Featured

ආණ්ඩුවේ විද්‍යාත්මක පදනමක් මත නිලුකා,ආරක්‍ෂක ලේකම් ධුරයට

ජනාධිපතිවරයා තමන්ගේ නෝනා කෙහෙල් කොළේ ඔතලා දීපු බත්එක අරන් ඇවිත් කෑවාට රට හැදෙන්නේ නැහැ. එහෙම රට හැදෙනවානම් අපි ඔක්කොම කෙහෙල් කොළේ බත්කමු. බොරු පූච්චානම් කතාවලින් රටේ ඇත්ත ප‍්‍රශ්න යට ගහන්න බැහැ. ඡන්ද කාලේ නම් ගොබ්බ කතාවලට ජනතාව රැවටුනා වෙන්න පුළුවන්. නමුත් දැන් රවටන්න බැහැ’’ ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ආණ්ඩුවට අවධාරණය කරයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.

‘‘ආර්ථිකය ජාතික ආරක්ෂාව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතුළු සෑම පැත්තකින්ම වත්මන් ආණ්ඩුව මේ රට අගාධයකට ඇදගෙන යන බව පෙනෙනවා. ඉතිහාසයේ පළමු වතාවට රුපියල ඩොලරයට සාපේක්‍ෂව 150 කඩඉම පැන තිබෙනවා. තවදුරටත් රුපියල ශීඝ‍්‍රයෙන් අවප‍්‍රමාණය වීමේ තත්වයක් පෙනෙන නිසා මූල්‍ය වෙළඳපොළ තුළ ඩොලර්, රුපියලට හුවමාරුකර ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී තිබෙනවා. ඩොලරයට සාපේක්‍ෂව යම් රටක මූල්‍ය ඒකකය දරන අනුපාතිකය, එම රටේ ආර්ථික ස්ථාවරත්වය මැන බලන ප‍්‍රධානතම සාධකයක්. රුපියල අවප‍්‍රමාණය වන සෑම මොහොතක් පාසාම අපේ ණය බර ඉහළ යනවා. ආනයනික භාණ්ඩ සහ සේවාවන්හි මිල ඉහළ යනවා. රටේ සෑම අංශයකටම මේ කඩා වැටීම බලපානවා. සිරිසේන-වික‍්‍රමසිංහ රෙජීමය, මහින්ද රාජපක්‍ෂ පාලනයට මොන තරම් අවලාද එල්ල කළත් ඔවුන් අද ඔප්පු කර අවසන්, තමන් දවසින් දවස මේ රටේ ආර්ථිකය අගාධයට ඇදගෙන යනවා කියලා.

‘ඞීල් කුමාර ඇතුළු දේශපාලන තක්කඞීන්’

මේ ආර්ථිකය බිඳ වැටීමට පිළිතුරු වශයෙන් මේ අය රාජ්‍ය ආයතන පාඩු ලබනවා යැයි කියමින් විකුණා දැමීමට සැරසෙනවා. පාඩු ලබන ආයතන ලාබ ලබන තත්වයට පත්කර ගැනීමට නොහැකි නම් ඒවා පෞද්ගලික ව්‍යවසායකයන් මිලදී ගනිවීද? පාඩු ලබන ආයතන පමණක් නොවෙයි, ලාබ ලබන රාජ්‍ය ආයතන ද මේ ලැයිස්තුවට දමා විකුණා දැමීමට මේ අය සැරසෙනවා. මේ ආණ්ඩුව බලයට ගෙන එන්න දේශපාලන වශයෙන් සම්මාදම් වුණු ඩීල් කුමාර ඇතුළු සියලූ තක්කඩියන් අද මේ තත්වය හමුවේ කට බලියාගෙන බලා ඉන්නවා.

‘ජාතික ආරක්‍ෂාව අනතුරේ’

