Breaking
25 Feb 2025, Tue

බංග්ලාදේශ මහ බැංකුවෙන් ඩොලර් මිලියන 20 ක් හොරා කෑ ශාලිකා පෙරේරා,ජනාධිපති රහසේම හමුවෙලා

බංග්ලාදේශ මහ බැංකු පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළු වී ඇමෙරිකානු ඩොලර් කෝටි දෙකක මුදල(ඩොලර් මිලියන 20 ක්) ශාලිකා ෆවුන්ඩේෂන් සමාගමේ ගිණුමට සොරාගත් එම පදනමේ ප්‍රධානී ශාලිකා පෙරේරා මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණගැසී ඇති බව අප විශේෂ වාර්තාකරු අවරණය කළා.ඇය ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිවසේදී හමුවි සාකච්ඡා කර ඇති අතර එම හමුව සුදානම් කර දි ඇත්තේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසිනි.කෙසේවෙතත් අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් මේ වනතෙක් තොරතුරු අනාවරණය වි නෑ.

බංග්ලාදේශ මහ බැංකු පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළු වී ඇමෙරිකානු ඩොලර් කෝටි දෙකක මුදල ශාලිකා ෆවුන්ඩේෂන් සමාගමේ ගිණුමට ඒවා ඇත්තේ ජපන් ජාතික ව්‍යාපාරිකයකු බවට කරුණු අනාවරණය වන බවට රහස් පොලිසිය අධිකරණයට දැනුම් දි තිබු අතර මෙම මුදල ශාලිකා පදනමට ඒවා ඇත්තේ ජපන් ජාතික සසකයි තඩාසි (SASAKI THADASI) නම් අය බවත් ශාලිකා පෙරේරා නමැත්තිය විසින් රහස් පොලිසියට ප්‍රකාශයක් කරමින් 2014 කරුණාරත්න ලියනගේ නම් අයකු මාර්ගයෙන් තිස්සමහාරාම පදිංචි කලක් ජපානයේ සිටි ජයදේව නම් අයකු හඳුනා ගත් බවත් ඔහු විසින් ජපන් ජාතිකයා හඳුන්වා දුන් බවට අනාවරණය කර තිබේ.

ශාලිකා පෙරේරා මහත්මිය අනාවරණය කරන පරිදි අදාළ වීරප්පුලි මොහන්දිරම්ගේ ජයදේව නමැත්තා 2001 වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පොදුජන එක්සත් පෙරමුණේ මනාප අංක 10 යටතේ තරග වැදුන අතර එවකට පොදුජන එක්සත් පෙරමුණේ සභාපතිනිය ලෙස කටයුතු කළේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියම වේ.

බංගලාදේශයේ මහ බැංකු පරිගණක ජාලයට නීති විරෝධීව ඇතුළු වී අමෙරිකානු ඩොලර් කෝටි දෙකක් වංචා කළ බව කියන ශාලිකා ෆවුන්ඩේෂන් සමාගමේ අධ්‍යක්ෂවරිය විසින් පෑන් ඒෂියා බැංකුවට හඳුන්වා දෙනු ලැබූ පුද්ගලයකුගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කර තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත මිරායි සිටි ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ඩබ්ලිව්. එම්. ප්‍රියංකර ජයදේව නැමැත්තාගේ විදේශ ගමන් මෙලෙස තහනම් කෙරිණ.

නො.10/2, බෝගහවත්ත පාර, අත්තිඩිය, දෙහිවල ලිපිනයේ ශාලිකා ෆවුන්ඩේෂන් සමාගමක් පවත්වාගෙන ගොස් අඩු ආදායම්ලාභි පවුල්වලට ආධාර කිරීම සඳහා 2016/01/26 බම්බලපිටිය පෑන් ඒෂියා බැංකුවේ ගිණුමක් ආරම්භ කර ඇති බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

2016/02/04 දින ශාලිකා ස්විෆ්ට් පණිවිඩයක් යටතේ අමෙරිකානු ඩොලර් 19,999,977.50 ලැබී ඇති බවත් Rural Elecfrication Gradation Project jica loan, BD – P63 Dhaka – 1229 Bangaladesh නමින් ස්විෆ්ට් පණිවිඩයේ සඳහන්ව තිබූ බවට රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබිණ.

වීරප්පුලි මොහන්දිරම්ගේ ජයදේව ගැන විශේෂ අනාවරණයක් බලාපොරොත්තු වන්න 

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.