Breaking
24 Feb 2025, Mon

මහින්ද යන තැන ජනතාව පොරකනවා -මෛත්‍රී යන තැන මැස්සෝ ඇහිරෙනවා -මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෛත්‍රීගේ තරම කියා දෙයි

අපේ හිටපු ජනාධිපතිතුමා යන තැන ජනතාව පිරෙනවා. රාජ්‍ය නායකයන් යන තැන මැස්සෝ ඇහිරෙනවා. ඒක අපට පේනවා.‘ යනුවෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අද මෛත්‍රීපාල සිරිසේනගේ තරම රටේ ජනතාව හමුවේ අනාවරණය කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ අරමුණෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධාන කළ කිරි අම්මාවරුන්ගේ දානයක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අද අලුයම පැවැත්විණි.

‘දැන් රටේ තිබෙන තත්ත්වය අපි අමුතුවෙන් කාටවත් පුන පුනා කියන්නට අවශ්‍ය නැහැ.
යම් යම් දෙනා පුවත්පත්වලට ප්‍රකාශ කර තිබුණා මේක අභයාරාමය නොවේ මහින්දාරාමය කියලා. සමහර පත්තරවල කාටුන් දානවා. මේ මාධ්‍යවේදීන්ට මම කියන්න ඕනෑ කාටුන් හරි මොනවා හරි දානකොට දැනුම්වත් වෙලා දාන්න කියා. ඊයේ පෙරේදා පත්තරයක කාටුන් එකක් තිබුණා මහින්ද රාජපක්ෂ මහතා බෝ මළුව අමදින ආකාරයට ඇඳලා. මේ ‍මාධ්‍යවේදීන් තේරුම් ගන්න ඕනෑ මෛත්‍රී වර්ණනාවේ තිබෙන්නේ බෝ මළුව අමදින්නෝ මෛත්‍රී බුදුන් දක්නෝ- විහාර මළු අමදින්නෝ මෛත්‍රී බුදුන් දක්නෝ කියලයි. ‍

ඒ නිසා මම ඒ අයට කියනවා කෝකටත් මෛත්‍රී වර්ණනාව කියවලා බලන්න. ඉතිහාසය කියවලා බලන්න. මේ රටේ රජවරු ආරක්ෂා කළේ, රජවරුන්ට පිහිට වුණේ, රජවරුන්ට සෙත් ශාන්ති කළේ විහාරස්ථානවලින්. මහා සංඝරත්නය තමයි රජවරුන්ට පිහිට වුණේ. ඊයේ පෙරේදා මගෙන් එක මාධ්‍යවේදිනියක් අහනවා ඔබවහන්සේ මහින්ද රාජපක්ෂ මහතාට ඇයි මෙතරම් සලකන්නේ කියලා. මම කිව්වා මේ රට ගොඩගත් පුද්ගලයා මහින්ද රාජපක්ෂ නිසයි මම එතුමට සලකන්නේ කියලා.  

අද මහින්ද රාජපක්ෂ මහතාට මම විතරක් නොවෙයි මුළු රටම ආශිර්වාද කරනවා. සුබපතනවා. මුළු රටම කම්පා වෙනවා අනේ දෙයියනේ මොකද වුණේ කියලා. සමහරු කියනවා ඡන්දය දුන්නේ පරාජය කරන්න නොවේ කියලා.    අද තිබෙන්නේ ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධය පමණයි. අපේ හිටපු ජනාධිපතිතුමා යන තැන ජනතාව පිරෙනවා. රාජ්‍ය නායකයන් යන තැන මැස්සෝ ඇහිරෙනවා. ඒක අපට පේනවා.‘

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.