අද රටේ ජාතික ආරක්ෂාව බරපතළ අනතුරකට මුහුණ පා තිබෙනවා. යාපනය, චාවාකච්චේරි මරවන්පුලම් කියන ගම්මානයේ නිවසක තිබී සොයා ගනු ලැබූ පුපුරන ද්‍රව්‍ය, මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සහ මන්නාරමේදී හමු වූ ආයුධ විසින් පෙන්වා දී තිබෙන්නේ ඒ බවයි. පසුගිය කාලය පුරාම මෙවැනි පුපුරන ද්‍රව්‍ය පොලීසිය විසින් සොයා ගනු ලැබූවත් ඒවා රට හමුවේ අනාවරණය නොකරන ලෙස ඇතැම් බලධාරීන් බලපෑම් කළ බව අපට වාර්තා වී තිබුණා. චාවාකච්චේරි සිදුවීමත් වසන් කිරිමේ උත්සාහයක් තිබුණත් ඒ බලපෑමට යට නොවී කටයුතු කළ පොලිස් නිලධාරීන්ට අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මෙම සිදුවීම සාමාන්‍ය සිදුවීමක් නොවෙයි. මම දැක්කා මේ සිදුවීම සම්බන්ධයෙන් යුද හමුදා නිලධාරීන් පුවත්පතකට කියලා තිබුණා ‘ශීතකරණයේ තිබෙන මස් ටික එළියට ගන්නේ කන්න මිසක් නිකං තියාගෙන ඉන්න නොවෙයි’ කියලා.

‘පරණ බඩුමුට්ටු’

එසේ තිබියදී ආරක්‍ෂක ලේකම්වරයා පෙන්වන්න හදනවා ‘මේවා පරණ බඩුමුට්ටු’ කියලා. එතුමාට අනුව මේවා පරණ බඩුමුට්ටු. ‘පරණ බඩුමුට්ටු සොයා ගත්තාට ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් නැහැ’ කියලයි මේ ‘සුපිරි’ ආරක්‍ෂක ලේකම්වරයා කියන්නේ. මේ ආරක්‍ෂක ලේකම්වරයා යුද්ධය තිබෙන කාලයේ හිටියා නම්, ලංකාවට දෙයියන්ගෙම පිහිටයි. මේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය මළු තුනත්, ක්ලොමෝ බෝම්බ තුනත්, බැටරි පැක් තුනත් වැල්ලවත්තට එවන්නේ, අවුරුද්දට රතිඤ්ඥා වෙනුවට පත්තු කරන්නද? එහෙම හිතන්න කියලයි මේ ‘සුපිරි’ ආරක්‍ෂක ලේකම්වරයා අපට කියන්නේ. අද මේ ආණ්ඩුව කොටි සංවිධානයට යළි බෝම්බ පුපුරවනු ලබන යුගයක් උදාකර දෙනු ලබමින් සිටිනවා. එය ඉතාමත් භයානක තත්වයක්. අපි මේ ආණ්ඩුවෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා ‘රටේ ජාතික ආරක්‍ෂාව සම`ග සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා!’ කියලා. මේ තත්වය හේතුවෙන් වන්දි ගෙවන්න සිදුවන්නේ මේ රටේ අනාගත පරපුරට. ජාතික ආරක්‍ෂාව අනතුරට ඇද වැට්ටුවාම මිය යන්නේ මේ ආණ්ඩුවට කතිරය ගහපු අය විතරක් නොවෙයි, මේ ආණ්ඩුවට එක`ග නොවන අයටත් ලේවලින් වන්දි ගෙවන්න සිදු වෙනවා.

‘බුද්ධි අංශ අක‍්‍රිය කරලා’

අද වන විට නැගෙනහිර පළාතේ බුද්ධි අංශ ක‍්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම බිඳවට්ටවා තිබෙනවා. ගිරිතලේ හමුදා කඳවුර මුල්කරගෙන තමයි බුද්ධි අංශය විශේෂයෙන් නැගෙනහිර පළාතේ සිය ක‍්‍රියාකාරීත්වය විහිදුවා හැරියේ. උසාවි නියෝග මත එම කඳවුර සීඅයිඩිය පරික්‍ෂාවට ලක්කළා. ඒ විතරක් නොවෙයි, කිසිදු භෞතික සාක්ෂියක් නොමැතිව, ‘එක්නැලිගොඩ කියන කොටි සාමාජිකයා ඝාතනය කළා’ කියලා බුද්ධි අංශ සාමාජිකයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන මාස 7ක් තිස්සේ රදවා ගෙන සිටිනවා. නැගෙනහිර සහ උතුර ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කළ යුද හමුදා බුද්ධි අංශ ක‍්‍රියාකාරීත්වය, අද මුළුමනින්ම මේ ආණ්ඩුව විසින් බිඳ වට්ටලා තිබෙනවා. එහි ප‍්‍රතිඵලය තමයි, තමන්ට රිසි ලෙස අවි ආයුධ අවශ්‍ය ඉලක්ක කරා ගෙන යාමට කොටි සාමාජිකයන්ට මේ ආකාරයට යළි ඉඩප‍්‍රස්ථාව නිර්මාණය වීම.

‘ජනතාව රවටන්න එපා!’

