පසුගිය ජනාධිපතිවරණය පිටුපස ක‍්‍රියාත්මක වූ ඇමෙරිකානු සී අයි ඒ සංවිධානයටත්, බි‍්‍රතාන්‍ය රහස් ඔත්තු සේවයටත්, ඉන්දියානු රෝ සංවිධානයටත් එමෙන්ම මෙරට ඉන්නා දෙමළ ජාතිවාදීන්ට සහ එන් ජී ඕ නඩයටත් ඉටුකර ගැනීටම අවශ්‍යව තිබූ පරමාර්ථ දෙකක් තිබිණ.
එකක් නම් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ධුරයෙන් පහ කිරීමයි. අනික නම් මේ රටේ ජාතිකත්වය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දියකර විනාශ කරදැමීමයි.
මේ වන විට මේ දෙකම ඉටු වී තිබේ. දැන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ එක් පිරිසක් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති තනතුර දරණ කැබිනට්ටුවේ අමාත්‍ය තනතුරු දරමින් එජාපයේ කොටසක් බවට පත්ව ඇත. කැබිනට්ටු සාමූහික වගකීමට යටත්වන ඔවුන්ගෙන් එජාප ප‍්‍රතිපත්ති විනා ශ‍්‍රීලනිප ප‍්‍රතිපත්ති නියෝජනය නොවෙයි. කැබිනෙට්ටු රැස්වීම්වල මුලසුන හොබවන්නේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නොව සර්ව බලධාරී රනිල් වික‍්‍රමසිංහයි. නිමල් සිරිපාල ද සිල්වා නායකත්වය දරණ ශ‍්‍රී ලනිපය හැඳින්විය යුත්තේ ‘නපුංසක’ පක්‍ෂයක් ලෙසයි. මහ බැංකුව ඉදිරිපස උද්ඝෝෂණ පැවැත්වුවද ඔහු වෙතින් ශ‍්‍රී ලනිපයට ආවේණික වූ ජාතික ප‍්‍රතිපත්ති කිසිවක් ඉදිරිපත් නොවෙයි. මෝඞී අගමැති අභියස ස්ත්‍රෝත‍්‍ර ගායනා කළ නිමල් සිරිපාල මහතාට මෝඩිගේ රට බෙදන කතාවට එරෙහිව වචනයක් කීමට ඉන් පසුව හෝ නොහැකි විය. විග්නේෂ්වරන් දෙමළ සංහාර කතාව කියන විට ඊට අභියෝග කිරීමේ ශක්තියක් ඔහුට නොතිබිණ. අධිආරක්‍ෂිත කලාප වටා ඇති ඉඩම් (මේවායෙන් 90%ක් පසුගිය රජය විසින් හිමිකර දෙන ලදී) බෙදාදීම සඳහා මෛත‍්‍රී-රනිල්-චන්ද්‍රිකා යාපනයට ගිය විට රාජපක්‍ෂ රජය ඒ කටයුත්ත කළ සැටි මතක් කර දීමට නිමල් සිරිපාලට අමතක විය. අඩුතරමේ ජාතික ගීය දෙමළෙන් කීම ව්‍යවස්ථාව විරෝධී බව පෙන්වාදීමටවත් සිරිපාල ද සිල්වා මහතාට නොහැකි විය. අද නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරු රනිල් ළ`ගට යන්නේ ඔහුගේ පූර්ණ ආශිර්වාදය සමගයි. මේ තත්ත්වය ශ‍්‍රීලනිපයට ඡුන්දය දුන් ජනතාව විසින් ඉවසා සිටින්නක් නොවෙයි. පළාත් සභා, ප‍්‍රාදේශීය සභාවල ඉන්නා මන්ත‍්‍රීන් අද මහින්ද රාජපක්‍ෂ වටා රොක් වන්නේ සිය දැඩි විරෝධය පළකරනු පිණිසයි. මේ මගෝඩිකම් තවදුරටත් දැරිය නොහැකි ඔවුන් නිදහස් පක්‍ෂයෙන් කැඞී යෑමට තව වැඩි දවසක් ගත නොවනු ඇත. පළාත් සභා අහෝසි කිරීමෙන් එය වළක්වාලිය හැකි නොවෙයි.
