Featured

ටොයියන් කෑ ගැසු ඩුබායි ගිණුමේ හිමිකරු මෙන්න

ප්‍රභු පුතාගේ ඩො.මි. 650 ඩුබායි ගිණුම් වල් ඇති බව පවසමින් යහපාලන් ටොයියන් පසුගිය කාලසිමාවේ මාධ්‍ය හරහා කරනම් ගසමින් අවසානයේ සිරිසේනගේ විධායක බලයද රැගෙන (පොන්න) මංගල සමරවිර, රාජ්‍ය නොවන සංවිධානයක ඩොලර් ගිලින නීතිඥයෙකු  වන ජෙ.සි වැලිඅමුණ සමග ඩුබායි රටේ බැංකු පිරික්සිමෙන් පසුව මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු අනාවරණයක් නොකර ඇටි කෙහෙල් කෑ රිලවුන් මෙන් සිටිම සම්බන්ධයෙන් අප අදාළ තොරතුරු අස්ථානගත කර ඇති පුද්ගලයෙකු හරහා අදාළ ගිණුම සම්බන්ධයෙන් අනාවරණයක් සිදුකර ගැනිමට අප විශේෂ වාර්තාකරු සමත් ව තිබේ.

ඒ අනුව අදාල ඩො.මිලියන ගණනින් ඩුබායි ගිණුමේ හිමිකරු වන්නේ මෛත්‍රී පිළේ ගූ කන්නේකු වන පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆාගේ වන අතර අදාල ගිණුම සක්‍රිය කර ආරම්භ කර ඇත්තේ වත්මන් මුස්තාෆාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස පත්ව ඇත්තේ අංක එකේ වංචනිකයෙකු වන මොහොමඩ් රිස්වි ඉල්ලියාස් නොහොත් ඩිඩා බවද තහවුරු වි තිබේ.අදාළ ගිණුම මීට වසර 3කට පමණ පෙර සාදා ඇති අතර ආරම්භක තැන්පතුව වශයෙන් ඩොලර් මිලියන 700ක් තැන්පත් කර  ඇති බවද අනාවරණය වි තිබේ.

ෆයිසර්ගේ වංචනීක ක්‍රියාවන්ට කවදත් අංක එකෙන්ම දායකත්වයි දෙන මොහොමඩ් රිස්වි ඉල්ලියාස් නොහොත් ඩිඩා කොට්ටේ අක්කර 6.5ක ඉඩමක් මුස්ලිම් ජාතිකයෙකුට කූට ක්‍රමයෙකින් ෆයිසර් ලවා ලබාදිමට කටයුතු කර ඒ හරහා ලැබුනු මුදල් යොදවමින් මෙම ගිණුම ආරම්භ කර තිබේ.අදාල වංචනික ගණුදෙනුව සිදුව ඇත්තේද ඩුබයි වල බවද තහවුරු වි තිබේ.

ඩුබායි ගිය යහපාලන ගොන් නඩය ගිණුම් කිහිපයකම තොරතුරු රැගෙන ආ අතර එයින් එක් ගිණුමක ඩොලර් බිලියන 1.086 (රුපියල් කෝටි 14000 කට ආසන්න මුදලක්) ක්,තවත් ගිණුමක ඩොලර් බිලියන 1.8 (රුපියල් කෝටි 25000 කට ආසන්න මුදලක්) ක් තවත් එකක ඩොලර් මිලියන 500 ක්. ( රුපියල් 702,575,000) තිබුණු බව අනාවරණය වු අතර එයින් ෆයිසර් නමට ඇති ගිණුම වන්නේ ඩොලර් බිලියන 1.8 වන අතර අනිකුත් ගිණුම් දෙකද මුස්ලිම් ජාතිකයන් සතු බවද තහවුරු වි තිබේ.

රාජපක්ෂ පවුලේ රහස් ගිවිසුමක් ඩුබායි රටේ ඇති බවට එක්සත් ජාතික පක්ෂයේ මඩ කරි වෙබ් අඩවි හරහා ගෙන ගිය අසත්‍ය ප්‍රචාරයන් ජනතාව හමුවේ තහවුරු කිරිම සදහා එම ගිණුම් සම්බන්ධයෙන් සොයා බැලිමට යහපාලන ආණ්ඩුවේ ගූ කන්නේකු මෙන්ම නීති උපදේශකයෙකු ලෙස කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක ඩොලර් ගිලින නීතිඥයෙකු වන ජේ.සී වැලිඅමුණට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පුර්ණයෙන්ම පටහැගි වන ආකාරයට ඇටොර්නි බලපත්‍රයක් හරහා බලය පැවරිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ප්‍රභල කරුණක් වි ඇති අතර අදාළ ඇටොර්නි බලපත්‍රයේ සම්පුර්ණ කොපියක්ද මේ වනවිට අපහට ලැබි තිබේ.

