Featured

සිරිසේනට එජාපයෙන් තනතුරක්! සජිත්ගෙන් යොජනාවක්

සන්ධානයේ සියලුම තනතුරු අතහැර එක්සත් ජාතික පක්ෂයේ ඉහල පෙළේ තනතුරක් භාර ගන්නා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අරාධනා කිරිමට යොජනාවක් එක්සත් ජාතික පක්ෂ සමුලුවට ඉදිරිපත් කිරිමට තමන් සුදානම් බව   එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සිය සජිත් පිළේ නියෝජිතයන් සමග ඊයේ රාත්‍රීයේ පැවැති සාකච්ඡාවකදි සදහන් කර තිබේ.එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදි නැවතත් බරපතල අනතුරකට මුහුණ දෙන බවත් එම අවදානම් සියල්ලටම එකම පිළිතුර වන්නේ සිරිසේන ජනාධිපතිවරයා එජාපයේ සමාජිකයෙකු කර ගැනිම බවයි සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ.

පසුගිය මහමැතිවරණ සමයේ සිටම කැපිටල් මහරාජා පෞද්ගලික ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රාජා මහේන්ද්‍රන්ගේ මෙහෙයවිම යටතේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එලවා දමා  සජිත් ඇතුලු කණ්ඩායමට පක්ෂ නායකත්වය ඇල්ලිම සදහා මාර්ග සකස් කරමින් සිටි අතර යහපාලනයේ කඩා වැටිම පෙනෙන මානයට පැමිණ ඇති මොහොතේ එම මෙහෙයුම යලිත් තීවු කිරිමට එම කණ්ඩායම කටයුතු කරමින් සිටි.එහි පලමු වටයේ මෙහෙයුමක් ලෙස පසුගියදා ලිප්ටන් වටරවුමට පැමිණි එජාපයේ සෙනග අඩුබව සහ එම සමාජිකයන්ගේ විවිධ නොමනා ක්‍රියාකලාපයන් සිරස නාලිකාව ඇතුලු කිලීගේ තවත් නාලිකා කිහිපයක් හරහා වැඩිපුර උලුප්පා පෙන්වා තිබේ.

මේ අතර පසුගියදා  “ගම් උදාව” ව්‍යාපාරය යළි ආරම්භ කිරීමට  අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හදිසියේම  කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව පිළිබදව රනිල් පිළේ දැඩි අවඪ්හානය යොමුව ඇති බව එජාප අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.සජිත් ප්‍රේමදාස කැබිනට් මණ්ඩලයට අදාල යෝජනාව ඉදිරිපත් කිරිමට පෙර sඅගමැතිවරයා අමග සාකච්ඡාකර නැති අතර එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග පමණක් සාකච්ඡා කර එක්වරම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිම පිළිබඳව මෙහිදි අවධාණය යොමුව තිබේ.

ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මලික් සමරවික්‍රම සහ සාගල රත්නායකට පවරා ඇති අතර “ගම් උදාව” යොජනාව සම්බන්ධයෙන් යලිත් සලකා බැලිමට එජාප කොමිටියක් පත්කිරිමට අගමැතිවරයා නියෝග කර තිබේ.

අප කල නාවරණය – යහපාලනය “ජහපාලනය” වේ- සජිත් පිල සමග මෛත්‍රී නව ආණ්ඩුවක් හදයි!

 

Top