Featured

මෛත්‍රී මේ හදන්නේ අපිට පු… අරින්න

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය සහ එහි නායකත්වයන් අපකිර්තියට පත් කිරිමේ මෙහෙයුමක් ආරම්භ කර එති බවත් එය මේ වනවිට මතුපිටට පැමිණ ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සමාජිකයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.පාලිත තෙවරප්පෙරුම වැනි අයට පක්ෂ නායක,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවා ඇමතිකම් දිම ප්‍රතික්ෂ්ප කර තිබියදි අගමැතිවරයාගේ කිසිදු නිර්දේශයකින් තොරව ඇමතිකම් දිමත් මෙම මෙහෙයුමේම කොටසක් බවද ඔහු සදහන් කර තිබේ.

“හිටපු ජනාධිපතිවරයාගේ හමුදා අරක්ෂාව ඉවත් කරන්න අවශ්‍ය බව මුලින්ම තින්දු කරලා තිබුනේ ආරක්ෂක අමාත්‍ය(මෛත්‍රීපාල ) ආරක්ෂක ලේකම්වරයා විසින් පසුව සියලුම තින්දු අරගෙන ඊට පස්සේ කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේ දිලා කිව්වා පුලුවන් තරම් මේ හමුදාව ඉවත් කිරිම හරහා සිදුවන විවෙචන සාධාරණය කරන්න කියලා.ඒ අනුව අපේ ඇමතිවරුන් මන්ත්‍රිවරුන් පසුගිය දින කිහිපයම තුල යුධ හමුදාව ජනාධිපති ආරක්ෂාවෙන් ඉවත් කිරිම ගැන සාධාරණීකරණය කලා…අන්තිමට මොකද උනේ….රට හමුවේ අපේ ඇමතිවරුන්,මන්ත්‍රිවරුන් විතරක් නොවේ පක්ෂයත් ජනතාව හමුවේ අපකිතියට ලක්වුනා.”

“ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ගාල්ලේ මැයි දින්ය තියන්න ඔනෑ වුනාම ඔළු හොදන්න ගිය උන්ට ඇමතිකම් දෙනව… මනුෂ කියන්නේ  ජරා සතෙක්…සමහර විට කියන්න ඇති ඇමතිකමක් නොදුන්නොත් මම ගාල්ලේ හූ කියනවා කියල….මහින්ද මහත්තයාව විකුණලා ඔකුන් දේශපාලනයට එනකොට ඔය ටික වෙවි කියල අපි දැනගෙන හිටියා…දැන් සිරිසේන ජනාධිපතිවරයා ජනපතිකම  කරන්නේ රට ගැන හිතලා නෙවෙ..ශ්‍රිලනීපය ගැන හිතලා…මෙහෙම වැඩි දවසක් යන්න බෑ…”

“එජාප පක්ෂිකයන්ගේ,රටේ ජනතාවගේ බලාපොරොත්තුව ඉටුකිරිමට ඇති අවස්ථාව නැති කිරිම හරහා ජනාධිපතිවරයා මේ උත්සහ කරන්නේ අපිට පු…අරින්..එහෙම උනොත් අපි එකත් මුහුණ දෙන්න සුදානම් …හිතන්න එපා 2000 වගේ රනිල් මහත්තයා අකුලගෙන යයි කියලා..”

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාවට සිටින යුද හමුදා සෙබළුන් ඉවත් කර ඒ වෙනුවට පොලිස්‌ නිලධාරීන් යෙදවීමට පසුගියදා ආරක්‍ෂක අමාත්‍යාංශය ගත් තිරණය තමන් අත්හිටවු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දුරකතනයෙන් දැනුම් දි තිබේ.

තමාගේ ආරක්‍ෂාවට යොදා සිටින යුද හමුදා සෙබළුන් ඉවත් කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්හිටුවා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද තහවුරු කල අතර  ඒ අනුව තමාගේ ආරක්‍ෂාවට දැනට සිටින යුද හමුදා සෙබළුන් 103 දෙනා තවදුරටත් රාජකාරි කටයුතුවල නිරත වනු ඇතැයි ද ඔහු අවධාරණය කර තිබේ.

Top