‍ෂික විරෝධය නිසා රෙජිනෝල්ඞ්කුරේ මහතාගේ කථාවද අතර මග නවතා දැමුනු අතර අමුණුගම ඇමතිවරයා රැස්වීමට ඇමතීමට සුදානම් වෙද්දී අපි ආවේ. මේ පාවාදෙන්නන්ගේ කථා අසන්නනට නොවේ යැයි පවසමින් පාක්‍ෂිකයන් පිටව ගියහ. රැස්වීමේ නොසන්සුන් තත්වය දුටු හිටපු ජනාධිපතිනියගේ ආරක්‍ෂකයින් ඇයට දැනුම්දී ඇත්තේ මෙම ස්ථානයට නොපැමිණෙන ලෙසය. ඒ අනුව දිවුලපිටියට එමින් සිටි කුමාරතුංග මහත්මිය ආපසු හැරී ගියාය.

මේ අතර ඊයේ (19) සවස යක්කල මඩුගස් වලව්වේ (පණ්ඩු බණ්ඩාරනායක මහතාගේ නිවස) පැවති ගම්පහ ශ‍්‍රී.ල.නි.ප. ආසන බලමණ්ඩලයට චන්ද්‍රකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය පැමිණ තිබේ. ඇය පැමිනෙණ විට රැස්ව සිටි පාක්‍ෂිකයන් හූ කියමින් ඇයට විරෝධය පල කල බවද වාර්ථා වෙයි. ඇයගේ කථාවට පෙර පාක්‍ෂිකයන් බොහෝ දෙනෙක් රැස්වීමෙන් පිටවගොස් ඇති අතර කුමාරතුංග මහත්මිය රැස්වීම අමතන විට එහි සිට ඇත්තේ 50 කටත් අඩු පිරිසකි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.