Breaking
25 Feb 2025, Tue

මෛත්‍රී කියන දෙවල් ගනන් ගන්න එපා -රනිල්ගෙන් අවවාදයක්

ජනාධිපතිවරයා කරන ප්‍රකාශයන් සම්බන්ධයෙන් කිසිදු අකාරයකින් සැලකිල්ලක් නොදක්වා …තම කටයුතු සුපුරුදු අයුරින් පවත්වගෙන යන ලෙසත්…ජනාධිපතිවරයා මේ දිනවල උත්සහ කරමින් සිටින්නේ ශ්‍රිලනිප නායකත්වය අරක්ෂා කර ගැනිමේ සටනක බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රනිල් පිළේ ප්‍රබලයන් සමග අද පැවති සාකච්ඡාවකදි අවධාරණය කල බව එම පිළේ ප්‍රභලයෙකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.

“තමා රටේ පොදු මහජනතාවට බරක්‌ වන අන්දමේ කිසිදු බද්දක්‌ පැනවිමට කිසිදු ආර්ථික විශේෂඥයකුට ඒ සඳහා ඉඩ නොතබන බවත් නැති බැරි දුප්පත් ජනතාවට පීඩාවන අන්දමේ ආර්ථික යෝජනා ගෙන එන ආර්ථික විශේෂඥයින්ට ගෙදර යන්නට කියනවා” බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාව හමුවේ කල ප්‍රකාශය හේතුවෙන් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම අමු අමුවේ උල්ලංඝනය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිළේ කණ්ඩායම අද වික්‍රමසිංහ මහතා හමුවිපෙන්වා දි තිබේ.

“මෛත්‍රීගේ ඉල්ලිම නිසා අවුරුද්දට කලින් කරන්න තිබුනු දෙවල් කල්දාන්න වුනා….දැන් මැයි පලමු වැනිදාට සෙනග ගෙන්න බැරි වෙයි කියලා බයවෙලා ජනතාව පිනවන්න ප්‍රකාශ කරනවා…..ඔවා හැමදාම කරන්න බෑ…”යනුවෙන්ද රනිල් පිළේ ප්‍රබලයා පවසා තිබේ.

මේ අතර ලබන මැයි මස 02 දා සිට වැඩි කිරීමට යෝජිත වූ වැට් බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් නවතා දැමීම නිසා මුදල් අමාත්‍යංශය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශාල අසීරුතාවයකට මුහුණ දී ඇතැයි එම ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මෙම වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදන හා අනිකුත් ලේඛණ සකස් කොට ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඔහු විදේශ ගතවීමට පෙර නිල වශයෙන් දන්වා යවා තිබේ. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාත්, මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍ය රවි කරුනාණායක  මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත සමුළුවට සහභාගි වීම සඳහා නිව්යෝක් නුවරට ගොස් ඇත.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.