මට ඇහුණා ආරක්‍ෂක ලේකම්වරයා පවසනවා ‘අපි ඉතාමත් අවධානයෙන් සිටි නිසයි මේක අහුවුණේ’ කියලා. අප දන්නා විදියට නම් පොලීසිය එම පුද්ගලයාගේ නිවසට යන්නේ, එම නිවසේ ගංජා තිබෙන බවට ඔහුගේ එක් බිරිඳක් ලබාදුන් ඔත්තුවකට අනුවයි. අපි මේක කියන්නේ පොලීසිය හෑල්ලූවට ලක්කිරීමට නොවෙයි. නමුත් ඇත්ත තත්වය ඒකයි. ආරක්‍ෂක ලේකම් එතැනදී කරන්නෙත් ඇත්ත තත්වය වසන් කිරීමක්. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා, ‘බොරු කියමින් ජනතාව රවටන්න එපා. මේ තත්වය බැ?රුම් ලෙස දකින්න. ඊට නිසි පිළියම් යොදන්න. බුද්ධි අංශ ක‍්‍රියාකාරීත්වය යළි පණ ගන්වන්න. සිරකොට සිටින බුද්ධි අංශ විරුවන් මේ අවුරුදු සමයේ ඔවුන්ගේ දරු පවුල් සමග සතුටින් ගත කළ හැකි පරිදි වහාම නිදහස් කරන්න. ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම පිණිස ගතහැකි සෑම පියවරක්ම ගන්න’ කියලා.

‘තොරතුරු වසන් කිරිමේ පනතක්?’

එක පැත්තකින් ආර්ථිකය බිඳ වැටෙද්දී අනික් පැත්තෙන් ජාතික ආරක්‍ෂාව අනතුරේ වැටෙද්දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මට අන්තිම ප‍්‍රහාරය එල්ල කරන්නත් මේ ආණ්ඩුව සූදානම් වෙනවා. තොරතුරු දැනගැනීමේ පනත කියලා පනතක් මේ ආණ්ඩුව දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. මෙම පනත මගින් තොරතුරු දැන ගැනීමේ අයිතිය නැති කරලා තිබෙනවා. අපේ රටේ මාධ්‍යවේදීන්ට සහ පොදු ජනතාවට ජාත්‍යන්තර ගිවිසුම් ගැන දැනගැනීමේ අයිතිය විශේෂයෙන් මෙමගින් අහෝසි කරලා තිබෙනවා. මේ පනත් කෙටුම්පතේ එක තැනක තිබෙනවා ‘තොරතුරුවලට ප‍්‍රවේශවීම ප‍්‍රතික්ෂේප කිරීම’ කියලා කොටසක්. ‘රාජ්‍ය ආරක්‍ෂාවට හෝ භෞමික අඛණ්ඩතාවට බරපතල ලෙස අගතිදායක අවස්ථාවක’ කියලා එහි තිබෙනවා. මේ ‘අගතිදායක අවස්ථාව’ කියන එකට මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය හමුවුණු ප‍්‍රවෘත්තියත් ගන්න පුළුවන්. අගතිය ඇති වෙන්නේ කොහොමද කියලා මේ පනත් කෙටුම්පතේ කිසි තැනක සඳහන් කරලා නැහැ. තවත් අගතිගාමී අවස්ථාවක් ගැන එහි මෙසේ සඳහන් වෙනවා. ‘යම් රජයක් යටතේ ජාත්‍යන්තර ගිවිසුම් හෝ බැඳිම් විසින් රහසිගතව ලබාදුන් හෝ ලබාගත් තොරතුරු හෙළිදරුව් කිරීම එම රජය හෝ ජාත්‍යන්තර ගිවිසුම්, බැඳීම් සහ ශ‍්‍රී ලංකාව සම`ග සබඳතාවලට අගතිගාමී වන අවස්ථාවක’. මෙතැනදීත් අගතිගාමී තත්වය ඇතිවෙන්නේ කොහොමද කියලා සඳහන් කරලා නැහැ.

