Featured

ලසන්ත ඝාතනය ගැන ෆොන්සේකාගෙන් ප්‍රශ්ණ කරන්න… මෛත්‍රීගෙන් නියෝගයක්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ෆිල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාගෙන් ප්‍රශ්ණ කරන ලෙසට රහස් පොලිසියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝගකර  තිබේන බව ජනාධිපති මන්දිරයේ අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

2008 ජුලි 8 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජෝෂප් මයිකල් පෙරේරා මන්ත්‍රිවරයා   කියා සිටියේ සරත් ෆොන්සේකා විසින් මෙහෙයවන ලද විශේෂ කණ්ඩායමක් මඟින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කල බවයි මිට අමතරව හිටපු ආරක ්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා පසුගියදා කල ප්‍රකාශයත් ,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවස්ථා ගණනාවකදි ලසන්ත ඝාතකයන් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ලෙස කල ඉල්ලිම්ද සලකා බලා මෙම නියෝගය කර ඇති බවද වාර්තා වන්නේ.

ඒ අනුව ඊයේ රහස් පොලිසියේ විශේෂ කණ්ඩායමක් ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්විමට යොදවා ඇති අතර ඒ අනුව එම කණ්ඩායම ලසන්ත සමග සමිප සබඳතාවය පැවැත්වු කණ්ඩායම් වලින් ප්‍රශ්ණ කිරිමට මේ ව්නවිටත් කටයුතු යොදවා තිබේ.

ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනයට ලක් වූයේ ෆොන්සේකා මහතා හමුදාපතිවරයාව සිටි 2009 වසරේ ජනවාරි මාසයේ දී වන අතර ඔහු ඝාතනයට ලක් වූ රත්මලාන ප‍්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බවට එවකට නම් කර තිබිණි. එය භාරව සිටි හමුදා නිලධාරියා වූයේ එවකට බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන මහතාය. ඔහු ෆොන්සේකා මහතාගේ අතිශය සමීපතම නිලධාරියෙකි.

බීබීසී සංදේශය ‘සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපති හින්ද රාජපක්ෂ මහතා ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා.

“දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ලසන්ත මැරුවේ අහවලාය කියල චෝදනාවක් ඉදිරිපත් කළා. ඉතින් දැන් පරීක්ෂණ කරන්න පුළුවන් නේ? ඇයි කරන්නැත්තේ? ඒකට සැක කරපු අය ඒ කට්ටිය මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඉන්න හින්දද?,” ඔහු ප්‍රශ්න කරයි.“මට සත්‍ය සැකයක් එනවා එහෙමද කියල.” ඔහු පැවසිය.

2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන්ද ඒ හා සමානම සැකයක් මතුවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.“දැන් ඇයි පරීක්ෂණ නොකරන්නේ? ඒවා යට ගහන්නේ ඇයි? එහෙම නම් අපිට සැකයක් ඇතිවෙනවා ඒ කට්ටිය ඉන්නේ මේ ආණ්ඩුව තුල කියල.”

හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා කල ප්‍රකාශය

Top