Political

රට බේරා ගැනිමේ සටන අරඹයි

දුටු ගැමුණු රජතුමා යුද බිමට යෑමට පෙර සිදුකල ආකාරයෙම අද උදේ 8.12ට යෙදුණු නැකතට කතරගම මහා දේවාලයට රනින් නිම කළ අඟල් හයක් උසැති ත්‍රිශූලයක රිදී පඬුරක් ගැට ගසා භාරයක් ඔප්පු භාරයක් වෙමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යලි දේශපාලන ගමන්මගේ අලුත් පියවර ආරම්භ කල බව LNW විශේෂ වාර්තාකරු සදහන් කළේ.

 ඊයේ කතරගමට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා අසූ හාර දහසේ පහන් පින්කමකට හා කිරිවෙහෙරේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයකට සහභාගී වු අතර එම අවස්ථාවට ශිරන්ති රාජපක්ෂ,නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ,  ශෂීන්ද්‍ර රාජපක්ෂ, උදය ගම්මන්පිල හා ගාමිණී ලොකුගේද සහභාගි වි සිටියා.ඊයේ රාත්‍රිය  කිරිවෙහෙර විශ්‍රාම ශාලාවේ ගත කල ජනපති අද (23) පෙරවරුවේ පිටත් ව ගොස් තිබේ.

ඊයේ රාත්‍රිය පුරාම දස දහස් සංඛ්‍යාතය ජනතාවක් හිටපු ජනාධිපතිවරයා දැක ගැනිම සදහා කිරිවෙහෙර විශ්‍රාම ශාලාව ආසන්නයේ රැදි සිටි අතර ජනපති සදහා වු සියලු පිංකම් වලටද ඔහුන් සහභාගි වුයේ තමන්ගේ වැඩකටයුතු සියල්ල පසෙකලා බව බව අප වාර්තාකරු සදහන් කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top