 

 

 

 

 

අයි. එස්‌. අයි. එස්‌. (ISIS)ත්‍රස්‌තවාදී කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන්ට ශ්‍රී ලංකාවේ රැකවරණය ලබාදිමට කටයුතු කරන

ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ කොළඹ ආශ්‍රිතව දැවැන්ත ව්‍යාපාර මෙහෙයවන ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සිටින බව බුද්ධී අංශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ආරක්ෂක ප්‍රධානින් හමුවේ අනාවරණය කර තිබේන බවත් ISIS ත්‍රස්තවාදීන් යහපාලන අමාත්‍යවරුන් වන පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා සහ කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඩ් බදුයුදින් පවත්වන සබඳතාවයන් පිළිබඳව අප කල අනාවරණයන් ඊයේ පාර්ලිමේන්තුවේදි හොරාගේ අම්මාගේන් පෙන අසන්නා සේ පාර්ලි‌මේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් අප Lankanewsweb.today වෙබ් අඩවියේ නම පවසමින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කර සිටියා

 
ගිණුම අත්හිටුවන්නයි රජය ඉල්ලයි

අපිට මඩ ගහන්න කරන දෙයක්
නාමල් බීබීසීයට කියයි

පසුගිය ආණ්ඩුවේ සිටි ඉහළම දේශපාලන ප‍්‍රභුවරයකුගේ පුතෙක් විසින් ඩුබායි ඵ්ියරුුමැ ඊ්බන හි පවත්වාගෙන ගිය ඇමෙරිකන් ඩොලර් මිලියන 650ක බැංකු ගිණුම අත්හිටුවන ලෙසට ශ‍්‍රී ලංකා රජයෙන් කළ දැනුම් දීමකට අනුව ඊයේ (11* සිට ඩුබායි අධිකරණ කටයුතු ආරම්භ කර ඇත.

මෙම මුදල් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේ කෙරෙන විමර්ශන අනුව හෙළිදරව් වනු ඇත. නව රජය බලයට පත්වීමත් සමග සගවා ඇති කළු සල්ලි පිළිබඳව විමර්ශන ආරම්භවීමත් සමග මෙම බැංකු ගිණුමේ තිබූ මුදලින් කොටසක් වන ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක මුදලක් යුක්රේනයේ බැංකුවක් වෙත මාරුකර ඇතැයිද දැනගන්නට තිබේ.

මෙම මුදල් මාරු කිරීම ගෝලීය මුදල් විශුද්ධිකරණ පනතට අනුව නීත්‍යනුකූල නොවන බව බැංකුව විසින් එම දේශපාලන ප‍්‍රභුවරයාගේ පුතාට දැනුම් දී ඇත. ඇටර්නි බලපත‍්‍රයක් ඇතිව ඩුබායි ගිය ප‍්‍රභු පුතාගේ සහෝදරයෙක් මෙම ගනුදෙනුවට අදාළ කටයුතුවල නිරතව තිබේ. කෙසේ හෝ මෙම ගිණුම අත්හිටුවීමට අදාළව අවශ්‍ය කටයුතු ඩුබායි අධිකරණය විසින් ඉටුකරනු ඇති බව විදේශ සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර හිටපු ප‍්‍රභුවරයෙකුගේ පුත‍්‍රයෙකුට අයිති විදේශීය බැංකු ගිණුමක් අත්හිටුවීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට යන බවට පළ වී තිබූ මාධ්‍ය වාර්තාවලට ප‍්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.

‘‘මගේවත් මගේ සහෝදරයන්ගේවත් මගේ දෙමාපියන්ගේවත් කිසිම ගිණුමක් පිටරට නැහැ. අපිට තියෙන වත්කම් මැතිවරණ කොමසාරිස්වරයාටත් පාර්ලිමේන්තුවටත් හෙළි කරලා තියෙන්නේ. මේක ද්වේශ සහගත ලෙස අපිට මඩ ගහන්න කරන දෙයක්.’’ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා පැවසීය.

තව දුරටත් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා කියා සිටියේ ‘‘මැතිවරණ කාලේ අපිට රත්තරන් අශ්වයෝ හිටියා, හෙලිකොප්ටර් තිබුණා, ලම්බෝගිනි වාහන තිබ්බා. ඒවා එකක් වත් ඔප්පු කර ගන්න බැරි උනා. රටේ අපරාධ රැුල්ලක් යනවා. කාන්තාවන්, පොඩි ළමයි ඝාතනය වෙනවා. මේවා වසන් කර ගන්න පුළුවන් එකම ක‍්‍රමය තමයි රාජපක්ෂලා හොරු කියා කියා අපේ පස්සෙන් යන එක.’’

රජයට එල්ල කරන මෙම චෝදනාව රාජිත සේනාරත්න ඇමතිවරයා හමුවේ තැබූ විට ඔහු අභියෝග කර සිටියේ ඒ පිළිබඳව පරීක්ෂණ කරන ඇමරිකානු ආයතනයේ වාර්තා අනුව නීතිමය පියවර ගන්නා විට හැකි නම් ඒවා අසත්‍ය බවට ඔප්පු කර පෙන්න වන ලෙසයි.

Top