Featured

රනිල්-මහින්ද රහස් සාකච්ඡාව ගැන සිරිසේන පරල වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චින සංචාරයට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග  පාර්ලිමේන්තු සංකීර්ණයේදී දෙවන මහ‍ලේ පිහිටි අගමැති කාර්යාලයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවි කරන ලද සාකච්ඡා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැඩි විමසිල්ලෙන් සිටින බව ජනාධිපති මන්දිර අපේ විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

අගමැතිවරයා අහ හිටපු ජනාධිපතිවරයා අතර පැය භාගයකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවලදි චිනය සමග ගණුදෙනු කිරිමේ ඇති වැදගත්කම සහ උපායශීලී ක්‍රමවේදයන් පිළිබඳවඩද සාකච්ඡාවට භාජනය වි තිබේ. සාකච්ඡා වලින් පසුව චින රජයේ නියෝජිතයන් කිහිප දෙනෙකුට හිටපු ජනාධිපතිවරයා දුරකතන ඇමතුම් කිහිපයක්ද රැගෙන ඇති අතර ඔහුන් සමගද විනාඩි කිහිපයක් සාකච්ඡා කර තිබේ.

පසුව අගමැතිවරයා චීන සංචාරය සදහා පිටත්ව ගිය අතර අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් දෙපාර්ශවයම නිහඩ පිළිවෙතක් අනුගමනය කිරිම හේතුවෙන් ජනාධිපතිවරයා දැඩි කනස්සලට පත්ව ඇති අතර මෛත්‍රීගේ කේවට්ටයන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිමට රනිල්-මහින්ද කුමන්ත්‍රණය කරන බවට කේළාම් කිමත් සමග අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් මෛත්‍රී කූපිත්ව ඇති අතර අදාල සාකච්ඡාව සම්බන්ධයෙන් වහාම තොරතුරු අනාවරණය කරන ලෙස බත් බැලයන්ට නියෝගයක්ද කර තිබේ.

 

Top