Featured

Lankanewsweb.today කල ISIS අනාවරණය පාර්ලිමේන්තුව කළඹයි(Video)

Published on: Apr 6, 2016- අයි. එස්‌. අයි. එස්‌. (ISIS)ත්‍රස්‌තවාදී කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන් ශ්‍රී ලංකාවේ රැකවරණය ලබාදිමට ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ කොළඹ ආශ්‍රිතව දැවැන්ත ව්‍යාපාර මෙහෙයවන ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සිටින බව බුද්ධී අංශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ආරක්ෂක ප්‍රධානින් හමුවේ අනාවරණය කර තිබේන බවත් ISIS ත්‍රස්තවාදීන් යහපාලන අමාත්‍යවරුන් වන පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා සහ කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඩ් බදුයුදින් පවත්වන සබඳතාවයන් පිළිබඳව අප කල අනාවරණයන් ඊයේ පාර්ලිමේන්තුවේදි හොරාගේ අම්මාගේන් පෙන අසන්නා සේ පාර්ලි‌මේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් අප Lankanewsweb.today වෙබ් අඩවියේ නම පවසමින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කර සිටියා.

අප කල අනාවරණය-ISIS සමග ඇමතිවරුන් දෙදෙනෙකු සහ ව්‍යාපාරිකයන් රැසක්! බුද්ධී අංශ වාර්තාවේන් ඇත්ත හංගයි

ISIS ත්‍රස්තවාදී සම්බන්ධයෙන් අප කල සැම අනාවරණයක්ම ඉතා වගකිමෙන් සිදුකර ඇති බවත් ඊට අදාළ තොරතුරු බුද්ධි අංශ වෙත යොමුකිරිමටද අප කටයුතු කර ඇති බව මරික්කාර් මන්ත්‍රීවරයාට තරයේ අවධාරණය කරන අතරම මාධ්‍යවේදීන් බුද්ධි අංශ වලට වඩා දන්නේ කෙසේද යන්න ඔබ ප්‍රශ්ණ කිරිම පිළිබඳව අප කණගාටු වන බවද මතක් කල යුතුය.මන්ද මේ රටේ බුද්ධි අංශ සියල්ලම අඩපණ කිරිමට ඔබ ඇතුලු යහපාලන නඩයම කටයුතු කර ඇති යුගයක ත්‍රස්තවාදීන් සැනසිමට කටයුතු කරන් අගමැතිවරයා ඔබ නියෝජනය කරන පක්ෂයේම අයෙකු වි සිටියදි බුද්ධි අංශ මෙම අනාවරණයන් කලද එවාට එරෙහිව් නීතිය ක්‍රියාත්මක කිරිමට ඔහුන්ට හැකියාවක් නැති බව අප ඔබට ඔඩොක්කුවෙ නලවමින් කියා දියයුතු නැත.

තවද, අප වාර්තාකරණයේ යෙදේන්නේ ලාංකික බුද්ධි අංශ සමග ඇතිකරගෙන තිබේ සබඳතාවයන් මත පමණක් නොව ලෝකය පුරා විවිධ් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යේදෙන ඔත්තු සේවාවන් සමගද අපට ඇත්තේ ඉතා සමීප සබඳතාවයක් බව මරික්කාර් පමණක් නොව බෙදුම්වාදීන්ට උඩගෙඩි දෙන සියලුම ඇම්බැට්ටයන් දැනගෙන් සිටිම ණුවනට හුරුය.

ISIS සම්බන්ධයෙන් කල සියලුම අනාවරණයන්-readmore

Top