මේ අනුව බලන විට දැනටම ශ‍්‍රීලනිපය තුන් කොටසකට බෙදී අවසානය. ශ‍්‍රීලනිප විනාශ කිරීමට කටයුතු කළ කුමන්ත‍්‍රණකරුවන්ගේ අභිලාෂය දැන් 100%ක් ඉටු වී තිබේ. මෙසේ ශ‍්‍රීලනිපය දියකර විනාශකර දැමීමෙන් ඇමෙරිකාව-ඉන්දියාව ප‍්‍රධාන කුමන්ත‍්‍රණකාර බලවේග අපේක්‍ෂා කරනු ලබන්නේ කුමක්ද?
මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහ කළද ශ‍්‍රීලනිපය තිබෙනතුරු ඒ පක්‍ෂය නියෝජනය කරන මෙරට ජාතික බලවේග හිස ඔසවා නැ`ගී සිටින බව ඔවුහූ දනිති. එසේ නම් මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහ කිරීම ප‍්‍රමාණවත් නොවෙයි. ජාතික ආණ්ඩුවක් අටවා ශ‍්‍රීලනිපය ඒ තුළට ගාල් කර එමඟින් ඒ පක්‍ෂය කඩාබිඳ විනාශ කර දැමීම සිය අභිමතාර්ථ සාධනය සඳහා අත්‍යාවශ්‍ය වේ.
ශ‍්‍රී ලනිපය ජාතික ආණ්ඩුව තුළට ගාල් කිරීමෙන් තවත් වැදගත් කාර්යයක් ඉටුකර ගත හැකිවනු ඇත. එනම් රනිල් වික‍්‍රමසිංහ මඟින් ඊළාමයට පාර කපන 13 වැනි සංශෝධනය ක‍්‍රියාවට න`ගන විට ඊට ශ‍්‍රීලනිපයද සම්මාදන් කරගත හැකි වේ. රටේ ප‍්‍රබල පක්‍ෂ දෙකම එකට අතගසා ඊළාමය පුදන විට ඊට කිසිවකුට විරුද්ධ විය හැකිද? ලංකාවේ ඇති ජනවාර්ගික ප‍්‍රශ්නය විසඳීමට නම් ප‍්‍රධාන පක්‍ෂ දෙක එකතු වී කටයුතු කළ යුතු යැයි මීට වසර කීපයකට පෙර පවසන ලද්දේ ලියම් ෆොක්ස් නැමැති බි‍්‍රතාන්‍ය විදේශ ඇමතිවරයායි. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයගත් විගස සොල්හයිම් කියා සිටියේ ජනවාර්ගික ප‍්‍රශ්නය දැන් විසඳී ඇති බවයි. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී දැන් අප කළ කටයුත්ත ඉටු වී හමාර යයි පවසා සිටියේ මේ අරුතෙනුයි. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කරන බව රනිල් වික‍්‍රමසිංහ මහතා පොරොන්දු වූයේ අද ඊයේ නොවෙයි. ඉඩම් බෙදා දීමට ගිය මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද ඒ පොරොන්දුව ප‍්‍රතිරාවය කරන සැටි අපි දුටුවෙමු. මේ කටහ`ඩවල් දෙකම පිටුපස ඇත්තේ රූකඩ නටවන්නාගේ කටහ`ඩ බව රහසක් නොවෙයි.