මේ හදන්නේ එට්කා (ATCA) වැනි ගිවිසුම්වල තොරතුරු පළ කිරීමට තිබෙන අයිතිය උදුරා ගන්න නොවේද? මේ එන්නේ ජනමාධ්‍ය නිදහස, තොරතුරු දැනගැනීමේ අයිතිය මංකොල්ල කෑමට නොවේද? ‘සුපිරි ප‍්‍රජාතන්ත‍්‍රවාදය, රාජපක්ෂ පාලනයෙන් නොදෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ දෙනවා කියලයි මේ අය බලයට ආවේ. මාධ්‍යයට ‘තරු පහේ’ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙනවා කියලා බලයට ආපු මේ ආණ්ඩුව අද කරන්නේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සම්පූර්ණයෙන්ම උදුරා ගැනීම. මේ පනත සම්මත වුණොත් වසන් කළ යුතු තොරතුරු ලබාදුන් නිලධාරීන්ට සහ ඒවා පළකළ මාධ්‍යවේදීන්ට දඩුවම් දෙන්න පුළුවන්. නිකං දඩුවම් නොවෙයි. අවුරුදු 10 – 15 දඩුවම් දෙන්න පුළුවන්. මේක තොරතුරු දැන ගැනීමේ පනතක් නොවෙයි, තොරතුරු වසන් කිරිමේ පනතක්.

‘නීතිය වල් වැදිලා’

දැන් බලන්න මේ රටේ නීතිය ක‍්‍රියාත්මක වන ආකාරය. ආලාපාලූ පා.ච. රණවකට චෝදනාවක් තිබෙනවා, තමන් පදවාගෙන ගිය රියට තරුණයකු යටකළා කියලා. ඊට අදාළ සීසීටීවී කැමරා දර්ශන සොයා ගෙන ගියපු පොලීසිය අද කියනවා, ‘ඒ දර්ශන මැකිලා’ කියලා. නමුත් අර තාජුඞීන් සිදුවීමට අදාළ වසර ගණනාවක් පැරණි සීසීටීවී කැමරා දර්ශන සුරක්ෂිතව තිබෙනවාලූ. අද පොලීසියට පුළුවන් තමන්ගේ එක බැල්මකින් සීසීටීවී කැමරා දර්ශන මැකෙන තත්වයක් හදන්න. එහෙම නැත්තම් වසර ගණනාවක් පැරණි සීසීටීවී කැමරා දර්ශනවලට පණ දීලා නැවත ගෙනෙන්න. මේක අරුම පුදුම පොලීසියක්. යහපාලනය ගැන කෑමොර දීපු මේ අය පොලීසිය අසරණ කරලා තිබෙන්නේ මේ විදියටයි. ‘බෝගස්වැව ගමේ පාර හදාලා දෙන්න’ කියලා උද්ඝෝෂණය කරපු ස්වාමීන්වහන්සේ නමක්, විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් නීතිය කැඩුුවා කියලා උසාවියට කැඳවා තිබෙනවා. අල් හුසේන්ට විරුද්ධව උද්ඝෝෂණය කරපු අපව මංමාවත් නීති කැඩුවා කියලා උසාවියට ගෙනාවා. අද ආණ්ඩුවේ ඇත්තන්ට එක විදිහකටත් ආණ්ඩුවට විරුද්ධ ඇත්තන්ට තවත් විදිහකටත් හැඳි දෙකකින් බෙදන නීතියක් සහ අධිකරණයක් තමයි ක‍්‍රියාත්මක වෙන්නේ. මේ තත්වය ඉතා බරපතළයි. අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා ‘මේ රට මේ අගාධයෙන් ගොඩගැනීම සඳහා පෙළ ගැසෙන්න’ කියලා.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට විමල් වීරවංශ මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

ප‍්‍රශ්නය:- ගෙන එන්නේ තොරතුරු වසන් කිරිමේ පනතක් නම් ඊට එරෙහිව ගන්නා පියවර කුමක්ද?

පිළිතුර:- කෙසේ හෝ මෙම පනත පාර්ලිමේන්තුව තුළ සම්මතවීම වළක්වන්න ඕනෙ. මීට එරෙහිව ගතහැකි අධිකරණමය පියවර කවරේද කියලත් අපි නීතිඥ කණ්ඩායමක් සමග සාකච්ඡා කරමින් ඉන්නවා. මෙතනදී මාධ්‍යවේදී ඔබටත් විශාල වගකීමක් තිබෙනවා, මීට එරෙහිව ජනතමතයක් ඇති කරලා ආණ්ඩුවට බලපෑම් කිරීමට.

ප‍්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් ජිනීවා ගියේ ඇයි?

