Featured

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමය කප්පම් මාෆියාවක-ලංකා තෙල් ගහන්න එපා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ(Ceylon Petroleum Corporation) ජාතික සේවක සංගමයේ සභාපති වන සමිත පෙරේරා ඉන්ධන බෙදාහැරීම හරහා දැවැන්ත කප්පම් මාෆියාවක් ක්‍රියාත්මක කරමින් සිටින බව අනාවරණය වි තිබේ.ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රාදේශීය පරීක්ෂකවරුන් හරහා මෙම කප්පම් මාෆියාව ක්‍රියාත්මක කරමින් සිටින අතර ඒ හරහා ඉන්ධන පාරිභෝගිකයන්ට ලැබෙන ප්‍රමාණයන් වලද අඩුවිමක් සිදුවන බව අනාවරණය වි තිබේ.

ප්‍රාදේශීය පරීක්ෂකවරුන් (Area Supervisers) මෙම මුදල් එකතුකර කරනු ලබන්නේ ඛනිජ තෙල් සංස්ථාවට අයත් තෙල් පිරවුම් හල් වලිනි.තෙල් පිරවුම් හල් අයිති කරුවන් මොවුන්ට මුදල් ලබා දෙන්නේ පිරවුම් හලේ මීටර් මැනුම් උපකරණ හා අනෙකුත් දෑ අයිති කරුට අවශ්‍ය ආකාරයට වෙනස් කර දීමේ පොරොන්දු පිටය. ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරවුම් හල වල මීටර් නියම ආකාරයට නැත.

ජනතාවගේ බඩට පහර ගසන මෙම පාහර  පරීක්ෂක වරයෙක් තමන්ගේ වාහන වලට ඛනිජ තෙල් සංස්ථාවට අයත් තෙල් පිරවුම් හල් වලින් තෙල් නොගසන අතර ඔහුන් තෙල් ගසන්නේ  ඉන්දියානු සමාගමට අයන් IOC පිරවුම්හල්වලිනි.

ඒ අනුව ඛණිජ තෙල් නිතීගත සංස්ථාවට අයත් තෙල් පිරවුම්හල්වල මීටර් නියම ප්‍රමිතියට නොමැති හේතුව ප්‍රාදේශිය පරීක්ෂකවරුන් (Aria Supervisor ) මීටර් වෙනස් කර දීම නිසාය.වෙනස් කිරීම නිසා පරීක්ෂකවරුන්ට මාසිකව මුදලක් තෙල් පිරවුම්හල් අයිතිකරුවන් විසින් ලබා දිය යුතුය.එම මුදලින් කොටසක් ජාතික සේවක සංගමයේ සභාපති ඇතුළු පිරිසට ලබා දීම ප්‍රාදේශිය පරීක්ෂවරුන්ගේ උපාය මාර්ගයකී.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපති වන සමිත පෙරේරා යන අයට මාසිකව ප්‍රාදේශිය පරීක්ෂකවරුන් විසින් මාසිකව මුදල් ලබා දීම දැන් අරඹා ඇත.මෙයින් අසාධාරණය සිදුවන්නේ අහිංසක වාහන හිමියන්ටය.නියමිත ආකාරයට පොම්ප නොමැති නිසා නියම මුදලට තෙල් ප්‍රවාහනය නොලැබීම නිසාය.එම මුදල් යන්නේ ඛණිජ තෙල් නිතීගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපතිට සහ පරිපාලන (Aria Supervisor ) යන අයටය.

Top