මෙහිදී පැන නැගෙන ඉතා වැදගත් ප‍්‍රශ්නයක් ඇතැයි මම සිතමි. ශ‍්‍රීලනිපය දියවී යෑම වැළැක්වීමට හෝ එය පුනරුත්ථාපනය කිරීමට හෝ තැත්කරන්නන් විසින් මේ ප‍්‍රශ්නයට පිළිතුරු සේවීම අනිවාර්ය වේ. ඒ ප‍්‍රශ්නය නම් ශ‍්‍රීලනිපය මෙවැනි ඉරණමකට ගොදුරු වූයේ ඇයිද යන්නයි. ශ‍්‍රීලනිපය මේ රටේ පසින් බිහි වූ මේ රටේ අතිමහත් බහුතරයේ ජාතිකත්වය නියෝජනය කරන පක්‍ෂය වේ. එවැනි පක්‍ෂයක් මෙවැනි ඉරණමකට ගොදුරු විය හැකිද?
රුක්‍ෂයක් මහ පොළොවෙහි මුල් අල්ලා වැඞී ඇත් නම් කුමන චණ්ඩ මාරුතයකට වුවද මුහුණ දීමේ ශක්තිය එය සතුව ඇති බව අපි දනිමු. චණ්ඩ මාරුතයට මුහුණ දිය නොහැක්කේ එසේ මුල් නොඇල්ලූ මතුපිට පාවෙන රුක්‍ෂයකටය. ශ‍්‍රීලනිපය අයත් වන්නේ මින් කුමන ගණයකටද?
මීට පසළොස් වසරකට පමණ පෙර වාර්ෂිකව පවත්වන බණ්ඩාරනායක අනුස්මරණ දේශනය පැවැත් වූ වේලෙහි මම මේ ප‍්‍රශ්නය වෙත එහි වූ පාක්‍ෂිකයන්ගේ අවධානයට යොමු කළෙමි. එහිදී මම මෙවැනි නිරීක්‍ෂණයක් ඉදිරිපත් කළෙමි. ‘‘මා දකින අයුරු ශ‍්‍රීලනිපය අද වන විට හිස නැති කවන්ධයක් බවට පත්ව තිබේ. ඒ විසල් කඳට අවශ්‍ය හිස නිර්මාණය කරගැනීමට ඒ පක්‍ෂය තවම සමත් වී නැත. ඒ හිස නිර්මාණය කරගැනීම වෙනුවට ඒ පක්‍ෂයේ නායකයන් මෙතෙක් කර ඇත්තේ ඊට මාක්ස්වාදී අස්ප හිස් හෝ ලිබරල්වාදී බූරු හිස් හයිකර ගැනීමට තැත් කිරීමයි. මේ අනුකාරක ම`ග අත්හැර තමන්ට සරිලන හිස නිර්මාණය කරගත නොහැකි වුව හොත් වැඩිකල් නොගොස් ඒ කවන්ධය දියවී යනු ඇත.’’
අද සිදුවෙමින් පවතින්නේ මා එදා පෙන්වා දුන් ඒ දෙය නොවේද? ශ‍්‍රීලනිපය නිර්මාතෘවරයා වූ බණ්ඩාරනායක මහතාට සිය පක්‍ෂයේ උපත පිළිබඳ අවබෝධයක් තිබිණ. මේ රටේ ජනතාවට ජාතික විඥාණයක් ලබාදීම සඳහා අනගාරික ධර්මපාලතුමා දියත් කළ ජාතික ව්‍යාපාරය සිය පක්‍ෂයට අවශ්‍ය පළමු බිජුවට රෝපණය කිරීමට සමත් වූ බව බණ්ඩාරනායක මහතා වටහා ගත්තේය. සිංහල මහ සභාව ආරම්භ කිරීමට බණ්ඩාරනායක මහතා මෙහෙය වන ලද්දේ ඒ අවබෝධයයි. සිය ජාතික ව්‍යාපාරය සාර්ථකවීමට නම් සිංහල ජනයා පළමුව එක් කළ යුතු බවත් සෙසු ජනවර්ග එකතු කළ හැක්කේ ඒ පළමු එක් කිරීම වටා බවත් බණ්ඩාරනායක මහතා අවබෝධ කරගෙන සිටියේය.
