මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ නවගත්තේගම ප්‍රාදේශිය සභාවට වෙන් කර දී තිබූ රුපියල් ලක්ෂ පන්සීයක මුදල් ප්‍රතිපාදන යටතේ ආරම්භ කර තිබූ ව්‍යාපෘති විස්තර අඩංගු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායා රූපයක් ඇතුළත් කර ප්‍රදර්ශනය කර තිබූ දැවැන්ත ප්‍රමාණයේ ප්‍රදර්ශණ පුවරු හතරක් ඊ‍යේ අකිල විරාජ් කාරියවසම්ගේ මැර ආරක්ෂකයන් විසින් ඊයේ අලුයම විනාශකර දමා තිබේ.ලග එන මැතිවරණයෙදි ජනතා වරමින් යලිත් පාර්ලිමේතුවට එමට හැකියාවක් නොමැති අකිල මහින්ද රාජපක්ෂ සමයේ ඉදිකිරිම් සියල්ලම තමන්ගේ එවා මෙන් විවෘත කරමින් ඡන්ද හිඟා කමින් සිටින බව නොරහසකි.
නවගත්තේගම ප්‍රාදේශිය සභාවට පසු ගිය රජය විසින් මෙම මුදල් ප්‍රතිපාදන වෙන් කර දී තිබුනේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් ඉදිකිරීමට යෝජිත නව රංග ශාලාව, දිරිය පොල හා දැදුරු ඔය ව්‍යාපෘතිය සම්බන්ධව එම ව්‍යාපෘති වලට අදාල විස්තර ඇතුළත් ප්‍රදර්ශන පුවරුය.
මෙහිදී එම මුරකරු පවසා ඇත්තේ අදාල කණ්ඩායම ප්‍රාදේශිය සභාව ආසන්නයේ සවිකර තිබූ දැවැන්ත ප්‍රදර්ශන පුවරුවක් කඩන හඩ ඇසී එම ස්ථානයට ගමන් කර ඇති බවත්, එහිදි ඔහු අත තිබූ විදුලි පන්දම දල්වනවාත් සමග එම පිරිස පරුෂ වචනයෙන් බැන වැදී විදුලි පන්දම වහා නිවා දමන ලෙසට තර්ජනය කල බවයි.නමුත් තමන් එම ස්ථානයේ සිටි සියලු දෙනාම හොදින් හදුනාගත් බවද ඔහු පවසා තිබේ.
අදාල ප්‍රදර්ශන පුවරු විනාශ කිරීම සම්බන්ධව නවගත්තේගම ප්‍රාදේශිය සභාවේ සභාපති සිසිර කුමාර මහතා නවගත්තේගම පොලිසියට පැමිණිලි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍යයටද ප්‍රකාශයක් කර තිබේ.
“මේ ප්‍රදර්ශණ පුවරු දේශපාලන පුවරු නෙමෙයි. ඒ පුවරු පුර නැගුම ව්‍යාපෘතිය හා දැදුරු ඔය ව්‍යාපෘතිය සම්බන්ධව දාපු ඒවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබා දුන්න ව්‍යාපෘති සම්බන්ධවයි දාලා තිබුනෙ. ඒකට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාගෙත් වයඹ මහ ඇමති තුමාගෙත් හිටපු සිවිල් ගුවන්සේවා ඇමති පියංකර ජයරත්න මහතාගෙත් තව දේශපාලඥයන් කිහිප දෙනෙකුගෙත් රුව එකතු කරලා තිබුණා. පසුගිය 2014 වර්ෂය අවසානයේදී තමයි මේ පුවරු ඉදිකෙරුනෙ ඒවා ඉවත් නොකලේ අදාල ව්‍යාපෘති තමාත් අවසන් නැති නිසා. ඒ ව්‍යාපෘති තාමත් ඉදිවෙනවා. ඉතිං මේක විනාශ කලේ කාගේ උවමානාවෙන්ද එහෙමත් නැත්තනම් කාගෙ හරි අනුබල දීමකින්ද කියන්න අපි දන්නෙ නෑ. කව්රු කෙරුවත් මේවා අපි අනුමත කරන්නෙ නැති දේවල් යහපාලනය මේකද කියලා අපි ප්‍රශ්ණ කරනවා.”

Top