මහින්ද රාජපක්ෂ සන්ධාන මැතිවරණ සටන මෙහෙය විමට භාරගැනිමත්,මෛත්‍රීපාල සිරිසේන ඒ සදහා ඉඩ ලබාදිමත්  සමග එක්සත් ජාතික පක්ෂය තුල අර්බුද ගණනාවක්ම හටගෙන තිබේන බව වාර්තා වේ.එජාපයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරනයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළේ මහින්ද රාජපක්ෂ මැදමුලන සිට විශේෂ ප්‍රකාශය කරන තෙක්ම රනිල් මෛත්‍රී සම්බන්ධ කර ගැනිමට උත්සහ කළද එය අසාර්ථක වි ඇති බවයි.

මහින්දට සන්ධානය මෙහෙයවිමේ බලය ලබාදුන හොත් තමන්ට අගමැති කමට කෙසේවෙතත් පක්ෂ නායකත්වය ද අහිමිවිමේ අනතුරක් තිබේන බව රනිල් සිය කොකටත් තෛලය ලෙස පාවිච්චි කරන කොලුරෑන සමග ඊයේ රාත්‍රීයේ පැවති හමුවකදි පවසා තිබේ.
මහින්ද සම්බන්ධයෙන් මෛත්‍රී තුල පවතින අදහස නිවැරදිව දැන ගැනිම ඉතා අපහසු කාර්‍යයක් වි ඇති  බවත් අවසාන මොහොත දක්වා මෛත්‍රී පිළිබඳව අවිශ්වාසයඇතිකර ගැනිම මහින්ද කණ්ඩායමට වාසිදායක අන බවද රනිල් පෙන්වා දි තිබේ.
පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එන මැතිවණයෙන් තරග කිරීම සදහා සන්ධානයෙන් නාම යෝජනා දෙන හෝ නොදෙන බව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය සහ එජාපය දැනුවත් කරන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
මෙම ඉල්ලීම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන වෙත  අගමැති රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් මත රනිල්ගේ දුතයෙකු හරහා ඉදිරිපත් කර තිබේ.
Top