එහෙත් බණ්ඩාරනායක මහතා නොවටහා ගත් දේ නම් ඒ සිංහල ජාතිය හා අන් ජනවර්ග එක් කිරීම කුමන පදනමක් මත සිදු විය යුතු ද යන්නයි. ඔවුනොවුන් බැඳ තබන ප‍්‍රබල අධ්‍යාත්මික පදනමකින් තොරව හිස් සටන් පාඨ හෝ ප‍්‍රදර්ශනාංග එළිදැක්වීම මඟින් එය කළ හැකි නොවේ. ඔවුනොවුන් බැඳ තබන ඒ ප‍්‍රබල අධ්‍යාත්මික පදනම සපයනු ලබන්නේ ජාතියක් සතු සභ්‍යත්ව පදනම විසිනුයි. ඒ සභ්‍යවත්ව පදනම ඈත ඉතිහාසය වෙත දිවෙන පමණට ශක්ති සම්පන්න වෙයි.
මීට අදාළ ඉතා වැදගත්ම නිරීක්‍ෂණයක් මම මෑතකදී කියවීමි. ඒ නිරීක්‍ෂණය ඉදිරිපත් කර ඇත්තේ තායිලන්ත බුද්ධිමතකු විසිනුයි. (ටික කලකට පෙර බුද්ධදාස නැමැති මහ තෙරුන් විසින් එරට ආරම්භ කළ බෞද්ධ සමාජවාදය නැමැති ව්‍යාපාරයේ ප‍්‍රබල සාමාජිකයකු වූ ඒ බුද්ධිමතාගේ නම මට දැන් අමතකව ඇත.)
ඒ බුද්ධිමතාට අනුව විජාතිකම ග‍්‍රහණයෙන් මිඳුණු පසු සිය අතීත උරුමය – සභ්‍යත්වය වෙත ගොස් කාලානුරූප රාජ්‍යයක් බිහිකර ගැනීමේ ශක්තිය තිබූ රටවල් තුනක් දකුණු ආසියාවේ තිබිණ. ඒ රටවල් තුන නම් බුරුමය, කාමබෝජය සහ ලංකාවයි. බුරුමයේ විසූ යූ නූ නැමැති නායකයාට ඒ අනුව රාජ්‍යතන්ත‍්‍රයක් ගොඩනැ`ගා ගැනීමට හැකි විය. (දස වසක් පැවති ඒ රජය හමුදා කුමන්ත‍්‍රණයක් මඟින් විනාශ කරන ලදී)කාම්බෝජයේ වූ සිහනුක් කුමරුට ඒ අවස්ථාව ලබාගත නොහැකි විය. 56 සිදු වූ පෙරළියත් සමග එවැනි අතීත උරුමය – සභ්‍යත්වය මත පදනම් වූ රජයක් ඒ පෙරළිය මෙහෙය වූ බණ්ඩාරනායක මහතා අතින් ඉටුවනු ඇතැයි එරට ජනතාව බලාපොරොත්තු විය. එහෙත් බටහිර ලිබරල්වාදයෙන් හිස පුරවා ගත් බණ්ඩාරනායකට එය නොවැටහිණ.
මේ නිරීක්‍ෂණය බොහෝදුරට නිවැරදි යැයි මම සිතමි. ලිබරල්වාදයෙන් හිස පුරවාගත් බණ්ඩාරනායක මහතාට අනගාරික ධර්මපාලතුමා පාදා දුන් සභ්‍යත්ව පදනම මත නැගී සිට සිය ජාතික ව්‍යාපාරය ගොඩන`ගා ගත හැකි බව නොවැටහිණ.
බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසු ඒ පක්‍ෂයේ නායකත්වය අතට ගත් එකද නායකයකුට හෝ බණ්ඩාරනායක මහතා සතුව තිබූ අන්තර් ඥානයෙන් අංශුමාත‍්‍රයක්වත් නොතිබිණ. එපමණක් නොවෙයි. ඔවුන් 56 ජයග‍්‍රහණය දුටුවේ බණ්ඩාරනායකගේ අපූරු වික‍්‍රමයක් ලෙසයි. බණ්ඩාරනායක බලය ලබාගත්තේ රටවටා ගොස් පැය 24න් සිංහලය රාජ්‍ය භාෂාව කරන බවට පොරොන්දු වී සිංහල ජනයා රවටාය යන අව ඵෙතිහාසික දුර්මතයයි ඔවුන්ගේ මනස තුළ ද වූයේ. ඔවුන් අතරන් ප‍්‍රධාන තැනක් ගනු ලබන්නේ චන්ද්‍රිකා කුමාරතුංගයි. එතුමිය ඒ අතීත උරුමය – සභ්‍යත්ව පදනම දුටුවේ සිංහල ජාතිවාදයක් ලෙසයි. තාත්තාටත් අම්මාටත් වඩා ප‍්‍රගතිශීලී නායකිකාවක් යැයි උස්සා තැබූ ඈ ශ‍්‍රීලනිපය වනසාලීමට කටයුතු කෙරේ මහා විප්ලවයක් ඉටුකරන ලෙසයි. ඊට අවශ්‍ය අනුබලය බටහිර බලවේග සහ මෙරට ඉන්නා එන්.ජී. ඕ. නඩය විසින් නොමදව පසයන ලදී. ශ‍්‍රී ලනිපයේ ජාතික පදනම දෙදරවාලීමට කටයුතු කළ ප‍්‍රධාන නායිකාව චන්ද්‍රිකා කුමාරතුංග වේ.
ශ‍්‍රී ලනිපයට අවශ්‍යව තිබූ හිස – දර්ශනය චින්තනය ලබාදීමට මේ කිසිදු නායකයකුට නොහැකි වුවද ඒ කවන්ධය දිය වී යන්න නොදී ආරක්‍ෂා කරගැනීමට කැප වූ නායකයන් දෙදෙනකු ඔවුන් අතර සිටි බව මගේ වැටහීමයි. ඒ දෙදෙනා නම් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ මහින්ද රාජපක්‍ෂ මහතායි. ඔවුන් දෙදෙනාම අර සභ්‍යත්ව විඥානය උපතින්ම හිමිකරගෙන තිබිණ. එමෙන්ම අයෝමය පෞරුෂවලින්ද යුත්ත වූහ. ඔවුනට අපගේ ගෞරවය හිමිවිය යුතුයි.
ඔවුන් දෙදෙනාම අසමත් වූයේ සිය හද තුළ නිසඟව උපන් සභ්‍යත්ව විඥානය මනසින් දැක ඒ ඇසුරින් දර්ශනයක් චින්තනයක් බිහිකර ගැනීමටයි. ඊට හරස්ව සිටි ප‍්‍රධානම බාධකය ලෙස මා දකින්නේ ඔවුන් පුරෝහිතකමේ තබාගෙන සිටි ඊනියා උපදේශකයිනි. මැකෝලිසාමිගේ පරපුරෙන් පැවත එන මේ උපදේශකයෝ නිර්මාණ ශක්තියෙන් තොර යටත් විජිත මනසින් නොමිදුණු දීන අනුකාරකයෝ වෙති. අන්තර්ජාතික බුද්ධිමතුන් නීති විශාරදයන් ලෙස හඳුවන්වා ගත් මොවුන් සමත් වූයේ අර නායකයන්ට බලයේ සිටීමට අවශ්‍ය ව්‍යවස්ථාව පසයා දීමට හෝ ව්‍යවස්ථාව තුළින් රිංගා යන සැටි කියා දීමටයි. මෙහි අවසාන ප‍්‍රතිඵලය වූයේ කාලයාගේ ඇවෑමත් සමග ශ‍්‍රීලනිපය ද කෙසේ හෝ බලය ලබාගැනීම පරමාර්ථ කොට ගත් තුච්ඡු බලූපොරයක යෙදන තවත් එක් පක්‍ෂයක් බවට පත්වීමයි. සිංහල බෞද්ධකම ඔවුන්ට ලේබලයක් විය. නැති නම් සටන් පාඨයක් විය. බලය ලබාගැනීමට පිහිට වේ නම් ඒ සිංහල බෞද්ධ ලේබලය සටන් පාඨය නොමඳවම ප‍්‍රදර්ශනය කරන ලදී. බලය ලබාගැනීමට එය හරස් වේ නම් එය හකුලා ගන්නා ලදී. ඊට අලූත්ම නිදර්ශනය වත්මන් ජනාධිපති සිරිසේන මහතා සපයා ඇති බව මම දුටිමි. ‘තනි සිංහල බෞද්ධ පක්‍ෂයක් විදිහට මේ රටේ ආණ්ඩු බලය අල්ලා ගන්න බැහැ’ මේ එතුමා විසින් සිය පක්‍ෂ සංවිධායකවරුන් දී ඇති අවවාදයයි!