පිළිතුර:- ජීනිවාහි අන්තර් පාර්ලිමේන්තු සංගමයට ඒකාබද්ධ විපක්‍ෂය ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාළව කරුණු දක්වන්නයි මන්ත‍්‍රීවරුන් තිදෙනෙකු ජිනීවා ගියේ. ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට කරුණු දක්වන්න නොවෙයි ඔවුන් එහි ගියේ. ඒ කරුණ පටලවන්න එපා. ලෝකයේ කිසියම් පාර්ලිමේන්තුවක මන්ත‍්‍රීවරයකුගේ හෝ මන්ත‍්‍රී කණ්ඩායමක අයිතිවාසිකම් පිළිනොගැනෙන තත්වයක් තිබොනවානම් සාම්ප‍්‍රදායානුකූලව එම අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරනවා. ඒ අනුවයි ඒකාබද්ධ විපක්ෂය මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ. ඔබ දන්නවා තවමත් ඒකාබද්ධ විපක්ෂයේ අයිතිවාසිකම් මුළුමනින්ම පිළිගෙන නැහැ.

ඒ අතරම විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන්ගේ ද සහාය ඇතිව එම මන්ත‍්‍රීවරුන් තිදෙනාගේ නායකත්වයෙන් ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමටත් නියමිතව තිබෙනවා. මෙම උද්ඝෝෂණය පවත්වනු ලබන්නේ යුද අපරාධ අධිකරණ ක‍්‍රියාදාමයට එරෙහිවයි.

ප‍්‍රශ්නය:- මේ ආණ්ඩුව කීවා විද්‍යාත්මක පදනමක් මත අමාත්‍යාංශ, ඇමතිවරු පත්කරනවා කියලා. ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරුත් එලෙස පත්කළ යුතු බව කියැවුණා. වත්මන් ආරක්‍ෂක ලේකම්වරයා එහෙම පත්කළ කෙනෙක්ද?

පිළිතුර:- මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා හෝ වරිය පත්කර ඇත්තේත් එවැනි විද්‍යාත්මක පදනමකින් වෙන්න ඕනෙ. එහෙම තැනැත්තියක පත්කරපු අය ආරක්‍ෂක ලේකම් ධුරයට මේ වගේ කෙනෙකු පත් කිරීම පුදුමයට කරුණක් නොවෙයි. මේ අය ඉදිරියේදී ආරක්‍ෂක ලේකම් තනතුරට මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරිය පත් කළත් පුදුම වෙන්න දෙයක් නැහැ. ‘අමාත්‍ය මණ්ඩලය අවිද්‍යාත්මකයි. හරිම ලොකුයි’ කියලා ඒ දවස්වල කෑගහපු ඞීල් කුමාරලා අද ශබ්ද දාන්නෙත් නැහැ’ ඇමති මණ්ඩලයේ ගණන කියන්නෙත් නැහැ. අද 125කට ඇමතිකම් දීලා තිබෙනවා. විද්‍යාත්මක පදනමකින් ඇමති ධුර 125ක් දෙන්න පුළුවන්ද? අද සෑම තනතුරකටම දාලා තියෙන්නේ සුදුසු අය නොවෙයි.

තමන් ආරක්‍ෂක ලේකම් තනතුරට සුදුදු නැහැ කියලා වත්මන් ආරක්‍ෂක ලේකම්වරයා දවසින් දවස ඔප්පු කරමින් සිටිනවා. යාපනයේ ආඥාපති මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ තමන්ට ගරු කළේ නැහැ කියලා ඔහු කොළඹට මාරු කළෙත් මේ ආරක්‍ෂක ලේකම්වරයා. බලෙන් ගෞරුත්වයක් ලබාගන්න බැහැ. ඔහුට අගතිදායක ලෙස හැසිරුණා නම් ඒක කියන්න පුළුවන්. මේ හැමදෙයකින්ම පෙනෙන්නේ මේ යහපාලකයන්ගේ පුංචි මොලේ තරම. ඔවුන් තමන්ට මේ රට පාලනය කිරීමට හැකියාවක් නැහැ කියලා දවසින් දවස ඔප්පු කරමින් සිටිනවා.

‘කෙහෙල් කොළේ බත්’

ජනාධිපතිවරයා තමන්ගේ නෝනා කෙහෙල් කොළේ ඔතලා දීපු බත්එක අරන් ඇවිත් කෑවාට රට හැදෙන්නේ නැහැ. එහෙම රට හැදෙනවානම් අපි ඔක්කොම කෙහෙල් කොළේ බත්කමු. බොරු පූච්චානම් කතාවලින් රටේ ඇත්ත ප‍්‍රශ්න යට ගහන්න බැහැ. ඡන්ද කාලේ නම් ගොබ්බ කතාවලට ජනතාව රැවටුනා වෙන්න පුළුවන්. නමුත් දැන් රවටන්න බැහැ’’

මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ද සහභාගී විය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Top