Featured

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් සමග ජනතා සහන දෙන්න මගේ වෙන Deal නෑ

යහපාලන ආණ්ඩුව බිඳවැටීමෙන් ආරක්ෂා කිරිම සදහා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය තමන්ට සහය ලබාදිමට කටයුතු කරන්නේ නම් ඔනෑම Deal එකකට තමන් සුදානම් බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පණිවිධයක් එවා තිබේන අතර එයට පිලිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ “ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජනතාවාදී ආණ්ඩුවක් සාදා,ජනතාවට සහන දෙන්න ..මගේ ඩීල් එක එච්චරයි ….”යනුවෙනි…

පෙරේදා රාත්‍රියේ හයිඩ් පිටියේ රැළියෙන් පසුව මෛත්‍රී හමුවු මෛත්‍රී පිළට සහය දෙන භික්ෂූන් වහන්සේලා ඇතුලු කණ්ඩායමක් මහින්ද ප්‍රමුඛ කණ්ඩායම අතහැර දමා ආණ්ඩුවක් පවත්වාගෙන යැම කිසිසෙත්ම කල නොහැකි බව මේ වනවිට තහවුරු කර අවසන් බව එම කණ්ඩායම පෙන්වා දී තිබේ.පසුව මෛත්‍රී පවසා ඇත්තේ තමන්ට කෙසේ හෝ ඉදිරි වසරක කාලය ආණ්ඩුව කරගෙන යා යුතු බවත් තමන්ට එක්සත් ජාතික පක්ෂය ගෙන යන වැඩපිළිවෙළට විරුද්ධ විමට ද කිසිදු  හැකියාවක් නැති බවයි.

පසුව මෛත්‍රීගේ අදාළ ඩීල් එක සම්බන්ධයෙන් එම නියෝජිතයන් මහින්දට දන්වා ඇති අතර මහින්ද එහිදි  “ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජනතාවාදී ආණ්ඩුවක් සාදා,ජනතාවට සහන දෙන්න ..මගේ ඩීල් එක එච්චරයි ….”යනුවෙනි… පසුව මහින්දගේ තිරණය පිළිබදව මෛත්‍රීපාලට දන්වා ඇති අතර එම දැනුම්දිම කල ස්වාමින්වහන්සේට මෛත්‍රී පවසා ඇත්තේ…”මහින්දව නවන්න ලෙසි වෙන්නේ….මේකා කියන දේ අහන්නනේ නෑ “යනුවෙනි…

මේ අතර ජනාධිපති සිරිසේන තමන්ට ඇති බරපතල මානසික පීඩන තත්ත්වය පසුගිය දින කිහිපය තුලද උග්‍ර අතට හැරි අතර පසුව  ඔහු වෙත fluanxol ඖෂධය පවා ලබා ගැනිමට මෛත්‍රී කටයුතු කර තිබේ.එම මානසික පීඩනය දරුණුකම අනාවරණය වුයේ  අක්කරෙයිපත්තුවේ පැවැති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් සංවත්සර උත්සවයේදී.එම උත්සවයට සහභාගි වු මෛත්‍රී රනිල් එනතුරුම මග රැදි සිට පවසා ඇත්තේ…”මහින්දව නමන්න ලෙසි වෙන්නේ නෑ…එජාපයේ කට්ටියකුත් මහින්ද හම්බවුණා කියලා මට දුමින්ද කිව්වා …ඇත්තද? යනුවෙනි….” රනිල් එයට හිනාවුනා පමණක් මිස පිළිතුරු දිමට කටයුතු කර නෑ…

මේ අතර එම අවස්ථාවට එකතු වු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මෛත්‍රී අසලට පැමිණ …..ජනාධිපතිපති තුමා ගෝඪාභය රාජපක්ෂට ශ්‍රිලනිපයේ තනතුරක් දෙන්න හදනවා කියලා කතාවක් යනවා මොකද්ද ඒ ….යනුවෙන් අසා තිබේ.නමුත් මෛත්‍රීපාල සිරිසේන එම පැනයට පිළිතුරු දි එති අතර ඒ සමගම උත්සවයේ කටයුතු ආරම්භ වි තිබේ.

Top