Featured

රට පලමුවරට දෙකඩ වේ-රට බෙදන යොජනා මෙන්න

ඒකිය රටක් තුළ බලය බෙදීම අසාර්ථක බවත් අවශ්‍ය වන්නේ ෆෙඩරල් ක්‍රමයක් බව උතුරු පළාත් ,ප්‍රධාන අමාත්‍ය සි .වි විග්නේෂ්වරන් ප්‍රමුඛ බෙදුම්වාදීන් පෙන්වාදෙමින් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහා ඉදිරිපත් කර ඇති යෝජනාවලිය ලබන 12 වනදා උතුරු පළාත් සභාවේදී ඡන්ද විමසීමක් පවත්වා සම්මත කර ගැනීමෙන් පසු , පාර්ලිමේන්තුවේ පිහිටා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත භාර දීමට නියමිතයි .

ශ්‍රී ලංකාව ප්‍රාන්ත 02 ක් ලෙස වෙන්කල යුතු බව උතුරු පළාත් සභාව යෝජනා කර තිබේ. එහි උතුරු නැගෙනහිර මුස්ලිම් ස්වාධීන ඒකකයක් ලෙසත්, දකුණේ ජනතාවට ස්වාධීන ඒකකයක් ලෙසත් අනුමත කල යුතු බව සඳහන් කර, උතුරු පළාත් සභා‍‍ යෝජනාව ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන අවස්ථාවේදී, ඒ සඳහා වන යෝජනා ලෙස මෙම ප්‍රධාන කරුණු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් වෙත ඉදිරිපත් කර තිබේ.

* ඒකීය පාලනයක් වෙනුවට ෆෙඩරල් පාලන ක්‍රමයක් ක්‍රියාවට නැංවිය යුතුය.

* ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු තවත් පුද්ගලයෙකුට පහත් යැයි යන තත්වය වෙනස්කල යුතුය.

* සංඛ්‍යාවට අනුව මහජාතියක් ලෙස සිටිය යුතු ජනවර්ගයකට අනෙකුත් ජනවර්ගයන්ට වඩා වැඩි බලතල ලබානොදිය යුතුය.

* උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරන අවස්ථාවේදී, මුස්ලිම් ජනතාවට ස්වාධීන පළාත් පාලන ආයතන පිහිටුවිය යුතුය.

* මෙම ස්වාධීන පළාත් පාලන ආයතන වල තත්වය, පරිමානය සහ අධිකරණ බලය යනාදිය සම්බන්ධයෙන් දෙමළ සහ මුස්ලිම් නියෝජිතයින් සාකච්ඡා කර, තීරණය කරනු ඇත.

* භාෂා විවිධත්වය දෙමළ කතා කරන උතුරු නැගෙනහිර ප්‍රාන්තයේ, ප්‍රාන්ත පාර්ලිමේන්තුවකින් සමන්විත වේ.

* ඒ ආකාරයෙන්ම, වැඩපිළිවෙලක් සිංහල භාෂාව මගින් ප්‍රාන්තයක් වතුකරයේ දෙමළ ජනතාව වෙනුවෙන් සකස්කල යුතුය.

* බලය එක් ප්‍රජාවකට පමණක් සීමානොකර, සියළු ප්‍රජාවන්ට බෙදාහරින බවට පාර්ලිමේන්තුව තහවුරු කල යුතුය.

* උතුරු නැගෙනහිර ප්‍රාන්ත රජය, මුස්ලිම් ස්වාධීන පළාත් පාලන ආයතන, වතුකරයේ දෙමළ ජනතාව සඳහා වන ස්වාධීන පළාත් පාලන ආයතන යනාදියට හානියක් සිදුනොවන අන්දමින් මධ්‍යම ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සම්මත නීති පිළිබඳ ඒකක 03 අනුමත කරන තුරු, ක්‍රියාත්මක නොකල යුතුය.

* උතුරු නැගෙනහිර ප්‍රාන්ත රජය, උතුරු නැගෙනහිර ප්‍රාන්ත රජයේ පාර්ලිමේන්තුව, උතුරු නැගෙනහිර මුස්ලිම් පළාත් පාලන අයාතනය සහ වතුකර‍ය සඳහා වන පළාත් පාලන ආයතනය යනාදියට පූර්ණ බලතල බෙදාදිය යුතුය.

* දෙමළ කතා කරන ප්‍රාන්තයේ, මධ්‍යම රජය නියෝජනය කරන ආණ්ඩුකාරවරයෙකුට විධායක බලතල නොතිබිය යුතුය.

* ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව ලෙස සිංහල සහ දෙමළ යන භාෂාව තිබිය යුතුය.

* ඉංග්‍රීසි සබැඳි භාෂාවක් ලෙස තිබිය යුතුය. උතුරු නැගෙනහිර ප්‍රාන්තයන් හි සියළු කටයුතු සිංහල සහ ඉංග්‍රීසි පරිවර්තනය දෙමළෙන් තිබිය යුතුය.

* වතුකරයේ දෙමළ පළාත් පාලන ආයතනය හැර, ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශයන් හිද දෙමළ සහ ඉංග්‍රීසි පරිවර්තනය සිංහලෙන් තිබිය යුතුය.

* වතුකරයේ පළාත් පාලන ආයතනයේ කටයුතු දෙමළ භාෂාවෙන් හෝ සිංහල භාෂාවෙන් සිදුකල හැකිය. නමුත්, දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි පරිවර්තනය තිබිය යුතුය.

* උතුරු නැගෙනහිර ප්‍රාන්තය, මුස්ලිම් සහ වතුකරයේ පළාත් පාලන ආයතන ෆෙඩරල් හෝ ස්වයං පාලනයක් නොව, ෆෙඩරල් පාලන රජයක් ලෙස අනුමත කල යුතු යැයි උතුරු පළාත් සභා යෝජනාවේ සඳහන් කර ඇත.

යහපාලන බෙදුම්වාදීන් රට බෙදන හැටි…..

වරාය,ගුවන්,මුදල් බලතල ෆෙඩරල් ක්‍රමයට-රට පලමුවරට දෙකඩ වේ

Top