Breaking
22 Feb 2025, Sat

පාස්කු ඝාතකයින්ගේ බොහෝ දේ හෙට හෙලිවනු ඇත! Sri Lanka’s Easter Bombings – Dispatches

2019 පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ කම්පන සහගත හෙළිදරව් කිරීම් හෙට (5) එක්සත් රාජධානියේ චැනල් – 4 ඔස්සේ විකාශය කිරීමට නියමිතයි. “Sri Lanka’s Easter Bombings – Dispatches” නමින් එම වැඩසටහන විකාශය කරන බවයි වාර්තා වන්නේ.රහස් හෙළිකරන්නන් කිහිප දෙනෙකු කල පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ සංවේදී තොරතුරු කොළඹ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවලට බෙදාගෙන තිබේන අතර ඒ හරහා මෙම වැඩසටහන නිර්මාණය වි ඇති බවයි.

චැනල් 4 නාලිකාව මීට පෙර ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් සතිවල  Sri Lanka’s Killing Fields නම් වාර්තාමය වීඩියෝවක් ද විකාශය කළේය.

මෙම වීඩියෝ පටය අගෝස්තු 15 වැනිදා විකාශය කිරීමට චැනල් 4 නාලිකාව සැලසුම් කර තිබුණද, රාජ්‍ය බුද්ධි සේවයේ ( SIS) ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සාලි සිය නීතිඥයන් මාර්ගයෙන් චැනල් 4 වෙත කළ පැහැදිලි කිරීමකට අනුව එදින එම වීඩියෝව විකාශය කිරීම නතර කළ බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

සිය නම භාවිත කරමින් සිදුකළ සිද්ධීන්වලට අදාළ කාලසීමාව තුළ තමන් ශ්‍රී ලංකාවේ රාජකාරියේ නිරත නොවූ බව සනාථ කෙරෙන ලිපි ලේඛන සහිතව මේජර් ජෙනරාල් සුරේෂ් සාලි විසින් චැනල් ෆෝ නාලිකාවට දැනුම් දී ඇති බවද වාර්තා වේ.කෙසේ වෙතත්, චැනල් – 4 වීඩියෝවේ මාතෘකාව වෙනස් කර එය හෙට විකාශය කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය සංචාරකයින් අට දෙනෙකු ඇතුළු පුද්ගලයින් 250කට වැඩි පිරිසකට මරු කැඳවූ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට රාජපක්ෂ පවුලට හිතවත් ශ‍්‍රී ලංකා නිලධාරීන් හවුල් වූ බව ප්‍රහාරයට පෙර මෙන්ම පසුවද හෙලි කලද රනිල් – රාජපක්ෂ ජුන්ටාව එම හෙලිකිරිම් මර්දණය කිරිමට නීතිය මෙන්ම ආරක්ෂක අංශද භාවිතා කලබව නොරහසකි.

එක්සත් රාජධානියේ චැනල් 4 නාලිකාවේ හෙට විකාශය වීමට වැඩසටහන හරහා රනිල් -රාජපක්ෂලා මෙන්ම ජ්‍යෙෂ්ඨ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වන සුරේෂ් සාලි ඇතුලු නිළධාරි කණ්ඩායම සහ ඉස්ලාමීය රාජ්‍යයට සම්බන්ධ බෝම්බකරුවන් අතර කුමන්ත්‍රණය මෙන්ම ඒ හරහා ශ්‍රී ලංකාව අස්ථාවර කර රාජපක්ෂලාට නැවත බලයට පැමිණීමට පහසුකම් සැලසීම අනාවරණය කරනු ඇත.

ප්‍රහාරය එල්ලකර දින 6කට පසුව “ගෝඨා,හේමසිරි ඩිල් එක කරලියට…. ප්‍රහාරය මතින් ගෝඨා ජනපති සටනට….” යනුවෙන් අප අනාවරණය කලේද පහත අයුරිනි!

ගෝඨා,හේමසිරි ඩිල් එක කරලියට…. ප්‍රහාරය මතින් ගෝඨා ජනපති සටනට….

 

Lankanewsweb.today වෙබ් අඩවිය හරහා අපකල සියලුම අනාවරණයන් පහතින් කියවිමට ඔබට හැකියාව ඇත.

රාජපක්ෂ ජුන්ටාව ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ අයින්ද්‍රීය කොටස්කරුවෙකි!! පාස්කු ප්‍රහාරය ගෝඨාව ගේන්න කළ කුමන්ත්‍රණයක්….

The Rajapaksa junta is an integral part of international terrorism! Easter attack is s conspiracy to bring Gota into power!

21 ප්‍රහාරය ගැන මම 5 වතාවක් ගමරාලට කිව්වා… “අන්තිමේ දී මට ඇප අරං දුන්නේ මහින්ද ” හිස්බුල්ලාගේ ඩොලර් ලක්ෂ ගණනක් එක දවසින් මාරූ කළා…

පාස්කූ ප්‍රහාරයෙ මහා මොළකරුවන් මෙන්න…. “සහරාන්” මුස්ලිම් අධිරාජ්‍ය අල්ලිරාජාගේ කුළී කරුවන්… සෞදි අරාබියේ කේබල් පණිවිඩයේ කී කතාව… CIA රහස් ඔත්තුකරුවෙකු කල අනාවරණය!

ගෝඨා වෙනුවෙන් බොරු කී අලි සබ්‍රිගේ ජනාධිපති නීතිඥ බලපත්‍රයට කෙලවෙන ලකුණු! සබ්‍රිගේ කතාවෙන් අනාවරණය වු ගෝඨාගේ පාස්කු ප්‍රහාරය… ඇමරිකාවටත් බොරු කල ගෝඨාගේ හොර වැඩ මෙන්න …

පාස්කු ප්‍රහාරයේ විමර්ශන වෙන පාරක! තවමත් නිදැල්ලේ සිටින පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන්ගේ හසුරුවන්නා….! චෙන්නායි හි සහරාන්ලා මරාගෙන මැරෙන්න පුරුදු වු හැටි!

පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් වෙනුවෙන් පෙනි සිටි කවුද මේ සබ්රි! සහරාන්ලා බේරාගන්න හැදු MLA,Whatsapp පණිවිඩයෙන් හෙලිවු රහස… හිජාස් හිස්බුල්ලා ඇත්තටම කවුද? ඇත්ත කිසිදා සැඟවීය නොහැක…..

පාස්කු ඝාතනයේ මහ මොළකරුවන් බේරන්න දගලන දිවයින! ඝාතකයන්ට සහයදුන් X21!

පාස්කු ප්‍රහාරයේ සාක්ෂී කිහිපයක් හදිසීයේ අතුරුදහන්! අධිකරණයට දිලත් නෑ!

තවත් අන්තවාදී ප්‍රහාරයකට රනිල්-රාජපක්ෂ කල්ලී හදයි! අන්තවාදීන්ට රාජ්‍ය අනුග්‍රහය!

ජාතික ආරක්ෂාව පරණ පාරෙම! පාස්කුවේ අදුරු මතකය සහ සොනීක්ගේ දෙවැනි ඉනීම!

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.