දීර්ඝ ඉතිහාසයක් සජීවි සභ්‍යත්වයක් ඇති රටකට ඒ සභ්‍යත්වය පදනම් කරගත් දේශපාලන දර්ශනයක් හා ආර්ථික සංස්කෘතික දර්ශනයක් නිර්මාණය කරගැනීම ලේසි පහසු වැඩක් නොවෙයි. වෙන රටකින් ආනයනය කළ මාක්ස්වාදයක් ලිබරල්වාදයක් පූට්ටු කිරීම වැනි ලේසි කටයුත්තක් නොවේ එය. ව්‍යවස්ථා ගැටගසා දීම වැනි හරඹයක් නොවේ එය. එවැන්නක් බිහිකර ගත හැක්කේ මේ රටේ වසන ජාතික මනසකින් යුතු බුද්ධිමතුන් සමග ගෙන යන මහා බුද්ධිමය සංවාදයක් ඇසුරෙනුයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එතෙක් මෙතෙක් එවැනි බුද්ධිමය සංවාදයක් මේ රට තුළ දියත් කර ඇද්ද? හින්දුත්වය මුල්කරගත් භාරතීය ජනතා පක්‍ෂය සිය න්‍යාය පත‍්‍රයේ ප‍්‍රමුඛ තැනක් එවැනි බුද්ධිමය සංවාදයට දෙන බව මම අසා ඇතිමි.
මෙහිදී තවත් අමතර කරුණක්ද සඳහන් කරනු වටනේ යැයි සිතමි.
දීර්ඝ ඉතිහාසයක් සජීවී සභ්‍යත්වයක් ඇති ජාතිකයකට සරිලන දේශපාලන දර්ශනය කුමක්ද යන්න අද පෙරඅපර දෙදිග බුද්ධිමතුන්ගේ විමසුමට ලක්ව තිබේ. මේ අරබයා ඉතා වැදගත් අදහස් ඔවුන් අතින් බිහිවෙමින් තිබේ. සැමූවෙල් හංටිටං විද්වතා විසින් සිය Clash of Civilization නැමැති ග‍්‍රන්ථයෙන් රටක සභ්‍යත්වය සතුව පවත්නා ශක්‍යතාවය අවධාරණය කර තිබේ. When China Rules the World නැමැති ග‍්‍රන්ථයේ කතුවරයා චීනය හඳුන්වාදී ඇත්තේ මාක්ස්වාදී රජයක්වත් ලිබරල්වාදී රජයක්වත් ලෙස නොව සභ්‍යත්වය පදනම් කරගත් Civilizational State ලෙසයි. හෙන්රි කීසින්ගර්ගේ New World Order නැමති ග‍්‍රන්ථයේ උපශීර්ෂ පාඨය වී ඇත්තේ National Character යන්නයි.
මේ ඛේදවාචකයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මුඳාගත හැකිද? හිස නැති කවන්ධය දියවී යාම වළක්වාගත හැකිද? මේ ප‍්‍රශ්නවලට පිළිතුරු මේ වසර අවසාන වන විට ලබාගත හැකි බව මගේ වැටහීමයි. ඒ පිළිතුරට අනුව කටයුතු කිරීමට මෙරට ජාතික බලවේග දැන් සිටම සූදානම් විය යුතුයි.
~~වෛද්‍ය ගුණදාස අමරසේකර විසිනි~~
හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com