ලෝකයා

ටිල්වින් මේ කවුද මොනවාද කරන්නේ….

යකෝ..අනුර කුමාර හේවත් රතු අලි පැටියා බොරු කියනවා කියලා….අපි දන්නවා මොකද ඌ කන්නේ රනිල්ගේ අසුචි නිසා…..ඒ උනත් රෝහණ විජේවිරගෙන් පස්සේ ජනතා විමුක්ති පෙරමුණ මේ තරම් දුර ගෙන එන්නට තමන්ගේ ජිවිතයම කැපකරපු ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එහෙම කියලා අපි කවුරුත් හිතන එකක් නෑ…..ඒ උනට දැන් බලාගෙන ගියාම දෙන්නාගෙම වෙනසක් නෑ…..ටිල්වින් 2004 දි කිව්වේ තමන්ගේ ජිවිතයේ අප්‍රසන්නම සිද්ධිය සන්ධානය අත්සන කරලා චන්ද්‍රිකා වගේ ධන්වාදින්ට අතට අත දෙන්න වුන එක කියල…..ඒ වගේම ඒ කාලේ එක්සත් ජාතික පක්ෂය තාප්පවල රතු තින්ත වලින් ලිව්ව වැකියක් තිබුනා…ඒ “ටිල්වින්ගේ ඇටේ චන්ද්‍රිකාගේ කටේ” කියාය….දැන්??

Tilvin

හෙන්රි වර්ණකුලසූරිය/ Henry Warnakulasuriya Facebook පණිවිඩයකි..

KuraGප්‍රේමකුමර් ගුණරත්නම්ගේ පෙරටුගාමී දේශපාලන පක්ෂයට මා කිසිසේත්ම සම්බන්ධ නැත. එසේම ගැමුණු නොහොත් කුමාර මහත්තයා නොහොත් ගුණ්ඩා ලෙස ජවිපෙ දේශපාලනයේදී එහි නියමුවෙකු ලෙස මා දැන සිටි ගුණරත්නම් ඒ කාලයෙන් පසු මට මුණ ගැසීද නැත.

ප්‍රේමකුමර්ගේ සොහොයුරා වන රංජිතම් විශ්වවිද්‍යාලයේදී මට වසරක් කණිෂ්ඨ වූ අතර ඔහුගේ දේශපාලන කටයුතු සමීපව නිරීක්ෂණය කොට ඇත්තෙමි. එහෙත් අපට වඩා වසර කිහිපයක් කණිෂ්ඨ ප්‍රේමකමාර් සරසවියේදී මට හමු වීද නැත. මා ජවිපෙ දේශපාලනයට පිළිපන්නේ ආනන්ද ඉඩමේගමගේ ආරාධනයෙනි. ඒ ගැන සටහන් කිරීමට මේ අවස්ථාවක් නොවූවද ඉඩමේගම මා හමුවීමට ත්‍රිකුණාමලයට එද්දී එම ප්‍රදේශය භාරව ඉන්දීය සාම සාධක හමුදාවට මුහුණ දෙමින් ජවිපෙට නායකත්වය දුන්නේ ප්‍රේමකුමාර් ගුණරත්නම්ය.

මේ අටුවා ටීකාව ලිව්වේ ප්‍රේමකුමාර ගුණරත්නම් කෙනෙකු ජවිපෙ නායකත්වයේ සිටිනු තබා දන්නේ හෝ හඳුනන්නේ නැතැයි එහි වත්මන් නායක අනුර කුමාර දිසානායක ප්‍රසිද්ධියේ ඇද බෑ මුසාව තහවුරු කරමින් පක්ෂයේ යාවජීව ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාද ඒ හරුපයම කියන්නට ගොස් හත් පොළේ ගාගෙන ඇති නිසාය. මා එසේ කියන්නේ මේ සමග පළවන සේයාරුව මගින් ඒ බව තහවුරු වන නිසාය.

ඉතිහාසයේ සාක්ෂි එතරම් ලෙහෙසියෙන් මකා දමන්නට නොහැකිය. ඒවා හොල්මන් කිරීම නවතන්නට ජගතෙක්ද නැත.

එවකට පාස්පෝට් නැතිව වල්ලමකින් මුහුදෙන් ඉංදියාව හරහා විදේශයට පළා ගොස් ජීවිතය බේරා ගත් සිරි අයියා සමග එක්ව සී සීකඩ විසිර ගොස් තිබූ පක්ෂය යළි එක්තැන් කරන්නට 1994ට පෙර කටයුතු කළ ප්‍රේමකුමාර්ගේ කාර්‍යභාරය නොවන්නට අද ඉන්නා නායකයන්ට සනීපෙට දේශපාලනය කරන්නට වැඩබිමක් ඉතිරි නොවනු ඇත.

ප්‍රේමකුමර් ගුණරත්නම් කෙනෙක් ගැන නොදන්නා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට වැඩි දුර විස්තර අවශ්‍ය නම් චංද්‍රිකා රජයේ ධීවර ඇමති ධූරය දැරූ චන්ද්‍රසේන විජේසිංහගේ මතකය හාරවුස්සන්නැයි ඉල්ලා සිටිමි. සුනාමි ව්‍යසනයෙන් පසු ජවිපෙ “රතු බලකාය” නැගෙනහිර ජනතාවට සහන සලසන්නට මඩකලපුවට ගිය මොහොතේ ධීවර අමාත්‍යාංශයේ කණ්ඩායම එහි ගිය විට පක්ෂය වෙනුවෙන් එම ව්‍යාපෘතියට නායකත්වය දුන් ගුණරත්නම්ට හිඳගන්නට ආසනය පවරා විජේසිංහ ඇමතිවරයා පසෙකට වූ බව ෆේස්බුක් කොමෙන්ට් එකකින් කියැවීමි. ඒ බව චන්ද්‍රසේන විජේසිංහට නම් මතක ඇතිවා නිසැකය. නැතත් එවකට ඇමති ලේකම් වූ වර්තමාන පාර්ලිමේන්තු මංත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සට නම් අමතක වෙන්නට විදිහක්ම නැත. මේ ගමන යන්නට ගුණරත්නම්ගේ මස්සිනාවූ, පාලිත මටද ආරාධනා කළද කිසියම් රාජකාරි කටයුත්තක සිර වුණ හෙයින් මට ඊට දායක වන්නට නොලබිණ. එසේ ගියා නම් මටද එහි සාක්ෂිකරුවකු වෙන්නට හැකියාව තිබිණ.

 

Top